ගෙවුනු දවස සැප්තැම්බර් 18 – අපරාජිතව MAS Unichela පෙරමුණේ

1000
Sri Lanka Sports News Last Day Summary

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 ක්‍රිකට්  

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තියුණු පරාජයක්

2016 ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 4කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රථම එක්දින තරගය ඊයේ (18) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කඩුලු 4ක් සහ පන්දු 206ක් අතැතිව තරගය ජය ගෙන 1-0 ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 76/10 (24.5) ඉනෝකා රණවීර 43, එෂානි ලොකුසුරියගේ 14 , හොලී ෆ්ර්ලි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 79/6 (15.4) මෙග් ලනින් 27, නිකොල් බෝල්ටන් 19, ඉනෝකා රණවීර 3/20න්ග් 3/4  , ක්‍රිස්ටීන් බිම්ස් 3/16

සම්පූර්ණ ලිපිය: ප්‍රථම ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට


MAS Unichela කණ්ඩායමට දනුශ්කගෙන් ශතකයක්

24 වැනි සිංගර් වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරග වලදී ජයග්‍රහණ අත්පත් කරගන්නට MAS යුනිචෙලා සහ ජෝන් කීල්ස් කණ්ඩායම් සමත් විය. එහිදී ධනුෂ්ක ගුණතිලක, ජීවන් මෙන්ඩිස්, විකුම් බණ්ඩාර සහ ලහිරු මිලන්ත යන ක්‍රීඩකයින්ගේ දස්කම් කැපී පෙනුණි.

සම්පත් බැංකුව කඩුලු 9ක් දැවී ලකුණු 253 (පන්දුවාර 50) ජීවන් මෙන්ඩිස් 80, හසන්ත ෆර්නෑන්ඩු 37, චාමික කරුණාරත්න 26, කෞෂාල් සිල්වා 23, දිල්රුවන් පෙරේරා 3/49, මාලිංග බණ්ඩාර 3/55.

MAS යුනිචෙලා කඩුලු 7ක් දැවී ලකුණු  236 (පන්දුවාර 40.5) ධනුෂ්ක ගුණතිලක 109, තිලකරත්න ඩිල්ශාන් 52, මහේල උඩවත්ත 22, චාමර සිල්වා 20, කසුන් රාජිත 2/38, ජීවන් මෙන්ඩිස් 2/40.

HNB සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 47.3) යොහාන් ෆර්නෑන්ඩු 63, හෂාන් ගුණතිලක 20, විකුම් බණ්ඩාර 5/30, මධූක ලියනපතිරණගේ 2/27, ජනක ගුණරත්න 2/23.

ජෝන් කීල්ස් කඩුලු 2ක් දැවී ලකුණු 162 (පන්දුවාර 17.1) ලහිරු මිලන්ත 84*, දිමුත් කරුණාරත්න 40, රොෂේන් සිල්වා 27*.

සම්පූර්ණ ලිපිය: MAS යුනිචෙලා අපරාජිත වාර්තාව රැකගනියි


හේලීස් හමුවේ ජෝන් කීල්ස් පරාද වෙයි

අතිසාර්ථකව අවසන් වෙමින් යන 24 වන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරඟ ඊයේ (18) ආරම්භ වූ අතර ඊයේ තරඟ 4ක් පැවැත්විණි. මෙම තරඟ වලින් හේලිස්, MAS Silueta, කැන්රිච් ෆිනෑන්ස් සහ එල්. බී. ෆිනෑන්ස් යන කණ්ඩායම් අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

 ලකුණු සටහන 

හේලිස් කණ්ඩායම – 269/07 (50) ලිසුල වීරසේකර 84, මදුරංග සොයිසා 56, ප්‍රමෝද් ප්‍රනාන්දු 32, සමිත් ප්‍රනාන්දු 3/04, අක්තාබ් කාටර් 2/62

ජෝන් කීල්ස් කණ්ඩායම – 230/10 (45) මනෝජ් සරත්චන්ද්‍ර 86*, සමිත් ප්‍රනාන්දු 42, සිනෙත් වික්‍රමසිංහ 35, තරිදු රත්නායක 33, චෙමිල ඔබේසේකර 3/34, අලි කාන් 3/41

මොබිටෙල් කණ්ඩායම – 228/10 (50) දිනෙත් හේවතන්ත්‍රී 70, එරංග රත්නායක 30, සිතාර ලියනගේ 28, බුද්ධික සංජීව 3/26, කවීන් ද සිල්වා 3/36, ඇන්ජලෝ එමනුවෙල් 2/35

MAS Sliueta කණ්ඩායම – 174/05 (39) (D/L) ඉෂාන් නිලක්ෂ 55, පබසර වඩුගේ 43, මොහොමඩ් ශිරාස් 2/27

සෙලාන් බැංකු කණ්ඩායම –  206/08 (50) චානක විජේසිංහ 63, තිලිණ කුමාරසිංහ 27, අලංකාර අසංක 3/31, රොෂාන් ලක්සිරි 2/29, දිලීශ ගුණරත්න 2/37

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම – 207 /02 (35.1) කසුන් විදුර 108*, දමිත් ප්‍රියදර්ශන 76*

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම  – 57 (49.1) කුසල් මෙන්ඩිස් 72, ශසීන් ප්‍රනාන්දු 50, සහන් ආරච්චිගේ 35, රජීව වීරසිංහ 27, චතුර ලක්ෂාන් 3/25, අමිල රත්නායක 3/26

