බොහෝ  රග්බිලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය ලබන මාසයේ දී (ජුලි) පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය බලාපොරොත්තු වන අතර එහි ක්‍රීඩක වෙන්දේසිය සඳහා දේශීය ක්‍රීඩකයන් 138 දෙනෙකුගෙන් යුතු ලැයිස්තුවක් මේ වන විටත් නිකුත් කර තිබේ.

නිලූෆගේ මඟ පෙන්වීම යුද හමුදාවට

ආදි කිංස්වුඩ් ක්‍රීඩකයෙක්, මහනුවර රග්බි සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙක්, නාවික හමුදා ක්‍රීඩකයෙක් මෙන්ම..

රග්බි තරු රැසකගේ සහභාගීත්වයෙන් වර්ණවත් වූ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියේ පළමු දිගහැරුම  සනිටුහන් වූ අතර කණ්ඩායම් 8ක සටනක් බවට පත් වූ මෙම තරගාවලිය අති සාර්ථකව අවසන් කරන්නට ශ්‍රී ලංකා රග්බි බලධාරීන් සමත්  විය. එයට ජාත්‍යන්තර අත්දැකීම් බහුල  විදෙස් ක්‍රීඩකයන් රැසක්ද එක්වුණේ වෘත්තීය ක්‍රීඩකත්වයක් මෙන්ම ලෝක ශූරතා රග්බි තරගාවලිය ආසන්නයටම ශ්‍රේණිගත කළ හැකි මට්ටමේ ගුණාත්මකභාවයක් ද ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් වෙත එක් කරමිනුයි.

මෙම වසරේ තරගාවලිය ආරම්භ කරමින් පළමු අදියර ජුලි මස 8 සහ 9 දිනවල මහනුවර දී පැවැත්වීමට සංවිධායකයන් බලාපොරොත්තු වන අතර දෙවන අදියර ජුලි 15 -16 දෙදින තුල මනස්කාන්ත කොළඹ තුරඟ තරග රග්බි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය දේශීය ක්‍රීඩකයන් 138 දෙනෙකුගෙන් යුතු ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. මූලික වශයෙන් මෙම ලැයිස්තුවට ඇතුළත් ක්‍රීඩකයන් සමඟ ගිවිසුම් ගත වීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව ලැබෙන අතර පසුව ජාත්‍යන්තර ක්‍රීඩකයන් සඳහා ලංසු තැබීමේ අවස්ථාව ඔවුන්ට හිමි වනු ඇති.

මෙම ක්‍රීඩකයින් 138 දෙනා ඔවුන්ගේ හැකියාවන් සහ අත්දැකීම් පදනම් කරගෙන  A, B, C සහ D ලෙස කාණ්ඩ 4 කට වර්ගීකරණය කර තිබේ.

A කාණ්ඩය  

මෙම කාණ්ඩය සමන්විත වන්නේ වර්තමාන ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් ය. සත් සාමාජික ජාතික කණ්ඩායමේ නායක ධනුෂ්ක රංජන් සහ ෆාසිල් මරීජා වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත මෙම කාණ්ඩය වැඩිම මූලික ලංසු අගයකින් සමන්විත වනු ඇති.

  1. ජේසන් දිසානායක – මහනුවර ක්‍රී. ස
  2. ධනූෂ් දයාන් – මහනුවර ක්‍රී. ස.
  3. අනුරාධ හේරත් – CR & FC ක්‍රී. ස.
  4. සුදර්ශන මුතුතන්ත්‍රී – හැව්ලොක් ක්‍රී. ස.
  5. ධනුෂ්ක රංජන් – මහනුවර ක්‍රී. ස.
  6. රිචර්ඩ් ධර්මපාල – මහනුවර ක්‍රී. ස.
  7. කෙවින් ඩික්සන් – හැව්ලොක් ක්‍රී. ස.
  8. රීසා රෆායිඩීන් – CR & FC ක්‍රී. ස.
  9. කවිඳු පෙරේරා – CR & FC ක්‍රී. ස.
  10. චානක චන්දිමාල් – නාවික හමුදා ක්‍රී. ස.
  11. ඔමල්ක ගුණරත්න – CR & FC ක්‍රී. ස.
  12. බුද්ධිම පියරත්න – නාවික හමුදා ක්‍රී. ස.
  13. නිශෝන් පෙරේරා – හැව්ලොක් ක්‍රී. ස.
  14. සමිත් ධනංජය – නාවික හමුදා ක්‍රී. ස.
  15. තරින්ද රත්වත්ත – CR & FC ක්‍රී. ස.
  16. ෆාසිල් මරීජා – මහනුවර ක්‍රී. ස.

