කාන්තා ලෝක කුසලානයට සුදුස්සන් තේරිම ලංකාවේ දී

240

2021 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇත. මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2020 වසරේ දී පස්වැනි වරට පැවැත්වීමට නියමිතයි. මේ දිනවල ලන්ඩනයේ පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික සම්මේලනයේ දී මෙම තීරණය ගෙන ඇත.

ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු IPL වලට

2019 ලෝක කුසලානයේ උණුසුම තවමත් මැකී ගොස් නැත. ලෝක කුසලානය තවමත් පුවත් මවමින් සිටින…

මෙම තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගත් දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2017 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියේ දී ඉන්දියාව ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ මුල් ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් තුන 2021 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන අතර එම තරගාවලිය සඳහා ක්‍රීඩා කරන මුළු කණ්ඩායම් සංඛ්‍යාව 8කි. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ 2017-20 කාන්තා ශූරතාවය මඟින් තෝරාගත් කණ්ඩායම් 5 සමඟින්. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමට නියමිතය. ඒ 2017-20 ශූරතා තරගාවලියේ මුල් කණ්ඩායම් 5ට ඇතුළත් වීමට අපොහොසත් වීම නිසාවෙනි. ඔවුන් ක්‍රීඩා කළ තරග 15න් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි. 

කණ්ඩායම  තරග ජයග්‍රහණ  පරාජ ලකුණු සමවීම් ප්‍රතිඵලයක් රහිත දල ලකුණු ලබාගැනීම ලකුණු 
එංගලන්තය  18 12 6 0 0 1.173 24
ඕස්ට්‍රේලියාව  12 11 1 0 0 1.333 22
ඉන්දියාව  15 8 7 0 0 0.441 16
දකුණු අප්‍රිකාව  15 7 6 1 1 −0.637 16
පාකිස්තානය  15 7 7 1 0 −0.230 15
නවසීලන්තය  15 7 8 0 0 0.012 14
බ.ඉ. කොදෙව්  15 5 9 0 1 −0.720 11
ශ්‍රී ලංකාව  15 1 14 0 0 −1.387 2

ICC Women’s Championship as of 19/07/19 

සුදුසුකම් ලැබීමේ තරගාවලියට පහත කණ්ඩායම් එක්වනු ඇත. 

සිම්බාබ්වේ ඇතුළු රටවල් කිහිපයක ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක නිලධාරීන් ඇතුළු සාමාජිකයින්ගේ විශේෂ හමුවක් අද (19)…

සිම්බාබ්වේ ක්‍රිකට් කවුන්සලය තහනම් කිරීමට පසුගිය දා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කළ අතර එම නිසා සිම්බාබ්වේ කණ්ඩායමට කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගි වීමට ඇති අවස්ථාව ගිලිහී ගියේය. එමනිසා අප්‍රිකානු කලාපය නියෝජනය කරන වෙනත් කණ්ඩායමක් තරගාවලියට සහභාගි වීමට නියමිත අතර එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් දැනුම් දෙනු ඇත. (අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අනුශූරයන් වූයේ නැමීබියාවයි)

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<