දකුණ බබළවන පුංචි මේසපන්දු තරුව “කවින්ද්‍යා”

767

මේසපන්දු පිටියට දකුණෙන් පෑයූ තරු බොහෝ ය. අදටත් ඒ තරු මේසපන්දු පිටිය අරා සිටිති. ඔවුන් අතරට පෑයු පුංචි තරුවක් ගැන කියන්නට අපගේ මේ සූදානම. ඇය A. W. තමාදි කවින්ද්‍යා ය. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය මේසපන්දු පිටියට අනාගතයේ දී දකුණෙන් පායන තරුව ලෙසින් හඳුන්වාදිය හැකි දක්ෂතා බොහොමයකින්ම පරිපූර්ණ ය. මේ ඇය ගැන ThePapare.com තබන සටහනකි.

දඟ කරන කොළඹ පොඩි මෑන් “විරංග යේෂාන්”

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ..

කවින්ද්‍යා මේසපන්දු පිටියේ කරක් ගහන්නේ පුංචිම පුංචි කාලෙ සිට. කොටින්ම මොන්ටිසෝරි යන්නත් කලින්. ඒකට හේතුව වෙන්නේ කවින්ද්‍යාගේ අයියා. ඔහු  A.W. නවම් අසිරුඳු. නවම් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ මේසපන්දු පුහුණුවීම්වලට යනවා. ඊට අමතරව ලක්ෂාන් හර්ෂණ මහතා යටතේ පෞද්ගලිකව ද පුහුණුවීම්වල යෙදෙනවා. මේ සෑම තැනකටම කවින්ද්‍යා එක්ක ගෙන යෑමට නවම්ගේ දෙමාපියන්ට සිදු වෙනවා.

මව පියා සහ සිය සොහොයුරා සමඟින්

“පුංචි කාලෙ මේක අපිට හරි වදයක් වුනා. අයිය පුහුණුවීම්වලට එක්ක යන කොට අනිවාර්යයෙන්ම මෙයත් එක්ක යන්න වෙනවා. නැත්නම් ගෙදර දෙක කරනවා. යනකොට බිස්කට් එකේ වතුර එකේ සිට අවශ්‍ය හැමදේම අරගෙන යන්න වෙනවා. ඊටත් වඩා සමහර වෙලාවට පුහුණු වෙන ළමුන්ට කලින් මෙයා ටේබල් එක ළඟට ගිහින් සෙල්ලම් කරන්න බලා ඉන්නවා. ලක්ෂාන් සර් බෝලයක් දෙකක් දාල මෙයා ෂේප් කරනවා. ඒත් සමහර දවස්වලට නම් ඒක මෙයාට හරි ගියේ නැහැ. කොහොමටත් ක්‍රීඩා කරන්න ඇරෙන්න දුව ඒ පුහුණුවීම්වලට එන කවුරුත් සෙල්ලමට අල්ල ගත්තෙ නැහැ. ගොඩක් වෙලාවට මෙයා කළේ රැකට් එකකුත් බෝලයකුත් අරගෙන පැත්තකට වෙලා බලා ඉන්න එකයි. ඊට පස්සෙ ඒ හෝල් එකේම නිදා ගත්ත ළමයා තමයි අපි ගෙදර එක්ක ආවේ.” මේ කවින්ද්‍යාගේ පියා A. W. තුසන්ත කුමාර මහතා ThePapare.com සමඟ කවින්ද්‍යා ගැන කතා බහ ආරම්භ කරමින් පැවසූ දෑ ය.

එසේ පුංචි කාලේ සිටම මේසපන්දු පිටියේම රැඳී සිටි කාවින්ද්‍යා ඊට වසර කිහිපයක් ඇවෑමෙන් රටේම පළමුවැනියා වෙනවා. ඒ 2004 වසරේ ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා ආධුනික මේසපන්දු කනිෂ්ඨ තරගාවලියේ දී වයස අවුරුදු 8න් පහළ තරග ඉසව්වේ ශූරිය වෙමින්. මෙම තරගාවලිය කාවින්ද්‍යා සහභාගී වූ පළමු සමස්ත ලංකා තරගාවලිය. කොළඹ ලුම්බිණි විද්‍යාලයේ පැවති මෙම තරගාවලියට කවින්ද්‍යා සහභාගී වෙද්දී වයස අවුරුදු 6ක්.