B කාණ්ඩය  

මෙම කාණ්ඩය සමන්විත වන්නේ ජාතික සංචිතය නියෝජනය කිරීමේ විභවයක් ඇති ක්‍රීඩකයන් ගෙනුයි. මේ අතරට සත් සාමාජික හෝ දීර්ඝ තරග සඳහා ද ශ්‍රී ලංකා නිල ඇඳුම පැළඳීමේ ගෞරවය ලද ක්‍රීඩකයන් මෙන්ම අනාගත තරු ලෙස බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයන් ද ඇතුළත් වෙයි

  1. රෙහාන් සිල්වා – CR & FC ක්‍රී. ස.
  2. කවිඳු කොස්තා – CR & FC ක්‍රී. ස.
  3. සුදම් සූරියආරච්චි – හැව්ලොක් ක්‍රී. ස.
  4. අනුරුද්ධ විල්වර – මහනුවර ක්‍රී. ස.
  5. සාලිය හඳපාන්ගොඩ – නාවික හමුදා ක්‍රී. ස.
  6. සශාන් මොහොමඩ් – CR & FC ක්‍රී. ස.
  7. ලී කීගල් – නාවික හමුදා ක්‍රී. ස.
  8. සුදර්ශන දික්කුඹුර – හැව්ලොක් ක්‍රී. ස.
  9. හිරන්ත පෙරේරා – හැව්ලොක් ක්‍රී. ස.
  10. දුලාජ් පෙරේරා – හැව්ලොක් ක්‍රී. ස.
  11. ගණිඳු ලක්ෂාන් – හැව්ලොක් ක්‍රී. ස.
  12. නාලක මධුරංග – යුද හමුදා ක්‍රී. ස.
  13. සුහිරු ඇන්තනි – මහනුවර ක්‍රී. ස.
  14. ගයාන් වීරරත්න – මහනුවර ක්‍රී. ස.
  15. ෂෙහාන් පතිරණ – මහනුවර ක්‍රී. ස.
  16. රොෂාන් වීරරත්න – මහනුවර ක්‍රී. ස.
  17. වජීඩ් ෆවුමි – පොලිස් ක්‍රී. ස.
  18. අදීශ වීරතුංග – නාවික හමුදා ක්‍රී. ස.
  19. නිරෝෂන් ප්‍රනාන්දු – හැව්ලොක් ක්‍රී. ස.
  20. නවීන් හේනකංකානම්ගේ – සාන්ත තෝමස් විද්‍යාලය
  21. තාරික් සාලි – CR & FC ක්‍රී. ස.
  22. සිතුම් පීරිස් – හැව්ලොක් ක්‍රී. ස.
  23. මොහොමඩ් අබ්සාල් – නාවික හමුදා ක්‍රී. ස.
  24. ලවංග පෙරේරා – මහනුවර ක්‍රී. ස.
  25. තිලින විජේසිංහ – මහනුවර ක්‍රී. ස.
  26. විමුක්ති රාහුල – හැව්ලොක් ක්‍රී. ස.
  27. රදීෂ සෙනෙවිරත්න – ගුවන් හමුදා ක්‍රී. ස.
  28. සසංක ආරියරත්න – CR & FC  ක්‍රී. ස.
  29. තිලින වීරසිංහ – නාවික හමුදා ක්‍රී. ස.
  30. සුරංග බණ්ඩාර – පොලිස් ක්‍රී. ස.
  31. සුපුන් ඩිල්ශාන් – නාවික හමුදා ක්‍රී. ස.
  32. නුවන් පෙරේරා – ගුවන් හමුදා ක්‍රී. ස.

C කාණ්ඩය

මෙම කාණ්ඩය සමන්විත වන්නේ ප්‍රධාන පෙලේ ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩකයින්ගෙනි. ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් ද කාණ්ඩ දෙකකට වර්ගීකරණය කර ඇති අතර මෙම කාණ්ඩයට ක්‍රීඩකයන් 48 දෙනෙකු ඇතුළත් වෙයි.   

