මැතිව්ස් හා ධනංජය විස්සයි විස්ස සංචිතයට

178

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය එළඹෙන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පසුගිය දා ප්‍රකාශයට පත්කෙරිනි. එහි දී මාස 18කට පසුව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් එම සංචිතයට එක්කර ඇත. 

ඕස්ට්‍රේලියා වේදිකාවෙන් බැස යන පීටර් සිඩ්ල්

ඕස්ට්‍රේලියාවේ ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක පීටර් …….

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර සහභාගි වූ ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා එක්වූ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් පමණක් සිදු කරමින් මෙම නව සංචිතය නම් කර ඇත. වසර ගණනක විරාමයකින් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියේ දී පන්දු ‍යැවීමට සූදානමින් සිටින අතර එය ශ්‍රී ලංකා පන්දු බලඇණියට මහත ශක්තියක් වනු නොඅනුමානය. ඕස්ට්‍රේලියා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් බිඳ හෙලා තිබුණේ ඕස්ට්‍රේලියා කඩුලු 6ක් පමණි. 

පසුගිය සතියේ පැවති පුහුණු සැසියක දී වළලුකර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු ‍යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට මෙම තරගාවලිය අහිමිව ඇති අතර ඔහු වෙනුවට කසුන් රාජිත සංචිතයට එක්කර ඇත. පාකිස්තාන තරග සංචාරයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ ශෙහාන් ජයසූරිය මෙම තරගාවලිය සඳහා එක්කර නොමැති අතර ඔහු වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට එක්කර ඇත. 

  • එක්වන ක්‍රීඩකයන් – ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා
  • ඉවත් වන ක්‍රීඩකයන් – ශෙහාන් ජයසූරිය, නුවන් ප්‍රදීප්

ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් මෙම ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ලසිත් මාලිංග හට හිමිව ඇත. 2019 වසරේ මාලිංග නායකත්වය දැරූ තරග 9ක් පරාජය වී ඇති අතර ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණි. 2020 වසර ආරම්භ කරමින් පැවැත්වෙන මෙම තරගාවලිය මාලිංග ගේ නායකත්වය පරීක්ෂා කරන තරගාවලියක් වනු ඇත. 

තිසරට හමුදාවෙන් ලොකු තනතුරක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් …….

ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය සඳහා ලසිත් මාලිංග, ඉසුරු උදාන, ලහිරු කුමාර හා කසුන් රාජිත එක්ව ඇති අතර වනිඳු හසරංග හා ලක්ශාන් සඳකැන් දඟපන්දු ‍යවන්නන් ලෙස එක්ව ඇත. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස ධනංජය ද සිල්වා හා දනුෂ්ක ගුණතිලක කටයුතු කරන අතර දසුන් ශානක හා ඇන්ජලෝ මැතිව්ස් මද වේගපන්දු ‍යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටී. 

ශ්‍රී ලංකා පිතිකරන ලැයිස්තුව ද මැතිව්ස්ගේ එක්වීම නිසා තවත් ශක්තිමත් වී ඇති අතර ඕෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් හා නිරෝශන් දික්වැල්ල අතර මුල් ස්ථාන සඳහා ප්‍රබල සටනක් නිර්මාණය වී ඇත.

ෂෙහාන් ජයසූරිය ජයග්‍රාහී ගමනකට මඟ පාදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද ( 29) පැවති අවසන්……….

තරගාවලිය ස සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම 

ලසිත් මාලිංග (නායක), කුසල් පෙරේරා, ධනුශ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ඕශධ ප්‍රනාන්දු, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝශන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලක්ශාන් සඳකැන්, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, ඉසුරු උදාන, කසුන් රාජිත

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ඉන්දීය තරග සංචාරයක් සඳහා තිසර පෙරේරාගේ නායකත්වය යටතේ එක්වූ අතර එහි දී 3-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. 

2020 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙම ඉන්දීය තරග සංචාරය මනා පුහුණුවක් වනු ඇත. 

තරග කාලසටහන 

  • ජනවාරි 5 – පළමු විස්සයි විස්ස තරගය – ග්වාහටී හිදී
  • ජනවාරි 7 – දෙවන විස්සයි විස්ස තරගය – ගෘහස්ථ 
  • ජනවාරි 10 – තෙවැනි විස්සයි විස්ස තරගය – පූනේ හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<