සිංගර් ආයතන කණ්ඩායම – 90/10 මාධව නිමේෂ් 19, චරිත් සුදාරක 5/26, කේෂාන් විජේරත්න 2/10

සම්පූර්ණ ලිපිය: හොදම 8න් සුපිරි 4 තෝරාගනි‍

දවසේ නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

 පසුගිය ලිපි 

ඉසිපතනය පරදා කුසලාන මහනුවරට

මයිලෝ ආයතනය මගින් සංවිධානය කරන වයස අවුරුදු 18න් පහළ  සමස්ත ලංකා පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු වටය පසුගිය දා නිමාවූ අතර එහි අවසන් මහා තරඟ හතරම අද (15) කොළඹ CR&FC පිටියේදී පැවැත්විණි. මෙම තරඟ වලින් කිංස්වුඩ්, සාන්ත ජෝශප්, ත්‍රිත්ව, මලියදේව යන විද්‍යාල ජයග්‍රහණය කිරීමට සමත් විය.

  • කුසලාන අවසන් තරගය: ඉසිපතන  විද්‍යාලය 05- 21 කිංග්ස්වුඩ් විද්‍යාලය
  • පලඟ අවසන් තරගය: සාන්ත ජෝන් විද්‍යාලය 03 – 38 සාන්ත ජෝශප් විද්‍යාලය
  • බඳුන අවසන් තරගය: විද්‍යාර්ථ විද්‍යාලය 07 – 41 ත්‍රිත්ව විද්‍යාලය
  • පලඟ අවසන් තරගය: මලියදේව විද්‍යාලය 44 – 00 මොරටුව විද්‍යාලය

සම්පූර්ණ ලිපිය: කිංග්ස්වුඩ් වසර හයක මතකයන් අලුත් කරයි


නව වාර්තා සමඟින් ජෝන් ටාබර්ට් නිමයි

86 වැනි ජ්‍යෙෂ්ඨ සර් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ දිනය නිමාව දුටුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේදීය. වාර්තා අලුත් වෙමින් සහ නවක ක්‍රීඩකයින් බිහිකරමින් තරගය පුරා දින තුනක් තිස්සේ පැවැත්විය. සමස්ත තරගාවලියේ බාලක ශූරතාවය මීගමුව ශාන්ත මරියා විද්‍යාලයටත්, සමස්ත බාලිකා ශූරතාවය වලල ඒ. රත්නායක මහා විද්‍යාලයටත් හිමිවිය.

සම්පූර්ණ ලිපිය: පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වාර්තා පොත් අලුත් කරයි


15න් පහල ශූරතාවය නාලන්දට

සිංගර් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහල දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (14) ආරම්භ වූ අතර එම තරගයේ අවසන් දිනය අද (15) කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් පිටියේදී නිමාවූයේ නාලන්දා විද්‍යාලයට පළමු ඉණිමක ජයක් ද ලබාදෙමිනි.

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම – 179/04 (66): ලක්ෂාන් කාශ්‍යප 72, රවීන් ද සිල්වා 27, ජයෝද, කල්දීර 21*, දුනිත් වෙල්ලාලගේ 2/45.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 172/10 (87.5): දුනිත් වෙල්ලාලගේ 31, ජනිශ්ක පෙරේරා, 21, ජයෝද් කල්දීර 3/25, තමිදු කමලසූරිය 2/30, රවීන් ද සිල්වා 2/17

සම්පූර්ණ ලිපිය: නාලන්ද විද්‍යාලය අවසන් තරඟය ජයගනියි


ලංකාවට පැරා ඔලිම්පික් පදක්කමක්

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමට ඉටු කිරීමට නොහැකි වූ වගකීමක් ඉටු කරමින් බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර අහසට ශ්‍රී ලංකා ධජය ඔසවා තබන්නට පැරා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය. ඒ F 46 (එක් අතක් හෝ කොටසක් අහිමි/ආබාධිත) කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනුයි.

සම්පූර්ණ ලිපිය: දිනේෂ් ප්‍රියන්ත රියෝ බිමේ ශ්‍රී ලංකා ධජය ඔසවයි


BMS කණ්ඩායමට සුපිරි ජයක්

රටවල් රැසක විශ්ව විද්‍යාල ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවති රෙඩ් බුල් විශ්ව විද්‍යාල තරගාවලියේ අවසන් මහා තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදි නිමාවට පත්වූයේ ව්‍යාපාර කළමණාකරන පාසල් (BMS) කණ්ඩායම ලකුණු 24ක ජයක් උරුම කරගිනිමින්.

BMS191/9 (20) | රනිත ලියනාරච්චි 52, දනංජය ද සිල්වා 32, දසුන් ශානක 19, ගේශාන් විමලධර්ම 17, මනෝජ් සරත්චන්ද්‍ර 14, අරිෆු රහ්මාන් 3/20, මොහොමඩ් ඉස්ලාම් 2/20, මෝර්සලින් මෝර්ටාසා 1/36.

ULAB167/8 (20) | එම්. ඩී. හසානුස්මන් 39, අවිශේක් මිට්‍රා 28, මරාජ් නිලෝයි 20, කොෂාන් ජයවික්‍රම 4/27, චාමික කරුණාරත්න 2/17, ඩෙවින් පත්මනාදන් 1/31.

තරගයේ වීරයා – රනිත ලියනාරච්චි

සම්පූර්ණ ලිපිය: අවසන් මහා තරගයෙන් ජය BMS කණ්ඩායමට