ගෙවුනු දවස: ඔක්තෝම්බර් 09 – ශ්‍රී ලංකාව පරාදයි

357

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

කාන්තා ක්‍රිකට් කිරුළ බස්නාහිර පළාතට

හංසිමා කරුණාරත්නගේ විශිෂ්ඨ අර්ධ ශතකය සහ නිපුනි හංසිකා ලබා දුන් අගනා දායකත්වය හේතුවෙන් 2016 අන්තර් පළාත් කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට බස්නාහිර පළාත් කණ්ඩායම ඊයේ (09) සමත් විය.

අවසන් මහා තරගය ඊයේ පැවැත්වුනේ කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගනයේදීය. තරගයේ කාසියේ වාසිය දිනාගත් බස්නාහිර පළාත් නායිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ බොහෝ දෙනා මවිතයට පත් කරමිනුයි.

ලකුණු පුවරුව

උතුරු මැද පළාත් කණ්ඩායම – 131/5 (20)  :  චමරි අතපත්තු – 67, ඩිලානි මනෝදරා – 41, සඳනි තිවංකා – 1/12

බස්නාහිර පළාත් කණ්ඩායම  – 135/4 (19.5) : හංසිමා කරුණාරත්න – 52*, නිපුනි හංසිකා – 48, ඉනෝකා රණවීර – 2/27

බස්නාහිර පළාත් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

සම්පූර්ණ ලිපිය: හංසිමා – හංසිකා ශූරතාව බස්නාහිරට ගෙනෙති


 පාපන්දු 

ජයග්‍රහණය කාම්බෝජීයාවට

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම් ක්‍රීඩකයින් කාම්බෝජයේ පාපන්දු කණ්ඩායම සමඟින් පැවැත්වුනු සුහද තරගාවලිය ඊයේ නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝල 04-00 ලෙස පරාජය වෙමිනි.

කාම්බෝජියාවේ නොම් පෙන් හි පැවති මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05ට පමණ ආරම්භ වුනු අතර තරගයේ ප්‍රථම අර්ධය නිමාව දුටුවේ ගෝල 02-00 ක් ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෝල කිහිපයක් විවිධ අවස්තාවකදි දැල වෙත එල්ල කලත් ප්‍රතිවාදී දක්ෂ ගෝල රකින්නා කිසිදු ගෝලයක් සාර්ථක වීමට ඉඩ ලබා දුන්නේ නැත.

අවසන් ලකුණු – ශ්‍රී ලංකාව 00 – 04 කාම්බෝජියාව

සම්පූර්ණ ලිපිය: කාම්බෝජයෙන් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

 පසුගිය සතියෙන් 

රත්නම් ක්‍රීඩා සමාජයට ජය

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධාන කරනු ලබන පාපන්දු කුසලාන තරගාවලියේ බී කාණ්ඩයේ තරගයක් 08 වැනිදා වැල්ලවත්ත කුරේ ක්‍රීඩා පිටියේදී පැවත්විය. ඒ රත්නම් ක්‍රීඩා සමාජය සහ කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය අතරයි.

අවසන් ලකුණු – රත්නම් ක්‍රීඩා සමාජය 05 : 00 කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය

සම්පූර්ණ ලිපිය: ගෝල 05-00කින් ජය රත්නම් කණ්ඩායමට


හොකී ක්‍රීඩිකාවෝ චීන තායිපේට පරාදවේ

මෙවර තයිලන්තයේදී පැවැත්වෙන ආසියානු හොකී සංගමය විසින් සිව්වන වරටත් සංවිධාන කරනු ලබන ආසියානු කුසලාන කාන්තා හොකී තරගාවලියේ අවසන් පූර්ව වට සදහා වන තරග 07 වැනිදා පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා තරග වැදුනේ චීන තායිපේ ක්‍රීඩිකාවන් ය. අවසාන තරගාවලී බලාපොරොත්තුවෙන් ඇලලී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට එම බලාපොරොත්තු අවසානයේ අතහැර දැමීමට සිදු වූයේ චීන තායිපේ කණ්ඩායම විසින් තරගය ගෝල 4-1ක් ලෙස ජය ගැනීම නිසාවෙනි.

සම්පූර්ණ ලිපිය: ආසියානු කාන්තා හොකී ශූරතාවය ශ්‍රී ලංකාවට අහිමි වෙයි


පළමු ටෙස්ට් තරගයෙන් කොදෙව්වෝ පරාදයි

ශ්‍රී ලංකා A කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම අතර පසුගිය 04 වැනිදා ආරම්භ වූ පළමු සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය 07 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී, ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක් ලබාදෙමින් අවසන් වූ අතර, මෙම ජයත් සමඟින් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නටද සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් A දෙවන ඉණිම – 175/10 (79.2): විශාල් සිං 46, මොටී කන්හායි 34, ශම්රා බෲක්ස් 28, ජෝන් කෑම්ප්බෙල් 22, ලක්ෂාන් සඳකැන් 4/51

ශ්‍රී ලංකා A දෙවන ඉණිම – 67/03 (20.3): දිමුත් කරුණාරත්න 39*,ලහිරු තිරිමාන්න 21, කියෝන් ජෝශප් 2/17

සම්පූර්ණ ලිපිය: රෝස පන්දුව වාර්තා සමඟින් සිංහයන්ට ජය ගෙන එයි


ශූරතාවය කොතලාවල ආරක්ෂක විදුහලට

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන ලද Leaders Trophy රග්බි තරගාවලිය 04 වැනිදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රග්බි පිටියේදී පැවැත් විය. මෙම තරගාවලියේ කුසලාන ශුරතාවය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල A  කණ්ඩායමත්, අනුශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය A  කණ්ඩායම විසිනුත් ජයග්‍රහණය කරන ලද අතර පළඟ අවසන් තරගය ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය විසින් හා බඳුන අවසන් තරගය CINEC Maritime Campus කණ්ඩායම් විසින් හිමි කරගන්නා ලදී .

සම්පූර්ණ ලිපිය: ශූරතාවය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට