ගෙවුනු දවස සැප්තැම්බර් 07 – ක්‍රීඩකයෙකුට 30% දඬයක්

1079
Sri Lanka Sports News Last Day summary September

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

විනය කැඩුවා යැයි දඬයක්

24 වැනිදා පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය අතරතුරදී, ජගත් ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක හට තරග මුදලින් 30%ක දඩ මුදලක් පනවන්නට තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

සම්පූර්ණ ලිපිය: විනය නීති කැඩූ සචිත්‍රට 30%ක දඩයක්


සංවර්ධන කණ්ඩායමට දිනුමක්

සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය ඊයේ (7) හරාරේ පිටියේදී පැවැත්විණි. මෙම තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම – 232-10 (49.4) ටැරිසායි මුස්කන්ඩා 51, කෙවින් කසූසා 41,ස්ටෙෆාන් චිමහාමිවා 30*, චාල්ස්  කුංජේ 28, ලසිත ඇඹුල්දෙණිය 3/31, කසුන් මදුසංක 3/47

ශ්‍රී ලංකා කණ්ඩායම – 235-8 (49.3) චරිත් අසලංක 50, හශාන් දුමිදු 37, කසුන් මදුසංක 29, සංජය චතුරංග 24*, ටැරිසායි මුස්කන්ඩා 2/25, චාල්ස් කුංජේ 2/29, නෙවිල් මැඩ්සිවා 2/31

සම්පූර්ණ ලිපිය: අවසන් තරඟයෙන් සංවර්ධනයට තියුණු ජයක්


තෙවැනි තරගයෙන් BMS පරාදයි

රෙඩ් බුල් විශ්ව විද්‍යාලීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම (BMS)  සහභාගී වූ තරග 2න් පිට පිටම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූවත්, NCC ක්‍රීඩා පිටියේදි අද පැවති තෙවැනි තරගයේදි පකිස්තාන් මධ්‍යම පංජාබ් විශ්ව විද්‍යාලය (UOCP) හමුවේ කඩුලු 05කින් ඔවුන් පරාජයට පත්විය.

BMS – 170/9 | ශෙහාන් ජයසූරිය 53, ජනිත් ලියනගේ 26, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 23, ශේහාන් විමලධර්ම 16, චාමික කරුණාරත්න 16*, හයිඩර් අලී 4/34, අෆ්තාබ් අස්වෙර් 2/39.

UOCP – 171/5 | ජුනයිඩ් අලී 69, මොහොමඩ් මුහ්සීන් 54*, උස්මා ක්හලීඩ් 10, ශෙහාන් ජයසූරිය 2/31, රනිත ලියනාරච්චි 1/12.

සම්පූර්ණ ලිපිය: BMS කණ්ඩායමට පරාජයක්


වේල්ස් කුමාරවරුන්ට ජය

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරඟයක්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර ධර්මපාල ක්‍රිකට් පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් එක් ඉණිමක හා ලකුණු 221ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාල කණ්ඩායම සමත් විය.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – 361-8 (63.2) dec, සනෝජ් දර්ශික 67, විශ්ව චතුරංග 65, අවිදු ප්‍රනාන්දු 63, දිලංක මදුරංග 53, රවිදු රෝචන 44, අංජුල සහන් 43, මහීම වීරකෝන් 8/87.

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම – 16-10 (11.5) අමිල දායානක 6, අංජුල සහන් 6/12, අවිදු ප්‍රනාන්දු 3/04

ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම (f/o) – 124-10 (50.1) අවිශ්ක හසරිදු 43, තිලාන් නිමේෂ් 5/38

සම්පූර්ණ ලිපිය: වේලස් කුමර විද්‍යාලයට වාර්තාගත ජයග්‍රහණයක්

දවසේ නිමාව