ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා 20-20 නායකත්වයට

475
Sri Lanka T20 Squad

අරව්න්ද සිල්වාගේ සභාපතිත්වයෙන් වැඩ ආරම්භ කළ නව තේරීම් කමිටුව විසින් ලෝක කුසලාන 20-20 තරගාවලියේ, ශ්‍රී ලංකා නායකක්වයට ඇන්ජලෝ මැතිව්ස් පත්කර ඇත.

ගරැ දයාසිරි ජයසේකර ඇමතිතුමා සහ නව තේරීම් කමිටුව අද දින (08) ක්‍රීඩා අමාත්‍යාංශයේදි පැවති මාධ්‍ය හමුවේදි මේ බව ප්‍ර‍කාශයට පත්කරෙනු අතර අද දින සිට ආරම්භ වන සුදුකම් ලබා ගැනීමේ වටය සදහා ශ්‍රී ලංකාව තරග වැදීමට ඉන්දියාව බලා නික්ම යෑමට නියමිතයි.

ප්‍ර‍වීන තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක් දින තරග, Test සහ 20-20 තරග යන අංශ තුනේම නායකත්වය හොඹවනු ඇත.

පසුගියදා ශ්‍රී ලංකා බලාපොරොත්තු බිද දමා ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානය හිමිවෙමින් නිමා වු ආසියානු කුසලානයෙන් පසු එහි නායකත්වය දැරැ ප්‍ර‍වීන ක්‍රිඩක ලසිත් මාලිංග, තම දනහිසෙහි ආබාධයක් හේතුකොට ගෙන නායකත්වයෙන් ඉල්ලා අස්වෙන ලදි.

කණ්ඩායමේ උප නායකත්වයට දිනේෂ් චන්දිමාල් නම් කර ඇති අතර නිරෝෂන් දික්වැල්ල සහ ජෙෆ්රි වැන්ඩර්සේ  වෙනුවට පිලිවෙලින් වමත් ක්‍රීඩක ලහිරැ තිරිමාන්න සහ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් නව සංචිතයට පත්කර ඇත.

ලෝක කුසලාන 20-20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය –
ඇන්ජලෝ මැතිව්ස්(නායක), දිනේෂ් චන්දිමාල්(උප නායක), ලසිත් මාලිංග, ලහිරැ තිරිමාන්න, ටි.එම්.ඩිල්ෂාන්, ෂේහාන් ජයසූරිය, තිසර පෙරේරා, රංගන හේරත්, සචිත්‍ර‍ සේනානායක, නුවන් කුලසේකර, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්