නව නායකත්වයක් සහිත තරුණයෝ ලොක්කන් මුණගැසෙයි

85

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසුව පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලාහෝර් ක්‍රිකට් පිටියේ දී හෙටින් (26) ආරම්භ වේ.

තරග ජය අහිමි වුවද ශෙහාන් – දසුන් අතරේ වාර්තාගත සබඳතාවයක්!

මුල්පෙළ පිතිකරුවන් පස් දෙනෙකු ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන්ම බිඳ

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු කණ්ඩායම සමඟින් පැවැත්වූ එක්දින තරග 3න් 2ක්ම පරාජයට පත්ව මෙම තරගාවලියට අවතීර්ණ වුවත්, අත්දැකීම් අඩු තරුණ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් අභියෝගය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් ලෙස සතුටට පත්වීමට අපට හැකිය. 

මුහුණට මුහුණ

2007 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරග 18කට ක්‍රීඩා කර ඇති අතර එයින් තරග 13ක ජය පාකිස්තානු කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දැනට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 6ක් පවත්වා ඇති අතර, එයින් තරගාවලි 5ක ජය පාකිස්තානුවන් සතු වන විට, ශ්‍රී ලංකාවට එක් තරගාවලි හෝ ජයග්‍රහණය කිරීමට නොහැකිව ඇත. එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

පාකිස්තානයේ දී විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් තුල ශ්‍රී ලංකාව හා පාකිස්තානය උරෙනුර ගැටෙන පළමු අවස්ථාව මෙය වන නිසා මෙම තරගාවලිය ලොවකගේ ආකර්ෂණය දිනා ගනු නිසැකය.

දෙපිලේම ප්‍රහාරත්මක තරු

දනුෂ්ක ගුණතිලක

Danushka Gunathilakeඑක්දින තරගාවලියේ අවසන් තරගයේ දී ලබාගත් සුපිරි ශතකයත් සමඟ දනුෂ්ක ගුණතිලක නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණ තිබෙන බවට ඉතාමත් හොඳ සාධකයක්. 

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාව ඉටු කරනු ලබන ඔහු පාකිස්තානු එක්දින පන්දු යවන්නන්ට එදිරිව විස්සයි විස්ස තරග 3කට ක්‍රීඩා කර තිබෙන අතර එහි දී ලකුණු 78ක් රැස්කරගෙන සිටින්නේ එක් අර්ධ ශතකයක් ද වාර්තා කරගෙනයි. ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස තරග 16කට සහභාගි වී ලකුණු 340ක් ලබාගෙන ඇත්තේ 124.54කට ආසන්න ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.

සෆ්රාස් අහමඩ්

පාකිස්තානු කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල ප්‍රබල තරුවක් වන සෆ්රාස් අහමඩ් ඉතාමත් ජවසම්පන්න ප්‍රහාරවලින් ද සපිරි පිතිකරුවෙකි. 

කඩුලු රැකීමේ වගකීමට අමතරව නායකත්වයේ  වගකීම ද දරණ සෆ්රාස් ශ්‍රී ලංකා විස්සයි විස්ස පන්දු යවන්නන්ට එදිරිව තරග 4ක් සඳහා ක්‍රීඩා කර සිය දස්කම් ප්‍රදර්ශනය කර ඇත. එහි දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 66ක් ලබාගෙන ඇති සෆ්රාස් ශතක හෝ අර්ධ ශතක ලබාගෙන නැත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 33ක් වන අතර, ප්‍රහාරාත්මක වේගය 124.52ක් වැනි හොඳ මට්ටමක තිබේ.

ශෙහාන් ජයසූරිය

නිමා වූ එක්දින තරගාවලිය තුළ දී ද දස්කම් අතර පැමිණි වමත් පිතිකරු ශෙහාන් ජයසූරිය, පාකිස්තානයට එදිරිව පැවැත්වෙන මෙම සුවිශේෂී විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය තුල සිටින තවත් අත්දැකීම් බහුල පිතිකරුවෙක්. 

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට නියමිත ජයසූරිය පාකිස්තාන පන්දු යවන්නන්ට විරුද්ධව තරග 2ක් ක්‍රීඩා කර ඇත. 115.78ක් වැනි ඉතාමත් හොඳ මට්ටමේ වේගයක් සහිතව පන්දුවට පහර දෙන ජයසූරිය, 22ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙන ඇත. 

බාබර් අසාම් 

2017 වර්ෂයේ දී පාකිස්තානු විස්සයි විස්ස කණ්ඩායම වෙනුවෙන් පළමු වරට ක්‍රීඩා කරනු ලැබූ බාබර් අසාම්, මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 89කට ක්‍රීඩා කර ඇති අතර ශ්‍රී ලංකාවට එරෙහිව තරග 13ක් ක්‍රීඩා කර ඇත. 

ඔහු ශ්‍රී ලංකාවට එදිරිව තරග 3ක දී ලකුණු 36ක් ලබාගෙන ඇත්තේ 18ක් වැනි මට්ටමක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ලොව දැනට අංක 1 විස්සයි විස්ස පිතිකරු ලෙස ඉදිරියෙන් සිටින අසාම් ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස ක්‍රිකට් තරග 30ක දී ලකුණු 1247ක් වාර්තා කරගෙන ඇත්තේ, අර්ධ ශතක 10ක් ලබා ගෙනයි. 

