18න් පහළ ක්‍රීඩකයින් යොවුන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට

220
Sri Lankan Athletes

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොවුන් ඔලිම්පික් උළෙලේ ආසියානු තේරීම් තරගවලට සහභාගී වීම උදෙසා දිවයිනෙන් පිටත්ව ගිය අතර තරගාවලිය තායිලන්තයේ දී ජූලි 3 සිට 5 දක්වා පැවැත්වේ.

වලල ඒ රත්නායක, සාන්ත පීතර සමස්ත ශූරතා දිනති

වාර්ෂික සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවලිය අද (26) බදුල්ල වින්සන්ට්..

වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන ඔක්තෝබර් 6 සිට 14 දක්වා ආර්ජෙන්ටිනාවේ බුවනොස්අයර්ස් හි පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ වරම් හිමි වන අතර ආසියානු කලාපයෙන් බාලක තරගකරුවන් 57ක් හා බාලිකා තරගකරුවන් 32ක් ඇතුළු මුළු තරගකරුවන් 89ක් එම තරගාවලියට එක්වනු ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් මුලදී නම් කළත් පසුව සාන්ත බෙනඩික්ට් ක්‍රීඩක ශාලික සංතුෂ් කණ්ඩායමට ඇතුළු නොකිරීමට ඔවුන් තීරණය කළේය. ශාලික IAAF යොවුන් ලෝක ශූරතා තරගාවලියේ විශිෂ්ට දක්ෂතා පෙන්වූ අතර අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමිකර ගැනීමට ඔහු සමත් විය. කෙසේ වුනත් ආබාධයක් හේතුවෙන් ඔහු මෑත කාලීන තරගාවලි කිහිපයකටම සහභාගී නොවූ අතර පසුගිය මස 18 වැනිදා ඔහුට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සඳහා සහභාගී වීමට නියමිතව තිබුණි. ශාලික සංතුෂ් ආබාධයෙන් නම් සම්පූර්ණයෙන්ම සුව වී තිබුනත් අපේක්ෂිත කාලය ගණනයට ළඟා විය නොහැකි වූ නිසා ඔහුට මෙවර යොවුන් ඔලිම්පික් වරම් අහිමි වනු ඇත.  

ශ්‍රී ලංකා කණ්ඩායම බාලක ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ. රාජකීය විද්‍යාලයේ සෙනිරු අමරසිංහ (උස පැනීම), සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දිලාන් බෝගොඩ (400m) හා සාන්ත පීතර විද්‍යාලයේ දෙනෙත් සේනානායක (200m) ඒ අතර වේ. බාලිකා තරගකරුවන් සිව් දෙනෙකු සංචිතයට ඇතුලත් අතර ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශෙලීන්ඩා ජැන්සන් (200m), වලල ඒ රත්නායක විද්‍යාලයේ සමුදිකා හේරත් (800m) හා කුලියාපිටිය මාධ්‍ය විද්‍යාලයේ අස්මිකා හේරත් හා පාරමී වසන්ති (බාධක දිවීම) ඒ අතර වේ.

උස පනින ක්‍රීඩක සෙනිරු අමරසිංහ (ආසියාවේ 3 වන ස්ථානය), මීටර 400 ධාවක දිලාන් බෝගොඩ (ආසියාවේ 1 වන ස්ථානය), ශේලින්ඩා ජැන්සන් (ආසියාවේ 4 වන ස්ථානය) මේ වන විට යොවුන් ඔලිම්පික් ආසියානු නියෝජනය තුල සිටින අතර ඔවුන් සිය ස්ථානය තහවුරු කරගැනීමේ අරමුණින් තරග වදිනු ඇත. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 300 බාධක දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත් පාරමී වසන්ති හා ඇගේ පාසලේම අස්මිකා හේරත් යොවුන් ඔලිම්පික් උළෙලේ සිය ස්ථානය උදෙසා තරග වදිනු ඇත.  

ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි වේ

බාලක

  • සෙනිරු අමරසිංහ – උස පැනීම (රාජකීය විද්‍යාලය)
  • දිලාන් බෝගොඩ – 400m (ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය)
  • දෙනෙත් සේනානායක – 200m (ශාන්ත පීතර විද්‍යාලය)

බාලිකා

  • ශේලින්ඩා ජැන්සන් –  200m (ගේට්වේ විද්‍යාලය)
  • සමුදිකා  හේරත් – 1500m (වලල ඒ රත්නායක විද්‍යාලය)
  • පාරමී වසන්ති – 2000m බාධක දිවීම (කුලියාපිටිය මාධ්‍ය විද්‍යාලය)
  • අස්මිකා හේරත් – 2000m බාධක දිවීම (කුලියාපිටිය මාධ්‍ය විද්‍යාලය)

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට