නේපාලයට අභියෝග කරන්නට පාපන්දු පොඩ්ඩෝ කත්මණ්ඩු යයි

85

දකුණු ආසියානු 18න් පහළ පාපන්දු තරගාවලිය අද (20) නේපාලයේ කත්මණ්ඩු හිදී ආරම්භ විය. තරගාවලිය සැප්තැම්බර් මස 20 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 18 වැනිදා එරටට ළඟා විය. 

SAFF පාපන්දුව මෙරටට අකැපද?

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික විධායක කමිටු රැස්වීම ඊයේ (17) මැලේසියාවේ…

කාණ්ඩ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හා ඉන්දියාව සමඟින් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පසුගිය ජූලි මස 10 හා 11 වන දින කොළඹ හා පිට පළාත් ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා තේරීම් තරග පැවැත්වූ අතර එහි දී තෝරා ගත් ක්‍රීඩකයන් 30 දෙනෙකු මාස කීපයක් පුහුණු කිරීමෙන් අනතුරුව තරගාවලිය සඳහා සහභාගි වන 20 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කළේය. 

එම ක්‍රීඩකයන් දිවයින පුරා සියලු පළාත් නියෝජනය කරන අතර කණ්ඩායම් නායකත්වය ශෙනාල් සංදේශ්ට හිමිව ඇති අතර උපනායකත්වය හිමිව ඇත්තේ මොහොමඩ් මුශ්ෆීර් ටය.

සතෙකුගේ මුත්‍රාශයකින් හැදු රග්බි පන්දුව ආපු දුරක්

රග්බි ලෝක කුසලානය මෙන්ම රග්බි ක්‍රීඩාව ගැන ද මතක් කළ සැණින් ඔබට සිහිවන නාමයක් “ගිල්බර්ට්” (Gilbert). ඔබ ..

තරගාවලි කාලසටහන 

දිනය වේලාව  තරගය
සැප්තැම්බර් 20 11.15 නේපාලය හා පාකිස්තානය 
සැප්තැම්බර් 20 15.15 භූතානය හා මාලදිවයින 
සැප්තැම්බර් 21 15.15 ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය 
සැප්තැම්බර් 22 11.15 පාකිස්තානය හා භූතානය 
සැප්තැම්බර් 22 15.15 මාලදිවයින හා නේපාලය 
සැප්තැම්බර් 23 15.15 ඉන්දියාව හා ශ්‍රී ලංකාව
සැප්තැම්බර් 24 11.15 මාලදිවයින හා පාකිස්තානය 
සැප්තැම්බර් 24 15.15 නේපාලය හා භූතානය 
සැප්තැම්බර් 25 15.15 බංග්ලාදේශය හා ඉන්දියාව 
සැප්තැම්බර් 27 10.45 A කාණ්ඩයේ ප්‍රථමයා හා B කාණ්ඩයේ දෙවැනියා
සැප්තැම්බර් 27 14.45 B කාණ්ඩයේ ප්‍රථමයා හා A කාණ්ඩයේ දෙවැනියා
සැප්තැම්බර් 29 10.45 තුන්වන ස්ථානය සඳහා වන තරගය
සැප්තැම්බර් 29 14.45 අවසන් තරගය

 

SAFF පාපන්දුව මෙරටට අකැපද?

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික විධායක කමිටු රැස්වීම ඊයේ (17) මැලේසියාවේ ක්වාලාලම්පුර් අගනුවර වෙස්ට්ලින් හෝටල් පරිශ්‍රය කේන්ද්‍ර…

සමූහ ඡායාරූපයේ සිටින කණ්ඩායම:

ඉදිරිපෙළ වමේ සිට 

එස්. එන්. පී. කේ. සිල්වා (භෞත චිකිත්සක), මොහාන් හිල්රේ (කළමනාකරු), ශෙනාල් සංදේශ් (නායක), සුමේධ අබයංග (කණ්ඩායම් නිලධාරී), අනුර ද සිල්වා (ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති), ජස්වර් උමාර් (ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ප්‍රධාන ලේකම්), එම්. එම්. අමානුල්ලා (පුහුණුකරු), ඉසුරු උදිත පෙරේරා (සහය පුහුණුකරු), සමන් ප්‍රියන්ත (ගෝල රකින පුහුණුකරු)

මැදපෙළ වමේ සිට

එම්. එස්. එම්. ශකීර්, එම්. එම්. එම්. මුශ්ෆීර් (උප නායක), ගයාත් රාජපක්ෂ, හසික නවීද, පී. රෙක්සන්, ගිහාන් සන්දීප, කේ. තේනුශාන්, අවිශ්ක දේශාන්, අබ්දුල් බාසිත්, එම්. එම්. මුර්සිත්ො

පසුපෙළ වමේ සිට 

තලාල් ශිහාබ්, එම්. එන්. එම්. සාජිඩ්, එම්. එන්. එම්. රිකාස්, රුමී රාසා, එම්. පිරාසාන්ත්, ශිශාන් ප්‍රබුද්ධ, එම්. එස්. එම්. කුර්ශීත්, රෙහාන් බ්‍රයන්, අයි. එම්. ශෆ්‍රාන්

මෙම තරගාවලිය මීට පෙර 2015 හා 2017 වසරවල දී පැවති අතර එම තරගාවලිවල ශූරතාවය දිනා ගැනීමට නේපාලය සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ.

තුන්වැනි දකුණු ආසියානු 18න් පහළ පාපන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්.‍ රැදී සිටින්න ThePapare.com සමඟින්. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<