නව දශකයේ ලැබෙන පළමු අභියෝගය කෙසේ වෙයි ද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2020

74

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය ගුවහාටි හිදී හෙට (5) ආරම්භ වේ. මේ ඒ තරගාවලිය පිළිබඳව  ThePapare.com කරන පෙර විමසුමයි.

මැතිව්ස් T20 ගත්ත හේතුව මිකී ආතර් පැහැදිලි කරයි

මාස දෙකකින් කිලෝ 10කට ආසන්න ප්‍රමාණයක් බර අඩුකර ගැනීම සහ පන්දු යැවීම නැවත ආරම්භ…

මුහුණට මුහුණ

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ පසුගිය වසරේ (2017/18) දෙසැම්බර් මාසයේ දී වන අතර එම තරගාවලිය 3-0ක් ලෙස පහසුවෙන්ම ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

වර්ෂ 2009 සිට මේ දක්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරග 16කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 11ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර ඇත. එසේම ඉන්දියාව තුලදී මේ කණ්ඩායම් දෙක දැනට අට වතාවක් එකිනෙකා මුණගැසී තිබෙන අතර ඉන් තරග දෙකක් ශ්‍රී ලංකාව ජය ගන්නා විට, ඉන්දියාව තරග 6ක් ජයගෙන පෙරමුණේ සිටියි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැනට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 6ක් පවත්වා ඇති අතර, එයින් තරගාවලි 5ක ජය ඉන්දියානුවන් සතුවන විට, ශ්‍රී ලංකාව එක් තරගාවලියක් හෝ ජයග්‍රහණය කර නොමැත. තවද එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. අවසන් වරට පැවැත්වූ විස්සයි විස්ස තරග පහෙන් හතරක්ම ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි.

ප්‍රහාරත්මක ක්‍රීඩකයින්

කුසල් පෙරේරා

කුසල් පෙරේරා, ශ්‍රී ලංකා  විස්සයි – විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරනු ඇත. ඔහු ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව විස්සයි විස්ස තරග හයකට සහභාගි වී ලකුණු 174ක් ලබාගෙන ඇත්තේ 29.00ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගෙනයි. ඊට අමතරව පෙරේරා ජාත්‍යන්තර මට්ටමේ විස්සයි විස්ස තරග 42කට සහභාගි වී ලකුණු 1171ක් ලබාගෙන ඇත.

විරාත් කෝලි

ඉන්දීය කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩකයෙකු වන  කෝලි, ඉතාමත් ජවසම්පන්න ප්‍රහාරවලින් ද සපිරි පිතිකරුවෙකි. ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස පන්දු යවන්නන්ට එදිරිව තරග 4ක් ක්‍රීඩා කර ඇත. 

එහි දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 283ක් ලබාගෙන ඇත්තේ 94.93ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ 136.71ක ප්‍රහාරත්මක වේගයක් රඳවා ගෙනයි. ඒ අතරට අර්ධ ශතක 4ක් ඇතුලත්ය. 

ඇන්ජලෝ මැතිව්ස්

වසර එකහමාරකට ආසන්න කාලයකට පසුව නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ සිය අසුන දිනා ගත් මැතිව්ස් තුන් ඉරියව් දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයෙකි. මෙම සුවිශේෂී විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙක් වන මැතිව්ස් ඉන්දියාවට එරෙහිව දැනට විස්සයි විස්ස තරග 9ක් ක්‍රීඩා කරමින් ලකුණු 144ක් ලබාගෙන ඇත්තේ 126.31ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.

ශිකර් ධවාන්

ඇතිව තිබූ දණහිසේ ආබාධය සුවවීමෙන් පසුව නැවතත් ඉන්දීය සංචිතයට පැමිණි මේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවා ඔවුන්ගේ කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දීමට හැකි සුපිරි පිතිකරුවෙක්. 

මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 68කට ක්‍රීඩා කර ඇති අතර ඒ තරග 58 තුල දී ලකුණු 1504ක් ලබාගෙන ඇත්තේ 27.85ක් වැනි දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. තවද විස්සයි විස්ස අර්ධ ශතක 9ක් ලබාගෙන ඇති මොහු ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කර ඇත්තේ විස්සයි – විස්ස තරග 6ක් පමණි.

සුපිරි පන්දු යවන්නන්

ලසිත් මාලිංග

ඉන්දියානු කණ්ඩායම තුල සිටින පන්දු යවන්නත් වඩා වැඩි ලෙස ඉන්දියාව තුල සිය දස්කම් දක්වා තිබෙන ලසිත් මාලිංග මේ තරගාවලිය පුරාවට බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා පන්දු යවන්නෙකු වන බවට කිසිදු සැකයක් නොමැත. 

දකුණතින් වේගපන්දු යවන නායක මාලිංග ඉන්දීය පිතිකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 7ක් ක්‍රීඩා කර ඇත. ඔහු තරග 7ක දී කඩුලු 4ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ එක් පන්දු වාරයකට දල වශයෙන් ලකුණු 8.25ක් වැනි දළ ලකුණු ලබා දීමක් සිදු කරමිනි.

ඉන්දියාවට එරෙහිව ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 25කට කඩුලු 2ක් ලෙස සටහන් කර ඇති මාලිංග යනු දේශීය මෙන්ම විදේශීය ක්‍රිකට් තරග රැසක අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකි.

ජාස්ප්‍රිට් බුම්රා

ඉන්දීය වේගපන්දු යවන්නන්ගේ බල ඇණිය සතුව සිටින තවත් එක් ප්‍රබල තුරුම්පුවක් වන ජාස්ප්‍රිට් බුම්රා, හොඳ පන්දු සංකලනයක් සහිත ක්‍රීඩකයෙකි. ඔහු විස්සයි විස්ස ක්‍රිකට් තරග 42ක් ක්‍රීඩා කරමින් කඩුලු 51ක් දවා ගැනීමට සමත්ව ඇත. බුම්රාට එදිරිව ජාත්‍යන්තර පිතිකරුවන් එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 6.71ක් ලබා ගෙන ඇත. ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 20.17කි.

ලහිරු කුමාර

දකුණතින් වේගපන්දු යවන 22 හැවිරිදි ලහිරු, ශ්‍රී ලංකාව වෙනුවෙන් මෑතකදී විස්සයි විස්ස වරම් දිනාගත් ක්‍රීඩකයෙකු වන නමුත් මෙවර තරගාවලිය තුල ඔහු ඉන්දීය පිතිකරුවන්ට යම් අභියෝගයක් දෙනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකිය.නිමා වූ T10 තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට ලහිරුට හැකි විය.

යුස්වේන්ද්‍ර චහාල්

අප කොයි කවුරුත් හඳුනන 29 හැවිරිදි චහාල් මෑත කාලය තුළ ඉන්දීය කණ්ඩායම විසින් සොයා ගත් පා දඟපන්දු යැවීමට උපන් හැකියාවක් ඇති ක්‍රීඩකයෙකි. දකුණතින් පන්දු යවන මොහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 36ක දී කඩුලු 52ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ එක් පන්දු වාරයකට දල වශයෙන් ලකුණු 9.45ක් පමණක් ලබා දෙමිනි. 

ශ්‍රී ලංකාවට එරෙහිව එක් විස්සයි – විස්ස තරග පහක් ක්‍රීඩා කර ඇති ඔහු එහි දී කඩුලු 14ක් දවා ගැනීමට සමත් වී ඇත්තේ දෙරටේ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ දැනට වැඩිම කඩුලු දවාගෙන තිබෙන ක්‍රීඩකයා ලෙසයි. 

දේශීය පළමු පෙළ තවත් විස්සයි විස්ස තරගාවලියක් ඇරඹෙයි

2019/20 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ පළමු පෙළ දේශීය පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ…

ගුවහාටි තණතීරුව පිටිය හා කාලගුණය

ප්‍රේක්ෂකයන් 40,000කට පමණ අසුන් ගැනීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කිසිදු විස්සයි විස්ස තරගයක් මේ දක්වා පවත්වා නොමැත. මෙහි අවසන් වරට විස්සයි විස්ස තරගයක් පවත්වා ඇත්තේ 2017 වර්ෂයේ දී ය.

මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ. පළමු විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, දෙවනුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණ තත්ත්වය දෙස බැලූ විට පළමු විස්සයි – විස්ස ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණයක් බලාපොරොත්තු වීමට හැකිය. ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය 15°C – 26°C පමණ විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 07-11ක් වැනි අගයක් ගනු ඇත.

ඉන්දොරේ තණතීරුව පිටිය හා කාලගුණය

ඉන්දොරේ පිටිය ප්‍රේක්ෂකයන් 30,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. තණතීරුව ද පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත ලෙස හැසිරේ. දෙවන තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් යෝග්‍ය වේ.

විස්සයි විස්ස ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණයක් බලාපොරොත්තු වීමට හැකිය. 12°C – 25°C දක්වා වූ උෂ්ණත්වයක් ඉන්දොරේ අවට තිබිය හැක. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 9-15ක් වැනි අගයක් ගනු ඇත.

පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියට දින නියම වේ

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තරග කාලසටහන පසුගිය දා නිකුත් කෙරුණා. මෙම තරගාවලිය…

පූනේ තණතීරුව පිටිය හා කාලගුණය

මෙම ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එක් විස්සයි විස්ස තරගයක් පවත්වා ඇති අතර එම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. 

එසේම මෙම තණතීරුව ද පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත ලෙස හැසිරෙන අතර ප්‍රේක්ෂකයන් 45,000කට පමණ එකවර තරග නැරඹීමට හැකිය. තෙවැනි විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, දෙවනුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කළ විට 22°C – 30°C පමණ උෂ්ණත්වයක් පූනේ අවට ප්‍රදේශය තුල තිබේ. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 9-17ක් අතර අගයක් ගනු ඇත.

වර්තමාන තත්ත්වය

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන අතර, ඉන්දියාව  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි  ස්ථානයේ පසුවෙයි (ජනවාරි 4 වන විට). 

ඉන්දියාව එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 10.071ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 258ක් හිමි කර ගෙනයි. 7 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 6413ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 238ක් අතැතිවයි. එම නිසා මෙම තරගාවලියේ අවසන් ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල ද, යම් යම් වෙනස්කම් සිදුවීමට හැකිය.

අවසන් නිගමනය

මෙම තරගාවලියට ඇතුළත් සියලු තරග රාත්‍රි තරග වේ. තරග ඉතිහාසය පිරික්සා බලන කල ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වා ගත් කණ්ඩායම ජයග්‍රහණයේ මං පෙත් විවර කර ගනු ඇත.

ඉන්දියාව සමඟ පැවැත්වෙන මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහ එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉතාමත් හොඳ පෙර සූදානමක් වේ.

විස්සයි – විස්ස තරග කාලසටහන

  • ජනවාරි 5 – පළමු විස්සයි විස්ස තරගය – ග්වාහටී හිදී
  • ජනවාරි 7 – දෙවන විස්සයි විස්ස තරගය – ගෘහස්ථ 
  • ජනවාරි 10 – තෙවැනි විස්සයි විස්ස තරගය – පූනේ හිදී

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය – ලසිත් මාලිංග (නායක), කුසල් පෙරේරා, ධනුශ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ඕශධ ප්‍රනාන්දු, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝශන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලක්ශාන් සඳකැන්, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රාජිත.

ඉන්දීය විස්සයි විස්ස සංචිතය – විරාත් කෝලි (නායක), ශිකර් ධවාන්, ලෝකේශ් රාහුල්, ශ්‍රේයාස් අයියර්, මනීෂ් පාන්ඩ්‍යා, සංජු සැම්සන්, රිශාබ් පාන්ට් (කඩුලු රකින ක්‍රීඩක), ශිවාම් ඩුබේ, යුස්වේන්ද්‍ර චහාල්, කුලදීප් යදෙව්, ජාස්ප්‍රිට් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා, වොශින්ටන් සුන්දර්, නව්දීප් සයිනි, ශර්දුල් තාකූර්.

තරගාවලියේ සියලුම උණුසුම් තතු, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<