හතුරුසිංහගේ ප්‍රථම තරගාවලිය ලබන ජනවාරියේ

633
SLvBAN

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පුහුණුකාරීත්වයෙන් ශ්‍රී ලංකාව තරග කරන ප්‍රථම තරග සංචාරයේ තරග කාලසටහන පසුගිය දා අනාවරණය කළ අතර ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 15 වැනි දා සිට එම තරග සංචාරය බංගලාදේශයේ දී ආරම්භ වනු ඇත.

නව තරගාවලියට සුපිරි සංචිතයක්; නායකයා චන්දිමාල්

මේ මස 14 වැනිදා සිට 17 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්යේ දී පැවැත්වීමට නියමිත T10..

මාසයකට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාත්මක වන මෙම සංචාරයට ශ්‍රී ලංකාව, බංගලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම් සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ද ඇතුළත් වේ. එය එක්දින තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර එහි අවසන් මහා තරගය ජනවාරි 27 වැනිදා ඩකා හිදී පැවැත්වෙනු ඇත.

බංගලාදේශය තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙවර සිය සත්කාරකත්වය දක්වන්නේ වසර 2010ට පසුවයි.

මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියට පසුව බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වන අතර, එම තරගාවලියට ටෙස්ට් තරග දෙකක් හා විස්සයි – විස්ස තරග දෙකක් අන්තර්ගතය. එම තරගාවලිය පෙබරවාරි 18 වැනිදා අවසන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත්කළ චන්දික හතුරුසිංහ මහතා මේ මස 20 වැනිදා සිට සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත අතර ලබන ජනවාරි 15 වැනිදා ආරම්භ වන බංගලාදේශ සංචාරය, හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පූර්ණ තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව වනු ඇත.

හතුරු නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට මිතුරු වෙයි

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර ඇති බව…

සම්පූර්ණ තරග කාලසටහන

එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

  • ජනවාරි 15 වැනිදා බංගලාදේශය හා සිම්බාබ්වේ
  • ජනවාරි 17 වැනිදා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ
  • ජනවාරි 19 වැනිදා බංගලාදේශය හා ශ්‍රී ලංකාව
  • ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ
  • ජනවාරි 23 වැනිදා බංගලාදේශය හා සිම්බාබ්වේ
  • ජනවාරි 25 වැනිදා බංගලාදේශය හා ශ්‍රී ලංකාව
  • ජනවාරි 27 වැනිදා අවසන් මහා තරගය

(ඉහත තරග සියල්ලම ඩකා පිටියේ දී පැවැත්වේ)

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය

  • ජනවාරි 31 සිට පෙබරවාරි 4 දක්වා පළමු ටෙස්ට් තරගය චිතගොන් පිටියේ දී
  • පෙබරවාරි 8 සිට 12 දක්වා දෙවන ටෙස්ට් තරගය ඩකා පිටියේ දී

විස්සයි – විස්ස තරගාවලිය

  • පළමු තරගය – පෙබරවාරි 15 ඩකා පිටියේ දී
  • දෙවන තරගය – පෙබරවාරි 18 ශිලාත් පිටියේ දී

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<