සොනාල්, පවන් මහානාම ජයග්‍රහණය කරා මෙහෙයවයි

462

මහානාම විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය අතර වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද තරගයක් අද (27) ක්‍රියාත්මක වූ අතර එම තරගයෙන් ලකුණු 283ක දැවැන්ත ජයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය.

වේල්ස් කුමරුවන් අර්ධ අවසන් පූර්ව වටයට රැගෙන ගිය කාසියේ වාසිය

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (26) ක්‍රියාත්මක වූ අතර සීමිත පන්දුවාර සුපිරි…

කොළඹ කොල්ට්ස් පිටියේ දී අවසන් වූ මෙම තරගයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භ වන විට මහානාම විද්‍යාලය කඩුලු 8ක් දැවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 176ක්.

වමතින් පිතිකරණයේ නිරත වන සොනාල් දිනූෂ මහානාම ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. අවසානයේ මහානාම පළමු ඉනිම ලකුණු 183කට සීමා විය.

පන්දු යැවීමේ දී ලුම්බිණි විද්‍යාලයේ සසික චන්දිර හා විමුක්ති කුලතුංග කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි. අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් සාර්ථකව ලකුණු අතරට පිවිසීමට ඔවුන්ගේ පිතිකරුවන් අපොහොසත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සහ මහානාම විද්‍යාලයේ දක්ෂ පන්දු යැවීම නිසාවෙන් ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම ලකුණු 51කට සීමා විය. පන්දු යැවීමේ දී හෂාන් සංදීප කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වද්දී හේෂාන් හෙට්ටිආරච්චි කඩුලු 3ක් දවා ගන්නා ලදි.

දුලිත් – දිල්මිනගේ වික්‍රමයෙන් සාන්ත තෝමස් විද්‍යාලය අවසන් හතරට

සාන්ත තෝමස් විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය අතර අද (25) පැවැත්වූ වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරගය…

මහානාම විද්‍යාල දෙවන ඉනිමේ ලකුණු පුවරුව වර්ධනය කළ පවන් රත්නායක (73*) හා සොනාල් දිනූෂ (50) අර්ධ ශතක ලබා ගත්හ. සොනාල් දිනූෂ මේ තරගය තුළ ලබාගත් දෙවන අර්ධ ශතකය මෙයයි.

කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබාගත් මහානාම විද්‍යාලය සිය දෙවන ඉනිම අත්හිට වූයේ ලකුණු 338 ජයග්‍රාහී ඉලක්කයක් ලුම්බිණි විද්‍යාලයට ලබා දෙමිනි. අමිත දාබරේ කඩුලු 5යි. නමුත් හෂාන් සංදීප ඇතුළු මහානාම ක්‍රීඩකයින් ලුම්බිණි විද්‍යාලයට තිබූ සිහිනය සිහිනයක්ම කරමින් ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම ලකුණු 50කට සීමා කළේ මහානාම විද්‍යාලයට ලකුණු 283ක දැවැන්ත ජයක් හිමි කර දෙමිනි.

මහානාම විද්‍යාලය – 183 (57.4): සොනාල් දිනූෂ 53*, බිෂාන් මෙන්ඩිස් 23, විනුක රුබසිංහ 22, පසිඳු ජනරංජන 21, සසික චන්දිර 3/33, විමුක්ති කුලතුංග  3/62, ප්‍රභාත් මදුසංක 2/28.

ලුම්බිණි විද්‍යාලය –  55 (17.5): හෂාන් සංදීප 4/15, හේෂාන් හෙට්ටිආරච්චි 3/25, පසිඳු ජනරංජන 2/15.

මහානාම විද්‍යාල දෙවන ඉනිම – 205/5d (56): පවන් රත්නායක 73*, සොනාල් දිනුෂ 50*, හේෂාන් හෙට්ටිආරච්චි 26, විනුක රූබසිංහ 21, අමිත දාබරේ  5/77.

ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම – 50 (16.3): හෂාන් සංදීප 5/17, ලහිරු විතාන 3/03.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<