ගෙවුනු දවස: ඔක්තෝම්බර් 05 – ශතකයකට මෙපිටින් කුසල් නවති

405
ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය අතරතුර ලබා ගත් ඡායාරූපයක්ශ්-රී ලංකා A සහ කොදෙව් A අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදි දිමුත් කරුණාරත්න පිතිකරණයේ යෙදෙමින් ©ThePapare.comකාන්තා පළාත් 20-20 තරගාවලියසාන්ත මරියා විදුහලට පෙරලිකාර ජයක්

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

හොකී –

හොකී ක්‍රීඩිකාවන්ගෙන් ගෝල 19ක්

4 වන වරට පැවැත්වෙන ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා තායිලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම, ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට එරෙහිව වාර්තාගත ගෝල 19ක ජයග්‍රහණයක් ලබමින් තම කාණ්ඩයේ පෙරමුණ ගන්නට සමත් විය.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා හොකී ක්‍රීඩිකාවන්ට ගෝල 19ක දැවැන්ත ජයක්


ක්‍රිකට් –

සාන්ත මරියා විදුහලට පෙරලිකාර ජයක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වලදී ඊයේ (5) පැවති තරග අතුරින් බණ්ඩාරනායක විද්‍යාලය පරදවා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය පෙරළිකාර ජයක් ලැබීමට සමත් විය. ඉතිරි තරග අද ක්‍රියාත්මක වූයේ ප්‍රථම දිනයටයි.

බණ්ඩාරනායක විද්‍යාලය: 138 (48.1) සසිරි අධිකාරි 39, ගයාශාන් හෙට්ටිආරච්චි 25, මාස් රහීම් 2/18, ලසිත උඩහගේ 4/48, සංජය රංජිත් 2/15.

සාන්ත මරියා විද්‍යාලය: 137 (35) රාජිත කොටුවාගොඩ 39, මාස් රහීම් 28, සිසිත මදනායක 2/22, දසුන් බණ්ඩාර 3/11, හිමත් ජයවීර 2/37.

බණ්ඩාරනායක විද්‍යාලය: 47 (14.3) හසිත තිමල් 29*, ලසිත උඩහගේ 5/31, තිමිර සුපුන් 3/09.

සාන්ත මරියා විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 50 (පන්දුවාර 8.4)

මොරටු විද්‍යාලය: 163 (72.5) නිශාන් මධුශංක 76, ඉසුරු උදයංග 24, හරීන් වීරසිංහ 4/48, කවිශ්ක ඩිල්ශාන් 3/35.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 5 (පන්දුවාර 2)

සම්පූර්ණ ලිපිය: කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට පෙරළිකාර ජයක්!


දිමුත්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා A කණ්ඩායම හා බටහිර කොදෙව් දූපත් A කණ්ඩායම අතර ඊයේ (04) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වුනු පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය ඊයේ (05) සාර්ථකව අවසන් වූ අතර දෙවන දිනය තුල ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ඇතුළු පිතිකරුවන් කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම පළමු ඉණිම (දෙවන දිනය අවසානයේදී) – 378/08 (93): දිමුත් කරුණාරත්න 131, කුසල් පෙරේරා 87, නිරෝෂන් දික්වැල්ල 59, රහකීම් රශ්වාන් කෝන්වල් 6/87

සම්පූර්ණ ලිපිය: දිමුත්ගෙන් සුපිරි පිතිහරඹයක්


කාන්තා පළාත් 20-20

කාන්තා පළාත් විස්සයි විස්ස ශූරතාවලියේ ඊයේ (05) කොල්ට්ස් ක්‍රිකට් පිටියේ පැවතී මුලික වටයේ තරග වලින් පිලිවෙලින් දකුණු සහ මධ්‍යම පළාත් පරදවා ජය වාර්තා කිරීමට බස්නාහිර සහ උතුරු මැද කණ්ඩායම් කාන්තා කණ්ඩායම් සමත් විය.

බස්නාහිර පළාත  103/8 (20) නිපුනි හංසිකා26, හර්ශිතා මාධවී 24, චන්දිමා ගුණරත්න2/18

දකුණු පළාත 94/6(20) අරෝෂ් පෙරේරා22,  අනුෂ්කා ජයවීර16, සචිනි සෙව්වන්දි1/17

බස්නාහිර පළාත ලකුණු 9කින් ජය.

උතුරු මැද පළාත 117/4 (20) අමා කාංචනා 64, ඩිලානි මනොදරා 42

මධ්‍යම පළාත 110/7 (20) ප්‍රසාදනී වීරක්කොඩි 20, යශෝදා මෙන්ඩිස් 22, ඉනෝකා රණවීර 2/24

උතුරු මැද පළාත ලකුණු 7කින් ජය.

සම්පූර්ණ ලිපිය: බස්නාහිර සහ උතුරු මැද කාන්තාවෝ ජයග්‍රගණ වාර්තා කරයි

දිනයක නිමාව