නාලන්දාව ජය ගනිද්දී තර්ස්ටන් – ලුම්බිණි තරගයේ ලකුණු සමවෙයි!

382

වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග දෙකක් අද (07) කොළඹ දී ක්‍රියාත්මක විය. එහි දී කොළඹ නාලන්දා විද්‍යාලය එක් තරගයකින් ජයගෙන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. අනෙක් එක්දින තරගයේ දී දෙපිළේම ක්‍රීඩකයින් කරට කර සටනක නියැලුණු අතර අවසානයේ තරගය නිමාවට පත්වූයේ ලකුණු සමවීමෙනි.

දඟපන්දු යවන්නෝ කළණ පෙරේරාගේ රැස් බාල කරයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට්

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය

මෙම තරගයට මුහුණ දීම සඳහා දුර කතර ගෙවාගෙන කොළඹ නාලන්දා විද්‍යාලයට පැමිණි මාතර සාන්ත තෝමස් කණ්ඩායමට අවසානයේ නැවත හැරී යන්නට වූයේ හිස් අතිනි. ඒ තරගයේ සත්කාරකත්වය ඉසිලූ නාලන්දා විද්‍යාලය මෙම තරගය කඩුලු 5කින් ජය ගත් නිසාවෙනි. තරගයේ කාසියේ වාසිය පවා නාලන්දා පිළ සතු වූ අතර ඔවුන්ගේ ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දීමට තෝමසුවන්ට සිදු විය. එහි දී මිහිසල් අමෝද විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කර ගත්ත ද අවසානයේ තෝමස් ඉනිම ලකුණු 165කට සීමා විය.

ඒ කණ්ඩායමේ අනෙක් පිතිකරුවන් දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට අපොහොසත් වූ බැවිනි. සැබවින්ම සත්කාරක නාලන්දා ක්‍රීඩකයින්ගේ පන්දු යැවීම හමුවේ බොහෝ සාන්ත තෝමස් පිතිකරුවන් අසීරුවට පත්වූ අතර ඔවුන්ට එරෙහිව ලකුණු ලබා ගැනීම පහසු නොවන බව පෙනෙන්නට තිබුණි. නාලන්දා විද්‍යාලය වෙනුවෙන් චමිඳු විජේසිංහ සහ දිනෙත් සමරවීර කඩුලු 3ක් බැගින් දවා ගනිද්දී ලක්ෂිත රසාංජන සහ රවීන් ද සිල්වා ප්‍රතිවාදීන්ගේ සෙසු කඩුලු 4 සමසේ බෙදා ගත්හ.

තෝමසුවන් ලබා දුන් මෙම පහසු ඉලක්කය පසුකර යාම සඳහා නාලන්දා පිතිකරුවන් වැය කළේ පන්දුවාර 41යි පන්දු 4ක් පමණි. එහි දී පන්දුවෙන් ද ඒ වන විටත් හොඳින් දස්කම් දක්වා සිටි ලක්ෂිත රසාංජන ලකුණු 48ක් රැස් කරමින් අර්ධ ශතකය පේන මානයේ දී දැවී ගිය අතර රවීන් ද සිල්වා නොදැවී ලකුණු 36ක් ලබාගෙන තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. අවිශ්ක පෙරේරා ලකුණු 34යි. පන්දු යැවීමේ දී ගිසන්තික ජයවීර සහ හිරූෂ ජිව්දිත් කඩුලු 2 බැගින් දවා ගත්හ. මෙම ජයත් සමඟින් නාලන්දා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූහ.

සාන්ත තෝමස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 165 (පන්දුවාර 49.1)

මිහිසල් අමෝද 50, ගිසන්තික ජයවීර 27, සචිර රශ්මික 22, චමිඳු විජේසිංහ 3/25, දිනෙත් සමරවීර 3/22, ලක්ෂිත රසාංජන 2/25, රවීන් ද සිල්වා 2/33.

