SAFF කාන්තා ශූරතාවලියට එක්වුණු ශ්‍රී ලංකා සංචිතය

226

නේපාලයේ පැවැත්වෙන 2019 SAFF කාන්තා පාපන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කර තිබුණි.

චලනිගේ ගෝල ද්විත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි

මාලදිවයින ගෝල 2-0ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 5 වන SAFF කාන්තා ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් විය…

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම පසුගිය මාර්තු 10 වැනිදා නේපාලය දක්වා පිටත්ව ගියේ මාර්තු මස 12 වැනිදා ආරම්භ වූ 5 වැනි SAFF කාන්තා පාපන්දු ශූරතාවලිය සඳහා සහභාගී වීමටයි. තරගාවලිය අවසන් වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන මාර්තු 22 වැනිදා යි. ශ්‍රී ලංකාව වත්මන් ශූර ඉන්දියාව හා මාලදිවයින සමඟින් B කාණ්ඩයේ තරග වදින අතර නේපාලය, බංගලාදේශය හා භූතානය A කාණ්ඩයේ තරග වදිනු ඇත.

ප්‍රධාන පුහුණුකරු තිලක් අල්පොන්සු මහතා යටතේ කණ්ඩායම නේවාසික පුහුණු කඳවුරකට ද සහභාගී වූ අතර මෙම තරගාවලියට පෙර කණ්ඩායම බහරේනයේ සංචාරයකට ද එක් විය. එහි දී ඔවුන් බහරේන් ජාතික පාපන්දු කණ්ඩායම සමඟින් සුහද තරග තුනක් ක්‍රීඩා කළේ SAFF ශූරතාවලියට පෙර පුහුණුවක් වශයෙනි.

“මට කණ්ඩායම විශ්වාසයි, අපි පුහුණු කඳවුරු කිහිපයකටම සහභාගී වුනා, ජාත්‍යන්තර සුහද තරග කිහිපයකටත් සහභාගී වුනා, අපේ ප්‍රධාන අරමුණ අවසන් පූර්ව වටයට පිවිසීම සහ ඉන් අනතුරුව අපි අනෙකුත් දේවල් ගැන සිතනවා.” පුහුණුකරු තිලක් අල්පොන්සු මහතා පවසා සිටියේය.

දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

5 වැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම සහභාගී වීමට නියමිතයි. තරගාවලිය…

එරන්දි ලියනගේ කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන අතර රුෂානි ගුණවර්ධන කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කරයි. දීලාශා ඩයස්, පූර්ණිමා පෙරේරා, හෂිනි ආරියරත්න, කේ. පී. කුමුදුනි වැනි ප්‍රවීණ ක්‍රීඩිකාවන් ද කණ්ඩායමට ඇතුලත්ව සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සංචිතය

එරන්දි ලියනගේ (නායිකාව), රුශානි ගුණවර්ධන (උපනායක), පූර්ණිමා පෙරේරා, මහේෂි ගොඩවලගේ, යොහානි වීරසිංහ, එන්. මධුශානි, දිලාෂා ඩයස්, සෙව්වන්දි මානවඩු, තිලිනි ජයසිංහ, කේ. පී. කුමුදුනි, අචලා සංජිවනී, ටී. කේ. අංජලා, තුෂානි මධුෂිකා, ප්‍රවීනා පෙරේරා, අයෝමි විජේරත්න, චලනි ඒකනායක, චමන්තා ෆ්‍රැන්සිස්, ඉමේෂා විතානගේ, හෂිනි ආරියරත්න, නිසංසලා කුමාරි

නිලධාරීන්

තිලක් අල්පොන්සු (ප්‍රධාන පුහුණුකරු), ධම්මික අතුකෝරාළ (සහය පුහුණුකරු), දීපානි සමරසිංහ (සහය පුහුණුකරු), ලලිත් වීරසිංහ (ගෝල රැකීමේ පුහුණුකරු), හිරාන් රත්නායක (කළමනාකරු), ගංගා ජයසුන්දර (භෞත චිකිත්සක)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<