ගෙවුනු දවස: ඔක්තෝම්බර් 21 – නායකත්වය මිලින්දට

750

19න් පහල තරග 8ක්ශ්‍රී ලංකා A සහ කොදෙව් A තෙවැනි එක්දින තරගයේ ඡායාරූපයක්වමේ සිට දකුණට සිටින ක්‍රීඩකයින් පිලිවෙලින් - ලහිරු මිලන්ත, සම්මු අශාන්,මිලින්ද සිරිවර්ධන, කේෂාන් විජේරත්න, අසංක සිල්වා (ශ්‍රී ලංකා A එක්දින සංචිතය)නිල ශ්‍රී ලංකා සිම්බාබ්වේ සංචිතය දකුණේ සිට වමට - ලහිරු ගමගේ, ලහිරු කුමාර, අසේල ගුණරත්න, කසුන් මධුසංක

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

එළඹෙන ඔක්තෝබර් 24 වනදා දඹුල්ලේදී ඇරඹෙන කොදෙව් ‘ඒ’ කණ්ඩායමට එරෙහි එක්දින තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට මැදපෙල පිතිකරුවෙකු වන මිලින්ද සිරිවර්ධන පත්කර ඇත.

තිස් හැවිරිදි මිලින්ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරංග 14කට ක්‍රීඩා කර ඇති අතර ඔහු අවසන් වරට ක්‍රීඩා කල තරඟය වන්නේ අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ප්‍රථම එක්දින තරඟයයි.

නිල සංචිතය: මිලින්ද සිරිවර්ධන (නායක), ධනුෂ්ක ගුණතිලක, සඳුන් වීරක්කොඩි, මිනෝද් භානුක, ෂෙහාන් ජයසුරිය, ලහිරු මිලන්ත, චරිත අසලංක, සම්මු අශාන්, අනුක් ප්‍රනාන්දු, දසුන් ශානක, අමිල අපෝන්සු, අලංකාර අසංක, කසුන් රාජිත, බිනුර ප්‍රනාන්දු, කේෂාන් විජේරත්න.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා ‘ඒ’ නායකත්වය සිරිවර්ධනට, සම්මු සහ මිලන්තට කුළුඳුල් කැඳවීම්


සිම්බාබ්වේ යන ක්‍රීඩකයින් ලැයිස්තුව

ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණියේ ක්‍රීඩකයන්ට බලපෑ නොයෙකුත් ආබාධ තත්වයන් සලකා බලමින් ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත සිම්බාබ්වේ සංචාරය සඳහා ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් මෙතෙක් ටෙස්ට් වරම් නොලැබූ කසුන් මධුශංක සහ ලහිරු කුමාර යන වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනා සංචිතයට ඇතුලත් කර ඇත.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ සහ මැද පෙල පිතිකරු අසේල ගුණරත්න ද මීළඟ සඳුදා රාත්‍රියේ සිම්බාබ්වේ බලා පිටත් වන පහලොස්දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට නම් කර ඇත්තේ ප්‍රථම වතාවටයි. ලහිරු ගමගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනා එක්දින තරංග පහකට ක්‍රීඩා කර ඇති අතර, ගුණරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කොට ඇත්තේ එකම එක විස්සයි විස්ස තරඟයක් පමණි.

ශ්‍රී ලංකා සංචිතය: ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ලහිරු ගමගේ, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, කසුන් මධුශංක.

සම්පූර්ණ ලිපිය: මධුශංක, ගමගේ, ගුණරත්න සහ කුමාර සිම්බාබ්වේ ටෙස්ට් සංචාරයට


ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී, සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වුනු තෙවන හා අවසන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත ලකුණු 138ක ජයග්‍රහණයක් සමඟින් තරගාවලියේද ජයග්‍රහණය දිනා ගැනීමට ඊයේ (21) සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවන ඉණිම – 257/06 dec (74.2): අසේල ගුණරත්න 69, සඳුන් වීරක්කොඩි 48, රොෂේන් සිල්වා 44, කිරෙන් පවෙල්  44, දසුන් ශානක 33*, රහකීම් කෝන්වල් 4/87

කොදෙව් A කණ්ඩායම දෙවන ඉණිම – 194/10 (67.2): ශම්රා බෲක්ස් 46, ජමාර් හැමිල්ටන්, ජෙෆ්රි වැන්ඩසේ 6/47, ලක්ෂාන් සඳකැන් 3/61

සම්පූර්ණ ලිපිය: කොදෙව්වන් පරාජය කරමින් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට


19න් පහල තරග 8ක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ ඉතාමත් කාර්යබහුල දිනයක් වූ ඊයේ (21) පළමු කාණ්ඩයේ නිමාවට පත්වූ එකම තරගය වූයේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගයයි. එම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර අනෙක් තරග ක්‍රියාත්මක වූයේ ප්‍රථම දිනයටයි.

ආනන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 48.2)

කවිශ්ක අන්ජුල 67, ලහිරු හිරන්‍ය 27*, දමිත සිල්වා 4/50, සජීවන් ප්‍රියදර්ශන 5/59.

මලියදේව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 238 (පන්දුවාර 79)

දුලාජ් රණතුංග 111, දිනජය ප්‍රේමරත්න 36, සුපුන් සුමනරත්න 34, දිලීප ජයලත් 3/56, ශම්මු අශාන් 2/33, අචිල ඉරංග 2/36.

ආනන්ද විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 19 (පන්දුවාර 5).

සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 255 (පන්දුවාර 82)

නිපුන් සුමනසිංහ 82, දිනෙත් ජයකොඩි 31, සචිත මහින්දසිංහ 33*, කවිඳු එදිරිවීර 3/67.

මහින්ද විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 11).

සම්පූර්ණ ලිපිය: ආනන්ද – මලියදේව සටන ජය පරාජයෙන් තොරයි

දිනයක නිමාව