  1. රුවන් කුමාර – CH & FC ක්‍රී. ස.
  2. ජනිත් චානක – CR & FC ක්‍රී. ස.
  3. මුශීන් ෆලීල් – පොලිස් ක්‍රී. ස.
  4. ජනිත් දෙනියගේ – පොලිස් ක්‍රී. ස.
  5. තනුජ මධුරංග – නාවික හමුදා ක්‍රී. ස.
  6. ගයන්ත ඉද්දමල්ගොඩ – ගුවන් හමුදා ක්‍රී. ස.
  7. සූරිය ක්‍රිෂාන් – ගුවන් හමුදා ක්‍රී. ස.
  8. ගයාන් ඩිල්ශාන් – CR & FC ක්‍රී. ස.
  9. භුවනෙක උදන්ගමුව – මහනුවර ක්‍රී. ස.
  10. ජොඑල් පෙරේරා – පොලිස් ක්‍රී. ස.
  11. ඔෂාන් පෙරේරා – මහනුවර ක්‍රී. ස.
  12. හෂාන් මධුරංග – CH & FC ක්‍රී. ස.
  13. අසිත රත්නායක – මහනුවර ක්‍රී. ස.
  14. සංදේශ් ජයවික්‍රම – පොලිස් ක්‍රී. ස.
  15. මේඛලංක ප්‍රමෝද් – CR & FC ක්‍රී. ස.
  16. රන්දිත වර්ණපුර – CR & FC ක්‍රී. ස.
  17. චාමර දාබරේ – හැව්ලොක් ක්‍රී. ස.
  18. ලහිරු ලක්ෂාන් – නාවික හමුදා ක්‍රී. ස.
  19. ශර්මාල් වීරසේකර – CR & FC ක්‍රී. ස.
  20. ඉරංග ආරියපාල – යුද හමුදා ක්‍රී. ස.
  21. සෙනාල් දීලක – හැව්ලොක් ක්‍රී. ස.
  22. රුමේෂ් රාම්දාස් – ගුවන් හමුදා ක්‍රී. ස.
  23. රමේෂ් ප්‍රනාන්දු – හැව්ලොක් ක්‍රී. ස.
  24. වගීෂ වීරසිංහ – CR & FC ක්‍රී. ස.
  25. ෂෙහාන් ඩයස් – හැව්ලොක් ක්‍රී. ස.
  26. උදය සංජුල – පොලිස් ක්‍රී. ස.
  27. නලීන් කුමාර – CR & FC ක්‍රී. ස.
  28. රෂේන් බණ්ඩාරනායක – ත්‍රිත්ව විද්‍යාලය
  29. දිනේෂ් ලක්ෂාන් – නාවික හමුදා ක්‍රී. ස.
  30. ඉරෝෂන් සිල්වා – පොලිස් ක්‍රී. ස.
  31. පියුම් ජයසිංහ – CR & FC ක්‍රී. ස.
  32. ෂාරෝ ප්‍රනාන්දු – හැව්ලොක් ක්‍රී. ස.
  33. චරිත් සෙනෙවිරත්න – ගුවන් හමුදා ක්‍රී. ස.
  34. සඳුන් කොඩිතුවක්කු – පොලිස් ක්‍රී. ස.
  35. රිචී ධර්මපාල – නාවික හමුදා ක්‍රී. ස.
  36. භානුක නානායක්කාර – CR & FC ක්‍රී. ස.
  37. තිලිණ බණ්ඩාර – ගුවන් හමුදා ක්‍රී. ස.
  38. දිනුෂ චතුරංග – නාවික හමුදා ක්‍රී. ස.
  39. නිවංක ප්‍රසාද් – නාවික හමුදා ක්‍රී. ස.
  40. සජිත් සාරංග – නාවික හමුදා ක්‍රී. ස.
  41. චූලා සුසන්ත – CH & FC ක්‍රී. ස.
  42. සුරංග පුෂ්පකුමාර – නාවික හමුදා ක්‍රී. ස.
  43. සඳුන් හේරත් – හැව්ලොක් ක්‍රී. ස.
  44. ප්‍රමෝද් පද්මසංක – ගුවන් හමුදා ක්‍රී. ස.
  45. අශාන් ද කොස්තා – CR & FC ක්‍රී. ස.
  46. ගයාන් වික්‍රමරත්න – නාවික හමුදා ක්‍රී. ස.
  47. අශාන් බණ්ඩාර – යුද හමුදා ක්‍රී. ස.
  48. ඉෂාර මධුශාන් – ගුවන් හමුදා ක්‍රී. ස.

