ගෙවුනු දවස සැප්තැම්බර් 28 – දැල්පන්දු ශූරතාවය බස්නාහිරට

418
Sep - 28

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

දැල්පන්දු –

අනුශූරතාවය මධ්‍යම පලාතට

42වැනි ජාතික ක්‍රීඩා උළෙලේ දැල්පන්දු අංශයේ අර්ධ අවසන් තරග සහ අවසන් තරගය 27 සහ 28 පැවතියේ අනුරාධපුර ගෘහස්ත ක්‍රීඩා පිටියේදීයි.

අද පැවති අවසන් තරගයේ දි මධ්‍යම පලාත පරාජය කරමින් බස්නාහිර පලාත් ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේ 55 – 44 ලෙසයි. මෙවර නිමාවුනු තරගාවලියත් සමඟින් අඛණ්ඩව 2012 වර්ෂයේ සිට බස්නාහිර කාන්තාවෝ ජාතික ක්‍රීඩා උළෙලේ ශූරයින් බවට පත් වීමට සමත් වූහ.

සම්පූර්ණ ලිපිය: බස්නාහිර ක්‍රීඩිකාවෝ විශිෂ්ඨ ජයක් ලබාගනී


ක්‍රිකට් –

ශා. ඇලෝසියස් විදුහලට දැවැන්ත ජයක්

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩයේ ඊයේ (28) පැවති තරග සංඛ්‍යාව 2ක්. ඒ අතරින් අති දැවැන්ත ජයග්‍රහණයක පහස විඳින්නට ගාල්ල සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් සමත් වූ අතර තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයකින් සෑහීමකට පත් වන්නට සිදුවිය.

ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 230 (පන්දුවාර 83.1): උදාර රවිඳු 80, අශින්ත මල්ෂාන් 47, දුමින්ද සුධාරක 34, ප්‍රවීන් නිමේෂ් 28, නුවන් චානක 20, නිදුක මල්සිත් 5/27, හරීන් බුද්ධිල 3/80.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 340 (පන්දුවාර 69.4): රවිඳු සංජන 159, නවිඳු නිර්මාල් 41, අශේන් බණ්ඩාර 37.

ගුරුකුල විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 76 (පන්දුවාර 30): ප්‍රවීන් නිමේෂ් 23, ලසිඳු අරෝෂ 21, හරීන් බුද්ධිල 6/30, කවිත ඩිල්ශාන් 2/05.

තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 256 (පන්දුවාර 61): සවන් ප්‍රභාෂ් 75, නිපුන් ලක්ෂාන් 62, නිමේෂ් ලක්ෂාන් 24, රෙෂාන් කවිශ්ක 4/46, චමිඳු විජේසිංහ 2/35.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 70): මහේෂ් තීක්ෂණ 100, කවීෂ ජයතිලක 39, දිනිත බස්නායක 25, නිපුන් ලක්ෂාන් 3/40, චරණ නානායක්කාර 3/39.

තර්ස්ටන් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 83 (පන්දුවාර 21.3): සවන් ප්‍රභාෂ් 30, ප්‍රගීෂ මෙන්ඩිස් 23*, කවීෂ ජයතිලක 2/29.

සම්පූර්ණ ලිපිය: රවිඳු සහ හරීන් ශා. ඇලෝසියස් ජයග්‍රහණයට මඟ පෙන්වයි


ඩිලාන් ජයලත්ගෙන් නොදැවී 150ක්

සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සීමිත පන්දුවාර වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ මූලික වටයේ තරඟ කිහිපයක්ම ඊයේ (28) පැවැත්විණි. මෙම තරඟ වලින් සම්පත් බැංකු, ටෙක්ස්චර්ඩ් ජර්සි, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් යන කණ්ඩායම් ජයග්‍රහණ ලබාගැනීමට සමත් විය.

සම්පත් බැංකු කණ්ඩායම – 296/09 (47): රොමේෂ් බුද්ධික 93, කෞශාල් සිල්වා 91, බුද්ධි පෙරේරා 3/38, චන්දුල වීරරත්න 2/45, මාධව වර්ණපුර 2/51

HNB බැංකු කණ්ඩායම – 94/03 (21.5): අශේන් ප්‍රනාන්දු 34*

ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම – 329/08 (50): ඩිලාන් ජයලත් 150*, මිනෝද් භානුක 91, ලසිත් ඇඹුල්දෙණිය 3/55, චරිත් ජයම්පති 2/61, ජෙහාන් මුබාරක් 2/63

MAS ඇක්ටිව් කණ්ඩායම – 118/09 (25.2): ජෙහාන් මුබාරක් 33, සාලිය සමන් 2/25, සුරංග ලක්මාල් 2/29

MAS Unichela කණ්ඩායම – 305/09 (50): කුසල් පෙරේරා 68, ධනුෂ්ක ගුණතිලක 61, තිලකරත්න ඩිල්ශාන් 58, මහේල උඩවත්ත 41, නිරෝෂන් දික්වැල්ල 34, අක්ශු ප්‍රනාන්දු 3/32, ඉශාන් ජයරත්න 3/47, විකුම් බණ්ඩාර 2/70

ජෝන් කීල්ස් කණ්ඩායම – 307/08 (49.2): අක්ශු ප්‍රනාන්දු 63*, රොශේන් සිල්වා 52, ශනුක දුලාජ් 38, සදුන් වීරක්කොඩි 36, ලහිරු මිලන්ත 24, දිමුත් කරුණාරත්න 24, දිල්රුවන් පෙරේරා 3/53, ඉශාර අමරසිංහ 3/62

සම්පූර්ණ ලිපිය: ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමට අමතක නොවන දිනයක්