මන්දගාමී චන්දිමාල්ට තහනම් වූ තරග දෙකේ ඔටුන්න තිසරට

248

ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් සිටින දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවල ලද තරග තහනම හේතුවෙන් ඉදිරි තරග 2 දී ශ‍්‍රී ලංකා පිල මෙහෙයවීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාව පත්ව කිරීමට ශ‍්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

[rev_slider LOLC]

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉකුත් 10 වැනිදා බංග්ලාදේශය අතර පැවති තරගයේ දී නියමිත කාලය ඇතුළත පන්දුවාර 20 යවා අවසන් නොකිරීම හේතුවෙන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ට තරග 2ක තහනමක් නියම වීම මත ඉහත තීරණයට එළඹීමට තේරීම් කමිටුවට සිදුව තිබේ. එ් අනුව නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙම මස 12 සහ 16 වැනි දින දෙක තුළ දී පැවැත්වෙන තරග 2ට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව චන්දිමාල්ට අහිමිවී තිබේ.

දිනේෂ් චන්දිමාල්ට මීළඟ විස්සයි විස්ස තරග දෙක අහිමි වේ?

“ඉතා සැලකිය යුතු අඩු පන්දුවාර වේගය” නිසා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට නිදහස්…

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර 20 යැවීමට අපොහොසත් වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ද ඔවුන්ගේ තරග මුදලින් 60%ක දඩ මුදලක් නියම කර තිබේ. ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන ලද ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා විසින් මෙම දඬුවම් සහ දඩ මුදල් නියම කර තිබේ.

පන්දුවාර 20ක් යැවිය යුතු කාලයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම යැවීමට සමත්ව ඇත්තේ පන්දුවාර 16ක් පමණක් වන අතර පන්දුවාර 4ක් එලෙස ප‍්‍රමාද වී යවා තිබේ. එම පන්දුවාර සංඛ්‍යාව ප‍්‍රමාද වී ඇත්තේ පන්දු යැවීමේ දී ලබා දෙන දීමනා කාලය ද සැලකිල්ලට ගැනීමෙන් පසුව වීම විශේෂත්වයකි.

පරදින තෙක්ම නොදුටු පැතිකඩ

අතේ තිබූ දේ කටට දාගත නොහැකි වූවා වාගේ යන පැරණි කියමන යළි සිහිගන්වමින්…

ජාත්‍යන්තර තරග සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවා තිබෙන විනය නීති මාලාවේ 2.5.2 වගන්තියට අනුව තරගයක නියමිත කාලය ඇතුළත දී යැවිය යුතු පන්දුවාර සංඛ්‍යාව පන්දුවාර 2ට වඩා අඩු වේ නම් ක්‍රීඩකයන්ට 10%ක දඩයකට යටත් වීමට සිදු වේ. නියමිත කාලය තුළ නොයැවෙන පන්දුවාර සංඛ්‍යාව 2ට වඩා වැඩි වන්නේ නම් ක්‍රීඩකයන් 20%ක දඩයකට යටත් වන අතර නායකයාට තහනම් ලකුණු 2ක් ද එකතු වේ. එසේ තහනම් ලකුණු 2ක් එකතු වීම යනු ටෙස්ට් තරගයක හෝ එක්දින තරග දෙකක් හෝ එසේත් නැතහොත් විස්සයි විස්ස තරග දෙකක් හෝ තහනමකට ලක්වනු ඇත.

මෙම තත්ත්වය මත 12 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයටත් 16 වැනිදා බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගයටත් සහභාගි වීමේ අවස්ථාව චන්දිමාල්ට අහිමි වේ. කෙසේ වෙතත් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට තරග වැදීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලදහොත් එම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව චන්දිමාල්ට උදාවනු ඇත.

කුසල්ලාගේ සිහින රහීම්ගේ ප්‍රහාරයෙන් සුනුවිසුනු වෙයි

තරගය ජය ගැනීමට සඳහා වෙනසක් අත්‍යවශ්‍ය වූ මෙම තරගයේ දී තමීම් ඉක්බාල් සමඟ…

විස්සයි විස්ස තරග අංශයේ ශ‍්‍රී ලංකාව මෙහෙයවන ලද 7 වැනි නායකයා බවට පත්ව සිටින තිසර මීට පෙර තරග 6ක දී ශ‍්‍රී ලංකා පිල මෙහෙයවීමට සමත්වී තිබේ. 2017 වසරේ පාකිස්තානය සමඟ අබුඩාබිහි පැවති තරගයේ දී ප‍්‍රථමයෙන්ම ශ‍්‍රී ලංකා විස්සයි විස්ස පිලේ නායකත්වයට පත්ව තිබෙන අතර අවසන් වරට ඉන්දියාව සමඟ ඉකුත් දෙසැම්බර් මස 24 වැනිදා පැවති තරගය මෙහෙයවා තිබේ. තිසරගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගි වූ තරග  6ම පරාජයට පත්වීම කැපී පෙනෙයි.

ශ‍්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5ක වාර්තාගත ජයක් බංග්ලාදේශ පිල වාර්තා කරන ලද එම තරගයේ රැන්මෝ මාටිනස් සහ රවීන්ද්‍ර විමලසිරි ප‍්‍රධාන විනිසුරුවන් ලෙස ද, ලින්ඩන් හැනිබල් තෙවැනි විනිසුරු ලෙස සහ දීපාල් ගුණවර්ධන සිව්වැනි විනිසුරු ලෙස ද කටයුතු කළහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<