ලෝක කුසලානය රැගෙන ඒමේ අදිටනින් ශ්‍රී ලංකාව කලින්ම යයි

711

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හෙට (07) දිනයේ දී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

ලසිත් මාලිංග තවත් තරගයක් කණපිට හරවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස ඊයේ (5) රාත්‍රියේ මුම්බායි…

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් සති කිහිපයක් තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යන්නේ එරට දේශගුණික තත්වයන් වලට සූදානම් වීම, ලෝක කුසලානයට පෙර පුහුණුවීම් කටයුතු කිරීම සහ ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග දෙක සඳහායි.

 

ස්කොට්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගාවලිය ආරම්භ වීමට පෙර, එනම් මැයි මස 18 වනදාට පෙර දින 08ක පුහුණු කඳවුරක් සඳහා Merchants Taylors’ පාසල් ක්‍රීඩාංගණය භාවිතා කරනු ඇත. එයට පසුව ලෝක කුසලානය ආරම්භ කිරීමට සතියකට පමණ පෙර දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමඟ තවත් පුහුණු තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත අතර එම තරග පිළිවෙළින් මැයි මස 24 සහ මැයි මස 31 වැනිදා පැවැත්වේ. ඉන්පසුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු ක්‍රිකට් තරගය, 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරයන් බවට පත්වූ නවසීලන්තය සමඟ ජුනි මස 01 වැනිදා කාර්ඩිෆ් හිදී පැවැත්වේ.

“මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගොඩාක් වැදගත් තරගාවලියක්. මම ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේ කණ්ඩායම විශ්වාස කරලා අපේ කණ්ඩායමේ පිටිපස්සෙන් ඉන්න. ඒක මේ ක්‍රීඩකයින්ට හොඳ තරගයක් දෙන්න ලොකු සවියක් වේවි. එක ජාතියක් වශයෙන් අපි ඒ දේ කළොත් ක්‍රීඩකයින්ගේ උපරිම දස්කම් බලාගන්න අපිට පුළුවන් වෙයි කියලා මම හිතනවා.” යැයි මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

​ශ්‍රී ලංකාව ලෝක විස්සයි විස්ස ශූරයන් අභිබවා ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (3) නිකුත් කරන ලද නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත…

12 වන වතාවට පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බොහෝමයක් දෙනා ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව සිටින්නේ දැඩි අවිශ්වාසයකිනි. ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වයස් සාමාන්‍ය 29.9ක් වන අතර මෙවර තරගාවලිය තුළ සිටින අනෙකුත් කණ්ඩායම් හා සසඳන විට ශ්‍රී ලංකා සංචිතයේ වයස් සාමන්‍ය වැඩි බවක් පෙන්නුම් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය 02 වැනිදා නිකුත් කරන ලද නවතම එක්දින සහ ටෙස්ට් ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලබාගත් දුර්වලම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය වන 09 වැනි ස්ථානය දක්වා පහතට ඇදවැටී ඇත.

>>Photos: Sri Lanka Team Departure for ICC World Cup 2019<<

“අපේ කණ්ඩායම විශේෂ වුනත් නැතත් අපි හොඳින් තරගාවලියට සූදානම් විය යුතුයි. මේ සංචිතයට උපරිම හැකියාව, ජවය තිබෙනවා ලෝක කුසලානයක් රැගෙන එන්න. හොඳ තරග සැලසුම් හදලා හොඳ අභියෝගයක් දුන්නොත් ඕනෑම කණ්ඩායමට අභියෝගයක් දෙන්න අපිට පුළුවන් වේවි.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

පසුගිය වසරක කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 23කට සහභාගී වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 5ක් පමණි. කෙසේ නමුත් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයින් බොහෝමයක් දෙනා සහ නායකයා ගෙවී ගිය වසරකට ආසන්න කාලය තුළ කිසිඳු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නොමැත.

Video – අවසන් 11 තෝරාගනිද්දී මේ ගැනත් හිතන්න – පිටියේ කතා

ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ සංයුතිය, අවසන් 11 තෝරාගන්නා ආකාරය ඇතුළු දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ සියලු…

“ICC විසින් සංවිධානය කරන තරගාවලි තුළ අපේ කණ්ඩායම ඉතාමත් හොඳ දස්කම් දක්වලා තියෙනවා. මේ සංචිතයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉන්නවා. මේ ලැබිලා තියෙන කණ්ඩායමෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක මට විශ්වාසයි. අපි අපේ උපරිම දස්කම් තරගාවලිය තුළදී දක්වලා ලෝක කුසලානය කොහොම හරි මෙරටට රැගෙන එන්න බලාපොරොත්තුවෙනවා. ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන සහාය ඒකට ලොකු ශක්තියක් වෙයි.” යැයි කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය අමතමින් පැවසීය.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩසේ.

අතිරේක ක්‍රීඩකයින් – ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන

ජුනි 1  – නවසීලන්තය – කාර්ඩිෆ්

ජුනි 4  – ඇෆ්ගනිස්තානය – කාර්ඩිෆ්

ජුනි 7  – පාකිස්තානය – බ්‍රිස්ටල්

ජුනි 11  – බංග්ලාදේශය – බ්‍රිස්ටල්

ජුනි 15  – ඕස්ට්‍රේලියාව – ඕවල්

ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්

ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්‍රීට්

ජූලි 1  – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්‍රීට්

ජූලි 6  – ඉන්දියාව – ලීඩ්ස්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.


                                   >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<