ගෙවුනු දවස: නොවැම්බර් 25 – හැව්ලොක් අපරාජිතව පෙරමුණේ

478

වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ A කාණ්ඩයේ පිරිමි තරගයේදී බ්‍රැන්ඩික්ස් කණ්ඩායම සහ ඩෙවිඩ් පීරිස් කණ්ඩායම තරග කරමින් ©ThePapare.comවෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ A කාණ්ඩයේ කාන්තා තරගයේදී ඔමෙගා ලයින් සහ මැලිබන් ආයතන කණ්ඩායම් තරග කරමින් ©ThePapare.comඩයලොග් රග්බි ලීග් තරගාවලියේ සිව්වන සතියේ හැව්ලොක් සහ CH&FC සමාජ අතර පැවති තරගයේ ඡායාරූපයක් ©ThePapare.comකොදෙව්වන් හමුවේ ජයග්‍රහණය සමරණ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ©AFP

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

වොලිබෝල් –

A කාණ්ඩයේ ශූරතාවය බ්‍රැන්ඩික්ස්ට සහ ඔමේගා ලයින්ට

ශ්‍රී ලංකා වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් පස්වන වරටත් සංවිධානය කරන ලද වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ “A” කාණ්ඩයේ අවසන් තරඟ යුගලය, ඊයේ (25) මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එහිදී පිරිමි අංශයේ ශූරතාවය බ්‍රැන්ඩික්ස්-ඕපනායක කණ්ඩායම විසින් හිමිකරගත් අතර කාන්තා අංශයේ ශූරියන් බවට පත්වූයේ ඔමේගා ලයින් කණ්ඩායමයි.

කාන්තා:

ඔමේගා ලයින් සහ මැලිබන් ආයතනය – 25-17, 25-16, 25-11 (3:0)

පිරිමි:

බ්‍රැන්ඩික්ස්-ඕපනායක සහ ඩේවිඩ් පීරිස් සමාගම – 22-25, 25-21, 23-25, 25-19, 17-15 (3:2)

සම්පූර්ණ ලිපිය: බ්‍රැන්ඩික්ස් සහ ඔමේගා ලයින් ශූරතාවයන් දිනයි


රග්බි –

ජයග්‍රහණය හැව්ලොක් ක්‍රීඩා සමාජයට

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සතියේ තරගාරම්භ කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CH&FC ක්‍රීඩා සමාජය අතර තරගයක් ඊයේ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති අතර සුපුරුදු පරාජයේ අත්දැකීම විඳගන්නට CH කණ්ඩායමට සිදුවිය.

රාත්‍රි තරගයක් ලෙස පැවති තරගය සවස 6.00 පමණ ආරම්භ වූ තරගය තරගයේ ප්‍රථම අර්ධය නිමා වූයේ 31-05ක් ලෙස හැව්ලොක් ක්‍රීඩකයින් පෙරමුනේ පසුවෙමිනි. තරගයේ නියමිත කාලය අවසානයේදී උත්සාහක දිනුම් 8ක් සමඟින් ලකුණු පුවරුව 48-05ක් ලෙස දැක්විය.

අවසන් ලකුණු – හැව්ලොක් ක්‍රීඩා සමාජය 48:05 CH&FC

ThePapare.com තරගයේ වීරයා – දුලාජ් පෙරේරා (හැව්ලොක් ක්‍රී.ස)

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තුවන්න


ක්‍රිකට් –

අවසන් මහා තරගයට සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව

ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් පසුවන කොදෙව් කණ්ඩායම පසුපසට ඇද දමමින් අවසන් තරගය සඳහා ඉඩකඩ වෙන්කර ගැනීමට ඊයේ (25) සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. ඒ බුලවායෝ හිදී පැවති එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 5කින් ජයග්‍රහණය කරමිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුව එක් අවස්ථාවක ලකුණු 89ට කඩුලු 7ක් ලෙස සටහන් වුවත්, අටවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 38ක සබඳතාවයත්, නවවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 91ක නොබිඳුණු සබඳතාවයත් නිසා මෙවන් විප්ලවීය ජයග්‍රහණයක් ලබා ගැනීමට පදනම සැකසිණි.

සිම්බාබ්වේ – කඩුලු 8ක් දැවී ලකුණු 218 (පන්දුවාර 49): සිකන්දර් රාසා 76*, ටෙන්ඩායි චිසෝරෝ 42*, හැමිල්ටන් මැසකඩ්සා 20, ඈෂ්ලි නර්ස් 3/27, දේවේන්ද්‍ර බිෂූ 3/30.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 5ක් දැවී ලකුණු 124 (පන්දු 27.3): ජොනතන් කාටර් 43*, ක්‍රේග් බ්‍රත්වයිට් 24, ජේසන් හෝල්ඩර් 22, ශෝන් විලියම්ස් 2/18, ටෙන්ඩායි චිසාරෝ 2/23.

සම්පූර්ණ ලිපිය: වර්ෂාවේ ආශිර්වාදයෙන් සිම්බාබ්වේ කණ්ඩායම අවසන් තරගයට

දිනයක නිමාව