D කාණ්ඩය

මෙම කාණ්ඩයට ද ඇතුළත් වන්නේ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් වන අතර ඔවුන් ගණනින් 42දෙනෙකු වේ. එමෙන්ම මෙම කාණ්ඩයට පාසල් ක්‍රීඩා පිටියට සමු දී වෘත්තීය රග්බි ක්ෂේත්‍රයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසු වන  වයස අවුරුදු 23න්  පහළ ක්‍රීඩකයන් රැසක් ද ඇතුළත් කර තිබේ.

  1. ඉහ්තිෂාම් ජලීල් – ගුවන් හමුදා ක්‍රී. ස.
  2. කුෂාන් ඉඳුනිල් – CR & FC ක්‍රී. ස.
  3. අසිත පුංචිහේවා – නාවික හමුදා ක්‍රී. ස.
  4. රයන් වීරකෝන් – CH & FC ක්‍රී. ස.
  5. ෆාරිස් අලී – CH & FC ක්‍රී. ස.
  6. හර්ෂ මධුරංග – ගුවන් හමුදා ක්‍රී. ස.
  7. අශ්වන්ත හේරත් – CH & FC ක්‍රී. ස.
  8. ස්ටීව් ධර්මරත්න – පොලිස් ක්‍රී. ස.
  9. විහඟ පිවිතුරු – හැව්ලොක් ක්‍රී. ස.
  10. උදාර ලක්ෂාන් – CH & FC ක්‍රී. ස.
  11. දේවින්ද ප්‍රසාද් – හැව්ලොක් ක්‍රී. ස.
  12. දිනිඳු තිවංක – පොලිස් ක්‍රී. ස.
  13. කෝසල තිසේරා – නාවික හමුදා ක්‍රී. ස.
  14. ජෙරෝ ධනංජය – ගුවන් හමුදා ක්‍රී. ස.
  15. ඉමංක ආරියපාල – යුද හමුදා ක්‍රී. ස.
  16. උදාර චානක – පොලිස් ක්‍රී. ස.
  17. උත්පල එදිරිසිංහ – පොලිස් ක්‍රී. ස.
  18. ශානක කුමාර – CR & FC ක්‍රී. ස.
  19. තිසිල කරුණාතිලක – CR & FC ක්‍රී. ස.
  20. මොහොමඩ් රිස්වි – යුද හමුදා ක්‍රී. ස.
  21. ඉසුරු ජයරත්න – ගුවන් හමුදා ක්‍රී. ස.
  22. ලහිරු ජයතිස්ස – CH & FC ක්‍රී. ස.
  23. ප්‍රියන්ත ඒකනායක – CH & FC ක්‍රී. ස.
  24. ක්ලෝඩ් චානක – CH & FC ක්‍රී. ස.
  25. ශාමින්ද උදයකුමාර – ගුවන් හමුදා ක්‍රී. ස.
  26. රංජන් බද්දේගම – ගුවන් හමුදා ක්‍රී. ස.
  27. එරන්ද වීරක්කොඩි – මහනුවර ක්‍රී. ස.
  28. කසුන් රාජපක්ෂ – පොලිස් ක්‍රී. ස.
  29. ෂෙනාල් මාරලන්ද – ත්‍රිත්ව විද්‍යාලය
  30. ශාඛ්‍ය බණ්ඩාර – CH & FC ක්‍රී. ස.
  31. ප්‍රින්ස් චාමර – CR & FC ක්‍රී. ස.
  32. හේෂාන් චතුරංග – CH & FC ක්‍රී. ස.
  33. මධුශංක කසුන් – ගුවන් හමුදා ක්‍රී. ස.
  34. උදේශ් මධුශංක – නාවික හමුදා ක්‍රී. ස.
  35. මධූෂ හපුගස්කුඹුර – යුද හමුදා ක්‍රී. ස.
  36. සුපුන් හේරත් – හැව්ලොක් ක්‍රී. ස.
  37. අයේෂ් තිවංක – නාවික හමුදා ක්‍රී. ස.
  38. රවිඳු සොයිසා – CH & FC ක්‍රී. ස.
  39. සාලින්ද චාමර – හැව්ලොක් ක්‍රී. ස.
  40. දිලක්ෂ චාමර – මහනුවර ක්‍රී. ස.
  41. ගොඩ්ෆ්‍රි වයිට් – CH & FC ක්‍රී. ස.
  42. නිරෝෂ් උදයංග පෙරේරා – නාවික හමුදා ක්‍රී. ස.

කණ්ඩායම් හිමිකරුවන් පිලිබඳ අවසන් තීරණ ගැනීමෙන් අනතුරුව  මෙම දේශීය ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට <<