පසුගිය වසරේ දී හොංකොං සහ චීන තායිපේ යන රටවල් වල දී පැවති වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික ආසියානු කුසලාන රග්බි තරග මාලාවේ දී ශ්‍රී ලංකාව ශූරතාවය දිනා ගත් අතර, ඒ නිසාවෙන් මෙවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇත. ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගී වන්නේ පළමු වරටයි. තරගාවලිය ජුලි 17 සිට 23 දක්වා බහාමාස් හිදී පැවැත්වේ.

පාසල් රග්බි පිටියේ පළමු වටය අවසන්!

අන්තර් පාසල් ලීග් රග්බි තරඟ මාලාවේ සත්වන සතිය මෙන්ම පළමු වටය ඊයේ දිනයේ දී නිමාවට පත් විය. ඊයේ (08) දින තීරණාත්මක තරඟ 3ක් පැවති…

කෙසේ වෙතත් පසුගිය වසරේ එම ජයග්‍රාහි කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම ඉතා අවාසනාවන්ත තත්වයකට මුහුණදීමට සිදුව ඇත. එය නම් මෙවර බහමාස් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහි ගොස් තිබීමයි. ඊට හේතුව නම් මෙම තරගාවලිය පැවැත්වෙන කාල සීමාව වන විට ඔවුන්ගේ වයස අවුරුදු 18 ඉක්මවා යන බැවිනි.

මෙම තරගාවලියට ආසියාව නියෝජනය කරමින් සහභාගී වන්නේ ශ්‍රී ලංකාව පමණයි. ඒ අතරතුර ෆීජී, ඕස්ට්‍රේලියාව සහ තවත් ප්‍රබල රටවල් කිහිපයක්ම මෙම කාණ්ඩය යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් තරගාවලියට සහභාගී වීමට නියමිතය.

මෙම තරග මාලාවට අදාලව පැවැත්වීමට නියමිත පුහුණුවීම් කටයුතු  ශ්‍රී ලංකා රග්බි සංගමය, ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පාසල් රග්බි සංගමය එක්ව සංවිධානය කරනු ලබයි. සිංගර් රග්බි ලීගයේ දෙවන වටයේ තරග වලට සහ මයිලෝ පිළිමලුන් පිටුදැකීමේ තරගමාලාවට බලපෑමක් නොවන ආකාරයට එම කටයුතු සංවිධානය කෙරේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් තරගාවලියට අදාලව පෙර පුහුණුවීමේ තරග හෙට (20) කොළඹ තුරඟ තරග පිටියේ දී උදෑසන 8 සිට පැවැත්වේ.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට