ගෙවුනු දවස: ඔක්තෝම්බර් 20 – කොන්ත්‍රාත් ගැටළුව නිමයි?

404

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

තෙවැනි තරගයේ ජය සිංහයන්ට?

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සිව්දින ටෙස්ට් තරගයේ තෙවන දිනය ඊයේ (20) රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. අද දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ මෙන්ම මෙම තරගාවලියේ ද වැඩි වාසිය අත්පත් කරගැනීමට සමත් විය.

කොදෙව් A පළමු ඉණිම – 243/10 (61.4): ශිම්රන් හේට්මයර් 94, ශම්රා බෲක්ස් 54, රහකීම් කෝන්වල් 25, කසුන් මදුසංක 3/45, ලක්ෂාන් සඳකැන් 3/54

ශ්‍රී ලංකා A පළමු ඉණිම (තෙවන දිනය අවසානයේ දී) – 211/05 (61): අසේල ගුණරත්න 69, සඳුන් විරක්කොඩි 48, රොෂේන් සිල්වා 29*, රහකීම් කෝන්වල් 2/64

සම්පූර්ණ ලිපිය: සඳකැන්, කසුන් කොදෙව් සිහින බොඳ කරයි?


රිච්මන්ඩ් – රාජකීය තරගය ජය පරාජයෙන් තොරයි

ඊයේ (20) දිනයට ක්‍රියාත්මක වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග අතුරින් රිච්මන්ඩ් – රාජකීය සටන තියුණු තරගයකින් අනතුරුව ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර තරගය පුරා වැඩි දස්කම් දැක්වීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය. එසේම ඊයේ ප්‍රථම දිනයට පැවැත්වුනු තවත් තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලය අභිභවමින් දිනයේ වැඩි වාසිය අත්කර ගන්නට කුරුණෑගල මලියදේව විද්‍යාලය සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 266 (පන්දුවාර 60.5) කමිඳු මෙන්ඩිස් 70, ධනංජය ලක්ෂාන් 61, අවිඳු තීක්ෂණ 34, චාමික හේවගේ 33, ආදිත්‍ය සිරිවර්ධන 33, චාමික එදිරිසිංහ 4/62, ගනිත් සන්දීප 3/70.

රාජකීය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 119 (පන්දුවාර 39.3) චාමික එදිරිසිංහ 24, ගෞතම විශ්වජිත් 22, කවිඳු මදරසිංහ 20, සඳුන් මෙන්ඩිස් 3/32, රවිශ්ක විජේසිරි 3/15.

රාජකීය විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 147 (පන්දුවාර 38) හිමේෂ් රාමනායක 36, කවිඳු මදරසිංහ 30, ගනිත් සන්දීප 28, තිලංග උදයශාන් 3/22.

ආනන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 158 (පන්දුවාර 48.2) කවිශ්ක අන්ජුල 67, ලහිරු හිරන්‍ය 27*, දමිත සිල්වා 4/50, සජීවන් ප්‍රියදර්ශන 5/59.

මලියදේව විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 152 (පන්දුවාර 51) දුලාජ් රණතුංග 51*, සුපුන් සුමනරත්න 34, දිනජය ප්‍රේමරත්න 36, දිලීප ජයලත් 3/22.

සම්පූර්ණ ලිපිය: රාජකීය පිටියේ දී රිච්මන්ඩ් ක්‍රීඩකයින්ගෙන් වැඩි දස්කම්


17ක් “හා” කියයි

ක්‍රීඩකයන් 17 දෙනෙකු පමණක් මධ්‍යම තරඟ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට සිය අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සවස කළ නිකුත් කල නිල නිවේදනයේ දැක්වේ.

ඒ සමඟම දිගු කාලයක් මුළුල්ලේ පැවති මතභේදය අවසන් කරමින්, කප්පාදු කරන ලද ගෙවීම් කිහිපයක්ද සහිතව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නව තරඟ කොන්ත්‍රාත්තු ආවරණය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වී තිබේ. ක්‍රීඩකයන්ගේ නව වාර්ෂික තරඟ කොන්ත්‍රාත්තුව ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත අඩු වැඩි වන ආකාරයට සකස් කොට ඇත.

කොන්ත්‍රාත්තුගත ජාතික ක්‍රීඩකයන් 17දෙනා.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ.

සම්පූර්ණ ලිපිය: 17 දෙනෙක් කොන්ත්‍රාත්තුවට එකඟ වෙයි

දිනයක නිමාව