චමරිගේ නායකත්වයෙන් ක්‍රීඩිකාවන් සටනට සූදානම්

159

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව මෙහෙය වීමේ වගකීම චමරි අතපත්තු හට ලබා දීමට අද (19) තීරණය කර ඇත. සංචාරක පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම බිස්මා මහරූෆ් විසින් මෙහෙයවනු ඇත.

[rev_slider LOLC]

තරගාවලිය මාර්තු 20 වැනිදා (හෙට) සිට මාර්තු 31 වැනිදා දක්වා කොළඹ දී හා දඹුල්ලේ දී පැවැත්වේ.

කාර්තිකගේ හයේ පහරින් නිදහස් කුසලානය ඉන්දියාවට

රටවල් තුනක සහභාගිත්වයෙන් දින 16ක් තිස්සේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති නිදහස් …

අදාළ තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක දී (මාර්තු 13) අදහස් දක්වමින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හේමන්ත දේවප්‍රිය මහතා පවසා සිටියේ,

“මේ වන විට අපේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයින් ඒගොල්ලන්ගේ ලොකු දුර්වලතාවයක් වෙලා තිබ්බ කඩුලු අතර දිවීම සෑහෙන දුරකට හදාගෙන තියෙන්නේ. මීට අවුරුදු 2කට කලින් අපි ක්‍රීඩා කරපු තරගවල දී අපි කඩුලු අතර දුවලා ලබාගෙන තියෙන ලකුණුවල සාමාන්‍ය 40-45ක් වගේ මට්ටමක තමා තිබුණේ. නමුත් දැන් ඒ සාමාන්‍ය ලකුණු 80 -100 අතරට ගෙනල්ලා තියෙනවා. එය හොඳ දෙයක්. ”

පසුගිය තරගවල දී කණ්ඩායම ලබාගත් ලකුණු සාමාන්‍ය පෙර පැවති තත්ත්ව වලට වඩා යම් ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් ඒ මහතා එහි දී වැඩිදුරටත් පැවසුවේය.

2017 – 2020 කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලියට සමගාමීව පැවැත්වෙන මේ තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර තරග තුනකට සහභාගී වී ඇති අතර එම තරග තුනම පරාජයට පත්ව ඇත. එසේම එම තරගාවලියේ දී එකඳු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට අසමත් වූ එකම කණ්ඩායම ද ශ්‍රී ලංකාවයි.

2017 වර්ෂයේ ජුනි 24 වැනිදා සිට ජුලි 23 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වූ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග 7න් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කරමින් 7 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන නිකුත් වේ

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරග 5කින්, ටෙස්ට් තරග 3කින් සහ එක් පන්දුවාර …

එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය දැරූ ඉනෝකා රණවීර නායකත්වයෙන් ඉවත් කර චමරි අතපත්තු හට මෙවර පාකිස්තානු කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලබා දී ඇත.

එම ලෝක කුසලාන සංචිතය නියෝජනය කළ ඕෂධී රණසිංහ, චන්දිමා ගුණරත්න , ඒශානි ලොකුසූරිය, හර්ෂිතා මාදවී, උදේශිකා ප්‍රබෝදනී යන ක්‍රීඩිකාවන් අද (19) නිකුත් වූ මෙම සංචිතයෙන් ඉවත්වී ඇත.

ඒ වෙනුවට චමරි අතපත්තු, චමරි පොල්ගම්පල, රෙබේකා වැන්ඩොර්ට් , අචිනි කුලසූරිය , සුගන්ධිකා කුමාරි, ඉනෝෂි ප්‍රනාන්දු හා කවිශ්ක දිල්හානි යන ක්‍රීඩකයින් නැවතත් සංචිතයට කැඳවා ඇත.

තරග කාලසටහන,

  • පළමු එක්දින තරගය – මාර්තු 20 රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • දෙවන එක්දින තරගය –  මාර්තු 22 රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • තෙවන එක්දින තරගය – මාර්තු 24 රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය
  • පළමු විස්සයි විස්ස තරගය – මාර්තු 28 එස්. එස්. සී පිටිය
  • දෙවන විස්සයි විස්ස තරගය – මාර්තු 30 එන්. සී. සී පිටිය
  • තෙවන විස්සයි විස්ස තරගය – මාර්තු 31 එස්. එස්. සී පිටිය

ශ්‍රී ලංකා එක්දින කාන්තා ක්‍රිකට් සංචිතය – චමරි අතපත්තු (නායිකාව), නිපුනි හංසිකා (උප නායිකාව), ප්‍රසාදිනී වීරක්කොඩි, ඩිලානි මනෝදරා, හසිනි පෙරේරා, රෙබේකා වැන්ඩොර්ට්, චමරි පොල්ගම්පල, ශසිකලා සිරිවර්ධන, අමා කාංචනා, අචිනි කුලසූරිය, ශ්‍රීපාලි වීරක්කොඩි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, ඉනෝෂි ප්‍රනාන්දු, කවිශ්කා දිල්හාරි

මෙම තරග සංචාරයේ නවතම තොරතුරු, ඡායාරූප හා තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට අප සුදානම් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<