උකුස්සන් සහ ග්ලැඩියේටර් පෙරමුණේ

1149

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ පළමු අදියර ඊයේ (08) උදෑසන නිත්තවෙල දී ආරම්භ විය. ‘Dialog’ විසින් බලගැන්වෙන මෙම තරගාවලිය පෞද්ගලික සමාගම්වල ක්‍රීඩා සමාජ කණ්ඩායම් කාණ්ඩය සහ පාසල් කණ්ඩායම් අතර තරග කාණ්ඩය යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.

දෙවන වසරටත් ශූරතාවය සාන්ත තෝමස් විද්‍යාලයට

නවීන් හේනකන්කානම්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම අන්තර් පාසල් සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉසිපතන විද්‍යාලය…

ඊයේ දිනය පුරාවට නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවතියේ ඉතා ආකර්ෂණීය මෙන්ම ක්‍රීඩාශීලී වාතාවරණයකි. තරගාවලියේ පෞද්ගලික සමාගම්වල ක්‍රීඩා සමාජ ඉතා ඉහළ තත්වයේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වූ අතර තරුණ වයසේ පසුවන පාසල් ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා ද ඊට දෙවැනි වූයේ නැත.

තරගාවලිය සඳහා සහභාගී වන පෞද්ගලික සමාගම්වල ක්‍රීඩා සමාජ 08, කාණ්ඩ දෙකකට බෙදා දක්වන ලදි. ඒ අනුව Walkers CML Vipers, Cargills Gladiators, EYZ Wolves සහ Etisalat Panthers යන කණ්ඩායම් ‘A’ කාණ්ඩයෙන් තරග කළ අතර, Access Kings, KBSL Dragons සහ Softlogic Warriors යන කණ්ඩායම් පසුගිය වසරේ සුපර් සෙවන්ස් තරගාවලියේ ශූරතාවය දිනාගත් Mobitel Eagles කණ්ඩායම සමඟින් ‘B’ කාණ්ඩයෙන් තරග කරනු ලැබීය.

Mobitel Eagles කණ්ඩායම පසුගිය වසරේ මෙන්ම මෙවර තරගාවලියේ දී ද ඉතා දක්‍ෂ අන්දමින් ක්‍රීඩා කරන අතර ඊයේ දිනය අවසානයේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස රැඳී සිටින්නට ඔවුන් සමත් විය. ඔවුන් දිනය පුරාවට උත්සාහක දිනුම් 10ක් වාර්තා කර ගත් අතර එයින් 03කට හිමිකම් කියනු ලැබුවේ ලී කීගල් ය.

‘A’ කාණ්ඩය වඩාත් තරගකාරී ස්වරූපයක් ගත් අතර දිනය අවසානයේ ‘A’ කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ Cargills Gladiators කණ්ඩායමයි. ඔවුන් Etisalat Panthers සහ Walkers CML Vipers කණ්ඩායම් දෙක සමඟ පැවති තරග ද්විත්වය ජයග්‍රහණය කරන්නට සමත් විය. Etisalat Panthers කණ්ඩායම ද මෙහි දී තරග දෙකක් ජය ගන්නට සමත් වූ නමුත් ඔවුන් Cargills Gladiators කණ්ඩායම සමඟ පැවති තරගය පරාජය වීම හේතුවෙන් ඔවුන්ට හිමි වූයේ ‘A’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය යි.

කෙසේ නමුත් මෙම කණ්ඩායම් අට ටම තවමත් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අවස්ථාව ඇත. ඒ ශූරතා කුසලානය සඳහා පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරග මෙම කණ්ඩායම් 08 අතරේම පැවැත්වෙන නිසායි. ඒ අනුව එම තරග අද (09) උදෑසන ආරම්භ වීමට නියමිතයි.

සුපර් සෙවන්ස් තරග කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග

  • Cargills Gladiators vs Softlogic Warriors
  • Etisalat Panthers vs Access Kings
  • Walkers CML Vipers vs KBSL Dragons
  • EYZ Wolves vs Mobitel Eagles

KBSL Dragons කණ්ඩායමේ බුද්ධිම පියරත්න දිනයේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා ලෙස දිනය අවසන් කළ අතර එහිදී ඔහු තරග තුනක දී උත්සාහක දිනුම් 07ක් වාර්තා කරගන්නට සමත් විය. එමෙන්ම Etisalat Panthers කණ්ඩායමේ නවීන් හේනකන්කානම්ගේ ද උත්සාහක දිනුම් 05ක් වාර්තා කරගන්නට සමත් විය.  

