ගෙවුනු දවස සැප්තැම්බර් 5 – බර එසවීමෙන් පදක්කම් දෙකක්

131

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

 ටයිකොන්ඩෝ 

ක්‍රීඩා ඇමතිට කළු පටියක්

Sports Minister Dayasisir Jayasekara

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කුකිවොන් (kukkiwon) ටයිකොන්ඩෝ මූලස්ථානය විසින් 7 වන ශ්‍රේණියේ ටයිකොන්ඩෝ ගෞරව කළු පටියක් ප්‍රදානය කිරීම සිදු විය.

එම මූලස්ථානය විසින් කිසියම් රාජ්‍යයක ක්‍රීඩා අමාත්‍යවරයකුට ප්‍රදානය කරනු ලබන ගෞරව කළු පටිහි උපරිම ශ්‍රේණිය 6 වන අතර දයාසිරි ජයසෙකර මහතා වූෂු ක්‍රීඩාව ඇතුළු තවත් ආත්මාරක්ෂක සටන් ක්‍රම හදාරමින් පෙන්වා ඇති දක්ෂතා හේතුවෙන් පැවති එන සම්ප්‍රදාය ඉක්මවා 7 වන ශ්‍රේණියේ කළු පටියක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක් විය.

සම්පූර්ණ වාර්තාව: ක්‍රීඩා ඇමතිතුමාට 7 වන ශ්‍රේණියේ කළු පටියක්

  බර එසවීම  

චතුරංගගෙන් රිදී පදක්කමක්

Hansini Gomes and Chathuranga Lakmal

ශ්‍රී ලංකා බර ඉසිලුම් ක්‍රීඩක චතුරංග ලක්මාල් “පොදුරාජ්‍ය මණ්ඩලීය හා ඕෂානියා බර ඉසිලුම් ශූරතාවලියේ” දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් පළමු පදක්කම දිනා ගැනීමට ඊයේ (05) සමත් විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ඕෂානියා බර ඉසිලුම් ශූරතාවලිය දින 5ක කාලයක් පුරාවට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ දී පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 4 සිට 9 දක්වා කාලය පුරාවට ය. මේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙක් ඕස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත්ව ගිය අතර කනිෂ්ඨ, ජ්‍යේෂ්ඨ හා තරුණ යන කාණ්ඩ 3ක්‍ යටතේ ඔවුන් තරග කිරීමට නියමිත ය.

කිලෝග්‍රැම් 56 බර පන්තිය යටතේ ස්නැච් (snatch) ක්‍රමයට තරග කර කිලෝග්‍රැම් 117ක බරක් ඔසවමින් චතුරංග ලක්මාල් ක්‍රීඩකයා එම බර පන්තියේ රිදී පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් ප්‍රථම පදක්කම වාර්තා කිරීමට සමත් විය. එම තරග පන්තියේ පෙර ජාතික වාර්තාව වී තිබූ කිලෝග්‍රැම් 110ක වාර්තාව බිඳ දමමින් නව ජාතික වාර්තාවක් වාර්තා කිරීමට ද මේ සමඟින් ඔහුට හැකි විය.

සම්පූර්ණ වාර්තාව: චතුරංග සහ හසිනි පදක්කම් දිනයි

දිනයක අවසානය