බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

3179

ජනවාරි 31 වැනි දින බංග්ලාදේශය සමඟ එරට දී ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (13) ප්‍රකාශයට පත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

[rev_slider LOLC]

ශ්‍රී ලංකා සංචිතයේ සුක්කානම නැවතත් මැතිව්ස්ට

ලබන සතියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා ක්‍රීඩා කරනු ලබන..

වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල්ට සහය වීම සඳහා උප නායකත්වයට නම් කර ඇති අතර ඔහුට එවන් වගකීමක් පැවරුණු පළමු අවස්ථාව  මෙයයි. මේ අතර ඉන්දීය තරග සංචාරය තුල දී ටෙස්ට් උපනායකයා ලෙස කටයුතු කළ ලහිරු තිරිමාන්නට මෙන්ම යොවුන් ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම  හට ද කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.

සුරංග ලක්මාල් පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ ඉහළම දස්කම් අතර සිටිමින්, කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් තහවුරු කර ගැනීමට සමත්ව සිටින ක්‍රීඩකයෙකි. ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ තණකොළ සහිත තණතීරුවේ කඩුලු 7ක් දවා ගත් ඔහුගේ දස්කම 2017 වසරේ හොඳම පන්දු යැවීම් අතර සටහන් වේ.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝ ප්‍රබෝධය තුළ කැපී පෙනෙන දස්කම් අතරට පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබේ. පසුගිය ඉන්දීය තරග සංචාරයේ ටෙස්ට් තරගාවලියේ තරග තුනෙන් දෙකක්ම ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නටත්, ඊට පෙර පාකිස්තානයේ සත්කාරක රට ලෙස භාවිත කෙරෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ දී ම ඔවුන්ට තරග 2-0ක පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් උරුම කර දෙන්නටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ චන්දිමාල්ගේ නායකත්වය යටතේ යි.

කොල්කටා සහ නාග්පූර් හි පැවති පළමු සහ දෙවන ටෙස්ට් තරගවලට ක්‍රීඩා කර ඉනිම 4ක් තුල දී එක් අර්ධ ශතකයක් පමණක් වාර්තා කළ හිටපු උප නායක ලහිරු තිරිමාන්න දිල්ලි නුවර පැවති අවසන් ටෙස්ට් තරගය සඳහා ද යොදා නොගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණි.

නැගී එන පිතිකරණ තරුවක් වන මෙන්ඩිස්, ඉන්දීය තරග සංචාරය සඳහා යොදා නොගන්නට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණත්, මෙම තරගාවලිය සඳහා ඔහු නැවත කැඳවුම් ලබද්දී ඉන්දීය සංචාරයේ ඉනිම 6ක් තුල දී කැපී පෙනෙන යමක් කිරීමට සමත් නොවූ යොවුන් ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම හට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

ද්‍රාවිඩ්ගෙන් පණිවිඩයක්

ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතාබහ කිරීමට, ක්‍රිකට් විශ්ලේෂණය කිරීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වයි….

පසුගිය සමයේ එක්දින තරග බිමේ දස්කම් මගින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගත් පිට දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පළමු වරට ටෙස්ට් සංචිතයේ ස්ථානයක් වෙන් කර ගැනීමට සමත් වෙද්දී, වේගපන්දු අංශය සවිමත් කරන යෞවනයන් ලෙස ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට ඇතුලත් වේ.

තුන් ඉරියව් ක්‍රීඩක ගුණරත්න හට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තුළ ඉඩක් හිමි වී නොමැත. 32 හැවිරිදි අසේල ඇඟිල්ලක අස්ථි බිඳීමක් හේතුවෙන් මාස පහක කාලයක් පිටියෙන් බැහැරව සිට, ඉන්දීය තරග සංචාරයේ එක්දින තරග සඳහා කණ්ඩායම සමගින් එක්වූ අතර අද අලුයම බංග්ලාදේශ තුන් කොන් එක්දින තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා සංචිතයට ද ඇතුලත් වූ ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 31 වැනි දා සිට පෙබරවාරි 4 වැනි දා දක්වා චිතගොං හී දී පැවැත්වීමට නියමිත අතර, ඩකා හී දී පැවැත්වීමට කටයුතු යොදා ඇති දෙවන ටෙස්ට් තරගය සඳහා දින නියම කර තිබෙන්නේ පෙබරවාරි 8 වැනි දා සිට 12 වැනි දා දක්වා යි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද  සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, හේරත්, සුරංග ලක්මාල් (උප නායක), දිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ලහිරු ගමගේ, ලහිරු කුමාර.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<