ගෙවුනු දවස සැප්තැම්බර් 13 –  සංගාගෙන් හපන්කමක්

345

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

අයහපත් කාලගුණයට තරග සේදේ

pic 1 (3)

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් ඊයේ (13) ක්‍රියාත්මක වූ අතර, අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැවැත්වූ තරග සියල්ලම අතහැර දැමීමට සිදු විය. ඊයේ දිනය තුළ නිමන්ද මදුසංක MAS Silueta (A) කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් වාර්තා කර ගැනීමට සමත් විය.

  • ඩිමෝ – 123/3 (26.2): හශාන් දුමිඳු 36, තික්ෂිල ද සිල්වා
  • LB ෆිනෑන්ස් (A) – 204/7 (39.3): සධීර සමරවික්‍රම 42, ඇන්ජලෝ පෙරේරා 41, සහන් ආරච්චිගේ 26*.
  • හේලිස් (A) – 33/1 (4.3)

සම්පූර්ණ වාර්තාව: අයහපත් කාලගුණයෙන් තරග සියල්ලට බාධා


සංගාගෙන් 164ක්

pic 2 (5)

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ, සරේ කණ්ඩායම හා යෝක්ෂයර් කණ්ඩායම අතර ඊයේ (13) පැවැත්වූ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු 164ක් රැස්කර ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: සංගාගෙන් තවත් දස්කමක්


රග්බි –

කවිඳු පෙරේරා සංචිතයෙන් ඉවත් කරයි

pic 3

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන කවිඳු පෙරේරා හට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර සඳහා නම් කරන ලද කණ්ඩායමෙන් ඉවතට යාමට සිදුව ඇත. ඒ ඔහුගේ පාදයේ කළව ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වයක් නිසාවෙනි.

වයස අවුරුදු 24ක තරුණ ජවසම්පන්න ක්‍රීඩකයෙකු වන කවිඳු, මෙම තරගාවලියට සමගාමීව හොංකොං හි දී පැවැත්වූ පළමු අදියරේ දී දකුණු පාදයේ කළව ප්‍රදේශයේ ආබාධයට ලක්විය. ඒ නිසා පසුව පැවැත්වූ පලඟ අවසන් පූර්ව තරගයට හා එහි අවසන් තරගයට ඔහු සහභාගි වූයේ නැත. ඒ යම් හෙයකින් එම ආබාධය තව තවත් උග්‍රවිය හැකි නිසාවෙනි.

සම්පූර්ණ වාර්තාව: ලහිරු හා හශාන් තවත් දැවැන්ත ජයකට මඟ පාදයි

දිනයක අවසානය