වචනවලින් වෙඩි තබා ඕස්ට්‍රේලියාව කෙලින් කළ මයිකල් චේකාගේ මෙහෙයුම

මනසින් වැටුණු රග්බි කණ්ඩායමක් කෙලින් කරවීමට ඔබට මිනිත්තු 10කින් කළ හැක්කේ..

ඒ විතරක් නෙමේ ඇය එම තරගාවලියේ වයස අවුරුදු 10න් පහළ ඉසව්වට සහභාගී වෙමින් එහි අනුශූරිය වෙනවා. මේ දක්ෂතාව මේ අයුරින් කළ ශ්‍රී ලංකාවේ පළමුවැන්නිය ඇය වීමටත් පුළුවන්.

එම තරගාවලියේ වයස අවුරුදු 8න් පහළ ශූරිය වෙද්දී ඇය දකුණු පළාත් මේසපන්දු තරගවල දී පළමු 6 හෝ 8 දෙනා අතර සිටීමට සමත්ව සිටියා. ඒ වගේම පැවති දකුණු පළාත් තරගවල දී ප්‍රවීණ ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වීමටත් ඇය සමත් වුනා. එම තරගාවලියෙන් අනතුරුව පැවති දකුණු පළාත් තරගවල දී ඇය වයස අවුරුදු 8න් පහළ දිගින් දිගටම ශූරිය වීමට සමත් වුනා.

“කාවින්ද්‍යා අයියත් සමඟ මේසපන්දු පුහුණුවීම්වලට ආ ඇය මේ වගේ ගමනක් යයි කියන හැඟීම පුංචි දවස්වල ම පෙන්නුම් කළා. සෑම අවස්ථාවකම උද්යෝගිමත්ව පුහුණුවීම් කටයුතු කළා. නිතරම උත්සාහ කළේ අලුත් අලුත් දේ ඉගෙන ගැනීමට. පරාජය වුනත් ඉක්මනට බාර ගැනීමට කැමති වුනේ නැහැ. නිතරම ප්‍රතිවාදීන්ට උපරිම තරගයක් දීමටයි උත්සාහ කරන්නේ. ඇත්තටම ඇය ඉතා අඩු වයසින් මේ වගේ දක්ෂතා දක්වන්නේ ඒ ඇය සතුව ඇති අභියෝගාත්මක අදහස් නිසයි.” කවින්ද්‍යාගේ පුහුණුකරු K. S. T. ලක්ෂාන් හර්ෂණ මහතා ThePapare.com වෙත පැවසුවා.

Thamadi Kavindya
පුහුණුකරු සමඟින්

කවින්ද්‍යා මේ වෙද්දී ශ්‍රී ලංකා වයස අවුරුදු 10න් පහළ වයස් කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානය දිනා ගෙන සිටිනවා. ඇය වයස අවුරුදු 10න් පහළ ඉසව්වට සහභාගී වෙන්නේම අනෙකුත් ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වෙමින්. ඒ වයස අවුරුදු 10න් පහළ ඉසව්වේ සහභාගී වෙන පළමු තරගාවලියේ දී ම ඇය ශූරිය වෙන නිසා. පසුගිය වසරේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවති කාන්තා දින මේසපන්දු තරගාවලියේ දී ඇය වයස අවුරුදු 10න් පහළ සේ ම වයස අවුරුදු 12න් පහළ ද වයස් කාණ්ඩ ද්විත්වයේ ශූරිය වෙනවා.

කවින්ද්‍යා අවසන් වරට ජයග්‍රහණය කරන්නේ 14 වැනි තිබාර් ශ්‍රේණිගත මේසපන්දු තරගාවලියේ දී වයස අවුරුදු 10න් පහළ ශූරිය වෙමින්.

