ගෙවුනු දවස මාර්තු 19 – රග්බි කතුන් ශ්‍රී ලංකාව බබළවයි

320

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

පාපන්දු

ජාවා ලේන් 06 – 01 කුරේ

මොහොමඩ් අබ්දුල්ලාගේ ගෝල ත්‍රිත්වයත් සමඟින් ගෝල 06-01ක් ලෙස කුරේ ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ ඊයේ (19) පැවති සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ එක් තරගයක් අතරතුර දීයි. තරගය සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්විය.

පසුගිය සතියේ රිනවුන් ක්‍රීඩා සමාජය ගෝල 3-2ක් ලෙස පරාජය කරමින් ජයග්‍රාහි මනසකින් යුතුව ඊයේ තරගයට පිවිසි නමුත් කුරේ ක්‍රීඩා සමාජය ඊයේ තරග බිමට පිවිසියේ ප්‍රථම වතාවටයි.

ජාවා ලේන් ක්‍රීඩා සමාජය 06 – 01 කුරේ ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් අබ්දුල්ලා

සම්පූර්ණ තරග වාර්තාව: ජාවා ලේන් හමුවේ කුරේ සමාජයට දැවැන්ත පරාජයක්


ක්‍රිකට්

එක්දින තරගයේ ජය නාලන්දාවට

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයට සමගාමීව සංවිධානය කරනු ලබන වාර්ෂික එක්දින තරගාවලියේ 44 වන රජ දැක්ම ඊයේ (19) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර, එම තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට නාලන්ද විද්‍යාලය සමත් විය.

ආනන්ද විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 257 (පන්දුවාර 50): සම්මු අශාන් 96, අසේල සිගේරා 42, කවිශ්ක අංජුල 38, කවිදු ගිම්හාන 31, කලන පෙරේරා 2/45, අසේල කුලතුංග 2/45, මාලිංග අමරසිංහ 2/62

නාලන්ද විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 258 (පන්දුවාර 50): මාලිංග අමරසිංහ 67, කසුන් සඳරුවන් 57*, දසුන් සෙනෙවිරත්න 32, අවිශ්ක පෙරේරා 25, සම්මු අශාන් 2/49, අසේල සිගේරා 2/51

සම්පූර්ණ වාර්තාව: නාලන්දාවට වසර 8කට පසුව ජයග්‍රහණයක්


මලියදේවයට කඩුලු 7ක ජයක්

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී 22 වැනි වරටත් පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය සමත්විය.

ඊයේ (19) උදෑසන කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව සාන්ත ආනා නායක වනිත වන්නිනායක පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. ඒ අනුව පිටියට පිවිසි සාන්ත ආනා ආරම්භක පිතිකරු යුගලයට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට මලියදේව පන්දු යවන්නන් ඉඩ කඩ ලබා දුන්නේ නැත.

සාන්ත ආනා විදුහල සියල්ලන් දැවී ලකුණු 140 ( පන්දුවාර 48.1): රන්දීර රණසිංහ 34, විමුක්ති බණ්ඩාර 30,  කවීන් බණ්ඩාර 2/12 ,සන්ජිවන් ප්‍රියදර්ශන 2/16,දිනන්ජය ප්‍රේමරත්න 2/22 සහ මානේල්ක දර්මදාස 2/30

මලියදේව විදුහල  කඩුලු 3 කට ලකුණු 141 (පන්දුවාර 33.1): දුලාජ් රණතුංග 53, දිනම්ජය ප්‍රේමරත්න 35* , ලක්ෂිතද සිල්වා 2/18

සම්පූර්ණ තරග වාර්තාව: මලියදේවයට කඩුලු 7ක විශිෂ්ට ජයක්


කුසල් පෙරේරාගේ දෙවැනි ශතකය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් දිස්ත්‍රික් සීමිත පන්දුවාර තරගාවලියේ තවත් තරග 6ක් ඊයේ (19) ක්‍රීඩාංගණ 6කදී ක්‍රියාත්මක විය. එහි දී දිස්ත්‍රික්ක 12ක් කරට කර සටනක නියැලුණු අතර කුසල් පෙරේරා, යශෝධ ලංකා සහ හර්ෂ කුරේ ඊයේ ශතක වාර්තා කරමින් තම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා ගෙන ගිය ක්‍රීඩකයින් බවට පත්වූහ.

