ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම

218

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා මේ වනවිට එංගලන්තය ලහි ලහියේ සූදානම් වෙමින් සිටී. එළඹෙන ජූලි මස 12 ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ජූලි මස 21 වනදා දක්වා ලිවර්පූල් හි M&S Bank Arena හිදී පැවැත්වීමට නියමිතය.

ශූරතාවය අපරාජිත මැලේසියාවට

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සිව්කොන් දැල්පන්දු තරගාවලියේ අවසන් දිනය…

2018 සහ 2019 වසර වල දැක්වූ දක්ශතා නිසාවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ භාග්‍ය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ඒ ආසියානු ශූරයන් වෙමිනි.

ඒ අනුව ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය, ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය සමඟින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පසුගියදා නිවේදනය කළේය.

2018 වසරේ ආසියානු ශූරතාවය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් පමණක් සිදුව ඇති මෙම සංචිතයට ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඇතුළත්ව සිටී. ආසියානු තරගාවලියට සහභාගී වූ සුරේඛා ගමගේ වෙනුවට දීපිකා දර්ශනී ඇතුළත් කිරීමට ජාතික දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චතුරංගි ජයසූරිය වෙත පැවරී ඇති අතර ඇය ආසියානු ශූරතාවයේදී ද කණ්ඩායම මෙහෙයවීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය ලෙස තිලකා ජිනදාස මහත්මිය කටයුතු කරයි.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්තය ඇතුළත් වේ. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය සිම්බාබ්වේ සමඟින් ජූලි 12 වනදා පැවැත්වීමට නියමිතය.

මැලේසියාව සහ කෙන්යාව අවසන් සටනට

රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ සිව්කොන් දැල්පන්දු තරගාවලියේ සාර්ථක…

2019 ලෝක දැල්පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය – චතුරංගි ජයසූරිය (නායිකා/ගුවන් හමුදා ක්‍රීඩා සමාජය), දර්ශිකා අබේවික්‍රම (හැටන් නැෂනල් බැංකු කණ්ඩායම), ගයනි දිසානායක (හැටන් නැෂනල් බැංකු කණ්ඩායම), තර්ජිනී සිවලිංගම් (සෙලාන් බැංකු කණ්ඩායම), තිළිණි වත්තේගෙදර (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය), ගයාංජලී අමරවංශ (හැටන් නැෂනල් බැංකු කණ්ඩායම), හසිතා මෙන්ඩිස් (නාවික හමුදා ක්‍රීඩා සමාජය), දීපිකා දර්ශනී (නාවික හමුදා ක්‍රීඩා සමාජය), දුලාංගි වන්නිතිලක (නාවික හමුදා ක්‍රීඩා සමාජය), දුලංගා දනංජි (නාවික හමුදා ක්‍රීඩා සමාජය), එලිලෙන්තිනි සේතුකාවලාර් (CDB බැංකු කණ්ඩායම), නවුචලී රාජපක්ෂ.  

අතිරේක ක්‍රීඩිකාවන් – මරීසා ප්‍රනාන්දු (යුද හමුදා ක්‍රීඩා සමාජය), සුරේඛා ගමගේ (යුද හමුදා ක්‍රීඩා සමාජය), ගයාත්‍රී කෞශල්‍යා (යුද හමුදා ක්‍රීඩා සමාජය).

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<