ගෙවුණු දවස ඔක්තෝබර් 15 – ශ්‍රී ලංකා රග්බි කොයිබටද?

195
Sri Lanka sports news lst day summary 2017 october 15th

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

රග්බි –

ශ්‍රී ලංකාවට තෙවැනි තැන

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියරේ ශ්‍රී ලංකාව සහභාගී වූ අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ඊයේ (15) කොළඹ ජාත්‍යන්තර තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී නැවත වරක් හොං කොං කණ්ඩායම හමුවේ පරාජයකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 12-26ක් ලෙසයි.

සම්පූර්ණ වාර්තාව: හොං කොං බාධකය ජය ගන්නට ශ්‍රී ලංකාව යළිත් අසමත් වෙයි

රග්බි කාන්තාවන් දස්කම් අතරට

විශිෂ්ට ඝනයේ ක්‍රීඩා විලාශයකින් ප්‍රබල සටනක් දියත් කළ ද, අවාසනාවන්ත ලෙස යලිත් වරක් හොංකොං ක්‍රීඩිකාවන් හමුවේ තියුණු පරාජයක් අත් විඳි ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට, ඊයේ (15) සවස කොළඹ තුරඟ තරග රග්බි ක්‍රීඩාංගණයේ දී අවසන් වූ ආසියානු ශූරතා කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

තරග ප්‍රතිඵල:

  • ශ්‍රී ලංකාව 05 – හොං කොං 12
  • කසකස්තානය 5 – ශ්‍රී ලංකාව 0

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට 6 වන ස්ථානය


මලල ක්‍රීඩා –

සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙල නිමා වෙයි

33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය දින 5ක උණුසුම් තරග ඉසව් රැසකින් අනතුරුව ඊයේ (15) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය. ඉසව් අවසානයේ තරගාවලියේ සමාප්ති උළෙල ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිඳුන්ගේ ප්‍රධානත්වය යටතේ බස්නාහිර පළාත් ගරු අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා හා අධ්‍යාපන අමාත්‍යංශයේ ගරු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

සම්පූර්ණ වාර්තාව: සමස්ත ශූරතාවය බස්නාහිරට; අනුශූරතාවය මධ්‍යම පළාතට


වොලිබෝල් –

තියුණු තරගයකින් විදුලිබලයට ජය

10 වැනි මන්චි වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි වටයේ ඊයේ (15) පැවැත්වූ තරගවලින් නාවික හමුදාව, ගුවන් හමුදාව, MAS ලෙෂර්ලයින් සහ විදුලිබල මණ්ඩලය කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

  • නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලීසිය (3/2)
  • ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය (3/1)
  • MAS ලෙෂර්ලයින් හා ජාතික තරුණසේවා සභාව (3/2)
  • විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා යුද හමුදාව (3/2)

සම්පූර්ණ වාර්තාව: නාවික, ගුවන්, MAS සහ විදුලිබල කණ්ඩායම්වලට ජය

සුපර් ලීග් කාන්තාවෝ තියුණු සටනක

වොලිබෝල් ක්‍රීඩාවට කවදත් අතහිත දෙන මන්චි ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව පවත්වනු ලබන “මන්චි වොලිබෝල් තරගාවලියේ” සුපර් ලීග් කාන්තා අංශයේ තවත් තරග කිහිපයක් ඊයේ (15) මහරගම තරුණසේවා සභා ගෘහස්ථ පිටියේ දී අවසන් වූ අතර, එහි දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදාව යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: යුද හා ගුවන් සෙබළියන් ආධිපත්‍ය පතුරවයි

දිනයක අවසානය