“අපි තවමත් කවින්ද්‍යා සමස්ත ලංකා විවෘත තරගවලට ඉදිරිපත් කළේ නැහැ. ඒත් ඇය එම ඉසව්වලට දැම්මත් ඉතා හොඳින් ක්‍රීඩා කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. නිමා වූ දකුණු පළාත් තරග රාශියක දී ඇය ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් පරාජය කරල තිබෙනවා. ඒ වගේම ඇතැම් තරග ඉතා තියුණු අවසානයකින් යුක්තව නිමා කරල තිබෙනවා.” පුහුණුකරු K. S. T. ලක්ෂාන් හර්ෂණ මහතා අප හා සමඟ එක් වෙමින් පැවැසුවා.

කවින්ද්‍යා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ක්‍රීඩිකාවක්. මේසපන්දු ක්‍රීඩාවට වගේම චිත්‍ර ශිල්පයටත් ඇය දක්ෂතා දක්වනවා කියලයි කියන්නේ. චිත්‍ර තරගවලින් කලාප දක්ෂතා ඇය සතුයි.

“T. T. ගහන්න හැමදාම ආසයි. ලක්ෂාන් සර්, පවිත්‍රා මිස් උදව් කරනවා. කවදාහරි දවසක ජාතික ශූරිය වෙන්න ඕන. ඒකට මහන්සි වෙලා පුහුණුවීම් කරනවා.” කවින්ද්‍යා පවසනවා. ක්‍රීඩාවේ දී දක්වන දක්ෂතාව කවින්ද්‍යාගේ කතාවේ දී නම් දකින්න නැහැ. ඇයට බොහෝ දේවල් කියන්නට ඇති එහෙත් ලැජ්ජාව විසින් ඒ සියල්ල වළකනවා. ඇය මේ ටික හෝ ThePapare.com වෙත පැවසුවේ ඇයගේ මව වන K. නෙත්මිණි පියංගාගේ සිරුරට මුවා වෙමින්.

කවින්ද්‍යාගේ මේසපන්දු ජීවිතය සම්පූර්ණයෙන්ම ගොඩ නැගෙන්නේ පියා වන A. W. තුසන්ත කුමාර මහතාගේ පූර්ණ කැපවීම මත. ඉඳහිටක අධ්‍යාපන කටයුත්තක් දෙකක් මඟ හැරී ගිය විට මව කවින්ද්‍යාට දොස් පවරද්දී ඔහු එය දකින්නේ වරදක් ලෙසයි. මේ නිසා කවින්ද්‍යා වඩාත් ළෙංගතුකමක් දක්වන්නේ පියා ට.

තුසන්ත පවසන්නේ ඇය ක්‍රීඩාවත් අධ්‍යාපනයත් සමව ගෙන යන බවයි. නිමා වූ ශිෂ්‍යත්ව විභාගයේ දී කවින්ද්‍යා ලකුණු 134ක් ලබා ගන්නවා. ඒ ප්‍රමාණවත් බවයි කවින්ද්‍යාගේ පියා පවසන්නේ. අධ්‍යාපන කටයුතු හේතුවෙන් කවින්ද්‍යාගේ අයියා නවම්ගේ ක්‍රීඩා කටයුතු මේ වන විට පැවතෙන්නේ යලට මහට. ඒ තවත් වසරකින් මුහුණ දීමට සිදුවන අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය ඉලක්ක කරගෙන පැවතෙන අධ්‍යාපන කටයුතු හේතුවෙන්.

“පුතා එක්ක T. T. පුහුණුවීම්වලට ගිය දුව අද වෙන විට ඒ ක්ෂේත්‍රයෙන් විශාල දියුණුවක් ලබල තියෙනවා. ඇය මේ තත්ත්වයට ගෙන ඒමේ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ K. S. T. ලක්ෂාන් හර්ෂණ මහතාට සහ ඔහුගේ බිරිඳ වන පවිත්‍රා ගිම්හානි මහත්මියට. ඔවුන් දෙදෙනා දුව වෙනුවෙන් විශාල ලෙස මහන්සි වෙනවා. සමහර දිනවලට ඔවුන්ගේ පෞද්ගලික කාලය පවා කැප කරමින් ඇයට පුහුණු කිරීම් කටයුතු කරනවා.” තුසන්ත කුමාර මහතා පැවසුවා.

