ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

1040

ලබන 16 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ ටෙස්ට් ක්‍රිකට් තරග තුන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුනා. දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන මේ සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුර තිලාන් සමරවීරට

හිටපු ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර ඇති බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින්…

මේ දිනවල ජැමෙයිකාවේ දී බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් අතර සිටි නායක දකුණත් පිතිකරු ධනංජය ද සිල්වා සහ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ද ඉන්දීය තරග සංචාරයේ ටෙස්ට් සංචිතයට කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා සහ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් මෙම සංචිතයෙන් ඉවත් කරන්නට තේරීම් කමිටුව තීරණය කරද්දී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් හට ද සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු මේ කණ්ඩායම පාකිස්තානය තරග 2-0 ක් ලෙස පරාජය කරන්නට සමත් විය.

අපෝන්සුගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ පළමු නිල නොවන එක්දින තරගය කඩුලු…

ආබාධවලට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා සහ අසේල ගුණරත්න ද සිය ආබාධවලින් සුවය ලබා සිටින නමුදු, මෙම සංචිතය සඳහා තෝරා ගැනීම සඳහා අවධානය යොමු වී නැත්තේ ඔවුන් හට තරග පුහුණුව මද කම නිසාවෙනුයි.

පාදයේ ආබාධයක් හේතුවෙන් පාකිස්තානය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමි වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා එක්වෙද්දී, ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාගේ ඉවත් කිරීමත් සමඟ යොවුන් පිතිකරු සධීර සමරවික්‍රම හට ආරම්භක පිතිකරුවෙකු ලෙස කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ද අවස්ථාව හිමිව තිබේ.

මැද පෙළ පිතිකරු රොෂේන් සිල්වා සහ වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු පාකිස්තානය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී බංකුවට පමණක් සීමා වී සිටිය ද, ඔවුන් දෙදෙනාවම මෙම සංචිතයට ද ඇතුළත් කර තිබේ.

Dinesh Chandimal speaks about the spiritual help he received

Sri Lanka Test skipper Dinesh Chandimal speaks on his awful ODI form shown against Pakistan and the…

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම අභියෝගාත්මක තරග සංචාරය ආරම්භ වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායම සමඟ කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන් දින පුහුණු ක්‍රිකට් තරගයකිනි. 1996 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් පූර්ව තරගය වැනි මතකයේ රැඳුණු තරග රැසකට සත්කාරකත්වය සැපයූ ලොව දෙවන විශාලතම ක්‍රීඩාංගණය ලෙස සැලකෙන මෙම ඓතිහාසික ක්‍රීඩාංගණයේ දී ම දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අනතුරුව දෙවන සහ තෙවන ටෙස්ට් තරග පිළිවෙළින් නාග්පූර් සහ නවදිල්ලි නගරවල දී පැවැත්වෙනු ඇති.

අසල්වැසියන්ගේ ටෙස්ට් අභියෝගයට පිළිතුරු සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලබන බදාදා (8) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය : දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න,සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, දසුන් ශානක, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<