නාලන්දා විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 166 (පන්දුවාර 41.4)

ලක්ෂිත රසාංජන 48, රවීන් ද සිල්වා 36*, අවිශ්ක පෙරේරා 34, රනිඳු ද සිල්වා 23, ගිසන්තික ජයවීර 2/18, හිරූෂ ජීව්දිත් 2/30.

අවස්ථා පැහැර හරින ක්‍රීඩකයින්ට මාලිංගගෙන් ටොක්කක්!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින තරගයත් ඊයේ (06) සෙන්චූරියන් හිදී නිමාවට පත්වූයේ ලකුණු 113ක නින්දා සහගත පරාජයක් ශ්‍රී

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගය ගැන එය නැරඹූ ප්‍රේක්ෂකයින් තවමත් කතා වෙනවා ඇත. ඒ තරගයේ හැරවුම් ලක්ෂය පිළිබඳවයි. අඩු ලකුණු තරග කවදත් උණුසුම් බව දේශීය පිටියේදීත් සනාථ කළ මෙම තරගය අවසන් වූයේ ලකුණු සම වීමෙනුයි. ඒ අනුව තරගය ඉදිරි දිනයක දී නැවත වරක් පැවැත්වීමට සංවිධායකයින් පියවර ගනු ඇත්තේ මෙය ඉදිරි වටයට පිවිසීමට කණ්ඩායමක් තෝරා ගන්නා පිළිමළුන් පිටුදැකීමේ (Knockout) තරගයක් වන බැවිනි.

අද උදෑසන ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ ලුම්බිණි විද්‍යාලයයි. ඒ අනුව ඔවුන් මුලින් පන්දුවට පහර දීම සඳහා සත්කාරක තර්ස්ටන් පිළට ඇරයුම් කරන ලදි. කෙසේ වෙතත් ලුම්බිණි පන්දු යැවීම හමුවේ තම විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දීම නිරුත්තර වූ තර්ස්ටන් ඉනිම ලකුණු 150කට සීමා විය. ඒ පන්දුවාර 42ක් තුල දීයි. තම ප්‍රතිවාදීන් මේ අයුරින් මට්ටු කිරීම වෙනුවෙන් රවිඳු රසන්ත කඩුලු 3ක් බිඳ හෙලද්දී ලුම්බිණි විද්‍යාලයේ තවත් පන්දු යවන්නන් තිදෙනෙක් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලූහ. තර්ස්ටන් ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා බවට පත්වූ රනේෂ් සිල්වා අර්ධ ශතකයක් රැස්කර ගත්තේය.

ඒ අනුව තරගයේ අඩක් නිමා වන විට බොහෝ දෙනා සිතුවේ ලුම්බිණි විද්‍යාලය පහසුවෙන් තරගය ජයගෙන ඉදිරි වටයට පිවිසෙනු ඇති බවයි. කෙසේ වෙතත් තමන් හොඳින් දන්නා තණතිල්ල මත දී සුපිරි පන්දු යැවීමක නිරත වූ යොහාන් ලියනගේ සහ බවන්ත ජයසිංහ කඩුලු 3 බැගින් බිඳ හෙළමින් ලුම්බිණි පිතිකරුවන්ගේ බලාපොරොත්තු බොඳ කරන්නට සමත් වූහ. අවසානයේ ලකුණු සමවී ඇති මොහොතක අවසන් ලුම්බිණි පිතිකරුවාත් ක්‍රීඩාගාරයට හරවා යැවූ තර්ස්ටන් විද්‍යාලය තරගය ලකුණු සමවීමෙන් නිමා කළහ. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකටම ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව තවදුරටත් ඉතිරි වී තිබේ.

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 150 (පන්දුවාර 41.5)

රනේශ් සිල්වා 51, රවිඳු රසන්ත 3/41, රවිශ්ක විජේසිරි 2/20 මල්ශාන් විජේසිරි 2/24, තරූෂ නිම්සර 2/27.

ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 150 (පන්දුවාර 48.2)

ඩිශාන් පෙරේරා 48, යොහාන් ලියනගේ 3/32, බවන්ත ජයසිංහ 3/45, චලක බණ්ඩාර 2/19.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<