කුරුණෑගල – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 34.4): අනුරුද්ධ රාජපක්ෂ 27, මිතුන් ජයවික්‍රම 29, ධනුෂ්ක ධර්මසිරි 29, අකිල ධනංජය 3/12, මොහොමඩ් ශිරාස් 3/24.

කෑගල්ල – කඩුලු 2ක් දැවී ලකුණු 173 (පන්දුවාර 20.3): කුසල් ජනිත් පෙරේරා 105, අවිශ්ක ප්‍රනාන්දු 47*.

හම්බන්තොට – කඩුලු 9ක් දැවී ලකුණු 232 (පන්දුවාර 50): පැතුම් නිස්සංක 60, ශෙනාල් ද සිල්වා 52*, දමිඳු අශාන් 36, ‍රොෂාන් ජයතිස්ස 2/33, ලක්ෂාන් ජයසිංහ 3/38, චලන ද සිල්වා 3/23.

ගාල්ල – කඩුලු 4ක් දැවී ලකුණු 233 (පන්දුවාර 34): ‍යශෝධ ලංකා 143*, ශාලික කරුණානායක 42, රුචිර සිල්වා 2/49.

සම්පූර්ණ වාර්තාව: කුසල් ජනිත්ගෙන් පිට පිටම ශතක දෙකක්


සිංහයන් පරදා ජය ව්‍යාඝ්‍රයන්ට

ජය පැරදුම දෙපසටම දෝලනය වුනු ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ දී ජයග්‍රහණය තමන් සතු කරගන්නට බංගලාදේශ ව්‍යාඝ්‍රයින් සමත් විය. ඒ අනුව සමස්ථ තරගාවලිය ජය පැරදුමකින් තොරව නිමා වූ අතර සිංහයින්ට හිමිවිය යුතුව තිබූ කුසලානය ඊයේ (19) දෙරටේ නායකයින් දෙදෙනා අතරේ බෙදී ගියේය.

 

සම්පූර්ණ වාර්තාව: බංගලාදේශ ක්‍රීඩකයින් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළයි


රග්බි

රාජකීයයන්ට දැවැන්ත ජයක්

සිංගර් පාසල් රග්බි තරගාවලියේ මේ සතියේ තවත් තරග ද්විත්වයක් ඊයේ පැවතියේ ප්‍රධාන පාසල් 4ක් සහභාගී කරවා ගෙනයි. එහි දී එක් තරගයක් වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී පැවතියේ රාජකීය සහ ඩී. එස්. සේනානායක විද්‍යාල අතරයි. එම තරගයේ ප්‍රථම අර්ධයේ සිටම පෙරමුණ ගෙන සිටි රාජකීයයන් තරගය ජයග්‍රහණය කළේ 47-07ක් ලෙසයි.

පැවති අනෙක් තරගය සාන්ත ජෝසප් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර පැවතියේ කොළඹ CR&FC ක්‍රීඩා පිටියේ දීයි. තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වූයේ 44-10ක් ලෙස ලකුණු 33ක පරතරයක් සමඟිනි.

තරග වාර්තා සඳහා පිවිසෙන්න


ශ්‍රී ලංකා කාන්තාවෝ ශූරතාවය දිනති

සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩයම ප්‍රථම වරට බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

පුහුණුකරු සුදත් සම්පත් මහතාගේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් තායිලන්තය අවසන් මහා තරගයේ දී ලකුණු 12-05ක් ලෙස පරාජය කරන ලදි. ඊට පෙර ඔවුන් විසින් මැලේසියා කණ්ඩායම ලකුණු 29-05ක් ලෙස අවසන් පූර්ව තරගයේ දී පරාජය කරන ලදි. ශ්‍රී ලංකාව ප්‍රථම දිනයේ දී පැවැත්වුණු තරග දෙකම ජය ගැනීමට සමත් විය. ඒ Sabah Eagles කණ්ඩායම ලකුණු 48-00ක් ලෙස ද තායිලන්ත කණ්ඩායම ලකුණු 26 – 05ක් ලෙස ද පරාජය කරමිනි.

සම්පූර්ණ වාර්තාව: ලක් දියණියෝ රග්බි කිරුළු පලඳිති

දිනයක අවසානය

  අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්