පළමු T20 තරගයේ උණුසුම වැස්සට මැකී යයි

74
AP Photo

විවේකය සහිත සති අන්ත දිනයක ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගයක උණුසුම විඳින්නට පුල පුලා බලා සිටි සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු බොඳ කරමින් දෙරට අතර ගුවාහාති හිදී පැවති පළමු T20 තරගය අත්හැර දමන්නට අද (05) තරග තීරකවරයාට සිදුවිය. ඒ තරග ප්‍රතිඵලයක් වෙනුවෙන් අවශ්‍ය වූ අවම වශයෙන් පන්දුවාර 5ක තරගයක් හෝ ක්‍රියාත්මක කිරීමට කල්වේලා නොමැති වූ තැනයි.

නව දශකයේ ලැබෙන පළමු අභියෝගය කෙසේ වෙයි ද?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු ජාත්‍යන්තර …

මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලෙන මොහොත දක්වාම ගුවාහාති අහස් කුස නිසලව බලා සිටියද එතැන් සිට තරගය ඇරඹෙන අඩ හෝරාවක කාලයේ දී ක්‍රීඩාංගණය වර්ෂාවෙන් තෙත බරිත වූ ක්‍රීඩාශීලිත්වයෙන් ඔද වැඩුණු ප්‍රේක්ෂකයින්ගේ කණස්සල්ල මැදයි. එතැන් පටන් හෝරාවක පමණ කාලයක් කඩා හැලුණු වර්ෂාව නතර වුවද තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වන්නේ තණතිල්ලේ ස්ථාන කිහිපයක් තෙතමනය නිසා විනාශ වී තිබීම හේතුවෙනි.

එහිදී ඉන්දීය පිටිය සකසන්නන් විවිධ උපකරණ යොදා ගනිමින් එම ස්ථාන අලුත්වැඩියා කිරීමට උත්සාහ ගත්තද එය හුදෙක් කාලය කා දැමීමක් විනා ඵලක් ඇති ක්‍රියාවලියක් නොවීය. ලොව ධනවත්ම ක්‍රිකට් පාලන අධිකාරියක් සතු ඉන්දියාවේ සුප්‍රසිද්ධ ක්‍රීඩාංගණ රැසක් තිබියදී වසරකට අධික කාලයක් පුරාවට තරග පවත්වා නැති ආගන්තුක ක්‍රීඩාංගණයක මෙම තරගය පැවැත්වීම ද මෙවැනි තත්වයකට අවශ්‍ය පිළියම් යෙදීමට බාධා ගෙනදුන්නා වියහැක.

අද තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක විරාත් කෝලි ජයගත් අතර ඔහු තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. කෙසේවෙතත් ඔහුගේ කණ්ඩායමට අද එකදු පන්දුවක් හෝ ක්‍රියාත්මක කිරීමට නම් හැකිවූයේ නැත. ශ්‍රී ලංකා පිළේ ප්‍රධානම වෙනස්කම ලෙස ඇන්ජෙලෝ මැතිව්ස්ව පළමු තරගයට ක්‍රීඩා නොකරන්නට තේරීම් කමිටුව තීරණය කර තිබූ අතර කුසල් මෙන්ඩිස්ට සහ උප නායක ලෙසින් හැඳින්වෙන නිරෝෂන් දික්වැල්ලට ද අද කණ්ඩායමේ ස්ථාන හිමිව තිබුනේ නැත.

අශාන්, ෂෙශාන්, කමිඳු සහ ඩිල්ෂාඩ් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ කැපී…

නමුත් කණ්ඩායමට නම් නොවූ ක්‍රීඩකයින්ට මෙන්ම නම් කළ ක්‍රීඩකයින්ට ද අවසානයේ සිදුවූයේ ගුවාහාති පිටිය දෙස ක්‍රීඩාගාරයේ සිට බලා සිටීමටයි. මේ අතර තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලියේ මීලඟ තරගය අනිද්දා (07) හොල්කාර් ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සුපුරුදු පරිදි රාත්‍රී 7ටයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<