සුපිරි පන්දු යවන්නන්

ඉසුරු උදාන

Isuru Udanaවමතින් වේගපන්දු යවන ඉසුරු උදාන පිත්තෙන් ද යමක් කිරීමට හැකි ක්‍රීඩකයෙකි. උදාන පාකිස්තානු පිතිකරුවන්ට එදිරිව විස්සයි විස්ස තරග 5ක් ක්‍රීඩා කර කඩුලු 2ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ, එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 7.16ක් වැනි දල ලකුණු ලබා දීමක් සිදු කරමිනි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 13කට කඩුලු 3ක් ලෙස සටහන්ව ඇත්තේ ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ට එදිරිවයි

උස්මාන් ශීන්වාරි

Usman Shinwariපාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ බල ඇණිය සතුව සිටින තවත් එක් ප්‍රබල තුරුම්පුවක් බඳු උස්මාන් ශීන්වාරි හොඳ පන්දු සංකලනයක් ඇතිව පන්දු යැවීමට හැකි ක්‍රීඩකයෙකි. 

වමතින් පන්දු යවන ඔහු දැනට විස්සයි විස්ස ක්‍රිකට් තරග 15ක් ක්‍රීඩා කොට එහි දී කඩුලු 13ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ ඒ බවට ප්‍රබල නිදසුනක් ද සපයමිනි. ලකුණු 8.10ක් වැනි මට්ටමේ ලකුණු ලබා දීමක් එක් පන්දුවාරයකට ශීන්වාරිට එදිරිව ජාත්‍යන්තර පිතිකරුවන් සටහන් කර ඇත. තවද ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 29.30කි.

වනිඳු හසරංග

Wanindu Hasarangaපසුගිය දා නිමාව දුටු ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තුල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත් වනිඳු හසරංග පාකිස්තානු කණ්ඩායම සමඟින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කොට නැත. 

වයස අවුරුදු 21ක් වන වනිඳු ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 3ක්  තුළ කඩුලු 4ක් දවා ගැනීමට සමත්ව ඇති අතර, එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 6.72ක පමණ ලබා දී ඇත.

 

 

>>Sri Lanka v Pakistan 2019<<

ඉමාඩ් වසීම්

Imad Wasimජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් වර්ගීකරණයේ දෙවන ස්ථානයේ පසුවන 29 හැවිරිදි ඉමාඩ් වසීම් දඟපන්දු යැවීමට උපන් හපනෙකි. වමතින් පන්දු යවන වසීම් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 35ක් තුළ  කඩුලු 39ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 4.64ක් පමණක් ලබා දෙමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකක දී එක් කඩුල්ලක් දවාගෙන ඇත.

Video – දනුෂ්ක ගුණතිලක පිතිකරණයේ රහස හෙලි කරයි

ඊයේ (2) කරච්චි පිටියේ දී නිමාවුණු ශ්‍රී ලංකා – පාකිස්තාන

ලාහෝර් හි ගඩාෆි පිටියේ තණතීරුව පිටිය හා කාලගුණය 

Gadafi Stadiumප්‍රේක්ෂකයන් 20,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර එක් විස්සයි විස්ස තරගයක් පවත්වා ඇති අතර 2017 වර්ෂයේ දී පැවැත්වුණු එම තරගය ශ්‍රී ලංකාව ලකුණු 36කින් පරාජයට පත් විය.

වසර 2කට පසුව ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන මේ තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද  ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුව රැකීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කළ විට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පුරාවට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඉතාමත් උචිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වීමට හැකිය. තවද 18°C – 31°C පමණ උෂ්ණත්වයක් ලාහෝර් අවට ප්‍රදේශය තුල තිබේ.

වර්තමාන තත්ත්වය

පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, පාකිස්තානුවන් දැනට (ඔක්තෝබර් 4) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු වැනි ස්ථානයේ පසුවෙයි. 

ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 7365ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 283ක් හිමි කර ගෙනයි. 8 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4808ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 229ක් ලබා ගෙනයි. එම නිසා මෙම තරගාවලියේ අවසන් ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල ද, යම් යම් වෙනස්කම් සිදුවීමට හැකිය.

අවසන් නිගමනය

මෙම තරගාවලියට  ඇතුළත්ව ඇති තරග සියල්ලම රාත්‍රියේ දී පැවැත්වේ වේ. දෙපිලේම බහුතරයකගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හඳුනා ගෙන නොමැත. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල පාකිස්තානු කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වා ගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය.

ශ්‍රී ලංකා පිළ තරගයක් දී පරදියි!

පිතිකරුවන් පෙන්නුම් කළ සාමූහික දක්ෂතා නිසා අද (02) පැවති දෙවැනි එක්දින තරගය ද ජය ගනිමින්

විස්සයි විස්ස සංචිතයන්

ශ්‍රී ලංකාව – දසුන් ශානක (නායක), දනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලහිරු මදුසංක, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර.

පාකිස්තානය: සෆ්රාස් අහමඩ් (නායක), බාබර් අසාම් (උප නායක), අහමඩ් ශෙසාඩ්, අසිෆ් අලී, ෆහීම් අෂ්රෆ්, ෆකර් සමාන්, හැරිස් සොහේල්, ඉෆ්ටිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, මොහමඩ් අමීර්, මොහමඩ් හස්නේන්, මොහමඩ් නවාස්, ශඩාබ් ඛාන්, උමාර් අක්මාල්, උස්මාන් ශීන්වාරි, වහාබ් රියාස් 

විස්සයි විස්ස තරගාවලියේ තරග කාලසටහන

  • ඔක්තෝබර් 5 – පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්
  • ඔක්තෝබර් 7 – දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්
  • ඔක්තෝබර් 9 – තෙවැනි විස්ස ජාත්‍යන්තර තරගය, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි හා විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<