පාසල් තරග අංශයේ ද කණ්ඩායම් 08ක් කාණ්ඩ 2ක් යටතේ තරග වදින ලදි. ඒ අනුව දිනය අවසානයේ සාන්ත ජෝසප් විද්‍යාලය ‘A’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූයේ එම කාණ්ඩයෙන් තරග වදින අනෙක් කණ්ඩායම් වන මහනුවර ධර්මරාජ විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අභිබවා යමිනි. අනෙක් පසින් සාන්ත අන්තෝනි විද්‍යාලය, විද්‍යා විද්‍යාලය සහ කිංස්වුඩ් විද්‍යාලය අභිබවමින් ‘B’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය යි.

වයස අවුරුදු 18න් පහළ කණ්ඩායම් අතර ද උණුසුම් තරග කිහිපයක් පැවති අතර එහි දී කිංස්වුඩ් විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය ශූරතා කුසලානය සඳහා වන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තරග ප්‍රතිඵල – පළමු දිනය

තරගය කණ්ඩායම 01 ලකුණු ලකුණු කණ්ඩායම 02
SCH A-1 vs SCH A-4 ඉසිපතන විද්‍යාලය 14 17 සාන්ත පීතර විද්‍යාලය
SCH A-2 vs SCH A-3 ධර්මරාජ විද්‍යාලය 19 19 සාන්ත ජෝසප් විද්‍යාලය
SCH B-1 vs SCH B-4 සාන්ත අන්තෝනි විද්‍යාලය 12 7 කිංස්වුඩ් විද්‍යාලය
SCH B-2 vs SCH B-3 ත්‍රිත්ව විද්‍යාලය 22 17 විද්‍යා විද්‍යාලය
FA-1 vs FA-4 Walkers CML Vipers 12 19 Cargills Gladiators
FA-2 vs FA-3 EZY Wolves 17 19 Etisalat Panthers
FB-1 vs FB-4 Access Kings 12 26 Mobitel Eagles
FB-2 vs FB-3 KBSL Dragons 22 19 Softlogic Warriors
SCH A-1 vs SCH A-3 ඉසිපතන විද්‍යාලය 10 14 සාන්ත ජෝසප් විද්‍යාලය
SCH A-2 vs SCH A-4 ධර්මරාජ විද්‍යාලය 5 31 සාන්ත පීතර විද්‍යාලය
SCH B-1 vs SCH B-3 සාන්ත අන්තෝනි විද්‍යාලය 19 33 විද්‍යා විද්‍යාලය
SCH B-2 vs SCH B-4 ත්‍රිත්ව විද්‍යාලය 17 10 කිංස්වුඩ් විද්‍යාලය
FA-1 vs FA-3 Walkers CML Vipers 7 26 Etisalat Panthers
FA-2 vs FA-4 EZY Wolves 26 05 Cargills Gladiators
FB-1 vs FB-3 Access Kings 17 14 Softlogic Warriors
FB-2 vs FB-4 KBSL Dragons 21 24 Mobitel Eagles
SCH A-1 vs SCH A-2 ඉසිපතන විද්‍යාලය 19 22 ධර්මරාජ විද්‍යාලය
SCH A-3 vs SCH A-4 සාන්ත ජෝසප් විද්‍යාලය 26 0 සාන්ත පීතර විද්‍යාලය
SCH B-1 vs SCH B-2 සාන්ත අන්තෝනි විද්‍යාලය 15 24 ත්‍රිත්ව විද්‍යාලය
SCH B-3 vs SCH B-4 විද්‍යා විද්‍යාලය 28 5 කිංස්වුඩ් විද්‍යාලය
FA-1 vs FA-2 Walkers CML Vipers 17 14 EZY Wolves
FA-3 vs FA-4 Etisalat Panthers 15 19 Cargills Gladiators
FB-1 vs FB-2 Access Kings 15 26 KBSL Dragons
FB-3 vs FB-4 Softlogic Warriors 5 14 Mobitel Eagles
SCH/Cup Q/F-1 සාන්ත ජෝසප් විද්‍යාලය 12 17 කිංස්වුඩ් විද්‍යාලය
SCH/Cup Q/F-2 ධර්මරාජ විද්‍යාලය 19 31 විද්‍යා විද්‍යාලය
SCH/Cup Q/F-3 සාන්ත පීතර විද්‍යාලය 24 07 සාන්ත අන්තෝනි විද්‍යාලය
SCH/Cup Q/F-4 ඉසිපතන විද්‍යාලය 21 31 ත්‍රිත්ව විද්‍යාලය

තරගාවලියේ දෙවන දිනයේ තරග අද පෙ.ව. 8.30 ට මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව තරගාවලිය හෙට පෙ.ව. 8.30 සිට ඔබට ThePapare.com හරහා සජීවීව නැරඹිය හැක.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<