මාතලේ පොඩි දඟයා “සිතුල් විජේසේකර”

වමතින් පා දඟපන්දු යවන සිතුල් විජේසේකර මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට්..

ඔහු තව දුරටත් පවසන්නේ කවින්ද්‍යාගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් විද්‍යාලයීය විදුහල්පතිතුමා, ක්‍රීඩා භාර ආචාර්යවරයා සේ ම විද්‍යාලයේ සියලුම ගුරුවරුන් සහ සහෝදර සිසු සිසුවියන් ද දක්වන සහයෝගය ඉතා විශාල බවයි. එමෙන්ම විද්‍යාලයීය මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය සංගමය, විද්‍යාලයීය ආදි මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමය, ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය ද දක්වන දායකත්වයට ස්තුතිය පුද කරන බැව් ද ඔහු පැවසුවා. එමෙන්ම ඇය ක්‍රීඩාවට පිවිසි දා සිට උදව් කළ විද්‍යාලයීය හිටපු විදුහල්පතිවරුන් සහ හිටපු ක්‍රීඩා භාර ආචාර්යවරුන් ද ඔහු ඉතා ගෞරවයෙන් සිහිපත් කළා. කවින්ද්‍යාගේ මේසපන්දු දක්ෂතාවලට තවත් තෝතැන්නක් වී ඇත්තේ Top Champs Table Tennis Academy යයි.

කවින්ද්‍යා මේ තරමින් තම ඉසව්වල දී දක්ෂතා දක්වා තිබුනත් තවමත් සමස්ත ලංකා විවෘත ඉසව් සඳහා ඉදිරිපත් වී නැහැ. එහෙත් මේ වන විට ඇය ඊට සුදුසුකම් සපුරා ඇති බවකුයි පුහුණුකරු K. S. T. ලක්ෂාන් හර්ෂණ මහතා පැවසුවේ.

“කවින්ද්‍යාව අපි තව දුරටත් කනිෂ්ඨ ක්‍රීඩිකාවක් ලෙසින් තියාගෙන ඉන්නේ නැහැ. ඇය විවෘත තරග අංශයන් නියෝජනය කරන්න සුදුසු කාලය එළඹිලා කියලයි අපි හිතන්නේ. එළඹෙන තරගාවලියේ සිට අපි ඇයව විවෘත තරගවලට යොමු කරනවා. ඇය ඉතා දක්ෂ ක්‍රීඩිකාවක්. බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවක්. ඉදිරි කාලයේ දී රට වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩිකාවක්. රට වෙනුවෙන් පදක්කම් දිනා දිය හැකි ක්‍රීඩිකාවක්. අපි ඇය කෙරෙහි තබා ඇති විශ්වාසය ඇය ඉතාම ඉක්මනින් ඉෂ්ට කරාවි. එදාට කවින්ද්‍යා ගැන කතා කරන්න මීටත් වඩා දේවල් තියේවි.”

K.S. T. ලක්ෂාන් හර්ෂණ මහතා තබා ඇති ඒ විශ්වාසය ශ්‍රී ලංකා මේසපන්දු ක්ෂේත්‍රයට නවක දක්ෂ ක්‍රීඩිකාවකගේ සම්ප්‍රාප්තියක් බවට පත් වේවි. අනාගතයේ දවසක දකුණ බබළවමින් ශ්‍රී ලංකා මේසපන්දු පිටිය ද ආලෝකමත් කරාවි. ශ්‍රී ලාංකීය මාතාව පදක්කමින් බබළවාවි. මේ ඇය සමඟ පිටියේ ක්‍රීඩා කරන සෑම කෙනෙක්ගේ ම බලාපොරොත්තුව ය.

එම බලාපොරොත්තුව ඉෂ්ට වේවායි ThePapare.com අපගේ ආශීර්වාදය කවින්ද්‍යා වෙත එක් කරමු.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<