ගෙවුනු දවස සැප්තැම්බර් 2 – දක්ෂතම ක්‍රීඩකයා මංජුල

309

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

රග්බි –

ශ්‍රී ලංකාවට 5 වැනි තැන

pic 1 (1)

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ප්‍රථම අදියර ඊයේ (02) ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව නිමාවට පත් කරන්නේ ප්‍රථම අදියරේ පස්වැනි ස්ථානය දිනා ගනිමිනි.

පළඟ ශූරතා අවසන් තරගයේ දී පිලිපීනය ලකුණු 32-19ක් ලෙස පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. උදෑසන පැවති කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව 36-12ක් ලෙස චීනය හමුවේ පරාජය වූ අතර දිවා කාලයේ පැවති පළඟ අවසන් පූර්ව තරගයේ දී මැලේසියාව හමුවේ 45-00ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේය.

  • ශ්‍රී ලංකාව 12-36 චීනය
  • ශ්‍රී ලංකාව 45-00 මැලේසියාව
  • ශ්‍රී ලංකාව 32-19 පිලිපීනය

සම්පූර්ණ වාර්තාව: පළමු අදියරේ පළඟ ශූරතාවය ශ්‍රී ලංකාවට 



මලල ක්‍රීඩා –

ජාතික ශූරතා තරගාවලිය සාර්ථකව අවසන්

pic 2 (2)

පුරා දින තුනක් (අගෝස්තු 31, සැප්තැම්බර් 1, 2) පුරාවට දියගම මහින්ද රාජපක්ෂ පිටියේ දී පැවැත්වූ 95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ නිමාව අද (2) සාර්ථකව නිමාවට පත් විය. ඊයේ (2) දිනය තුල දී නව තරග වාර්තා දෙකක් බිහි වූ අතර තවත් එක් තරග වාර්තාවක් සම විය.

මෙම තරගාවලිය අවසානයේ නව ජාතික වාර්තා 3ක් හා නව තරග වාර්තා 8ක් අලුතින් ලියවූ අතර එක් තරග වාර්තාවක් සම කිරීමට මේ සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය.

සම්පූර්ණ වාර්තාව: නව ජාතික වාර්තා 3ක් සමඟින් තරගාවලිය සාර්ථකව නිමා වෙයි

දිනයක අවසානය