ගෙවුනු දවස: නොවැම්බර් 20 – නාවිකයන්ගෙන් ප්‍රභල අභියෝගයක්

303

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 රග්බි 

නාවිකයින්ට පහසු ජයක්

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ අවසන් තරගය ඊයේ (20) පැවතියේ නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ CH&FC ක්‍රීඩා සමාජය අතරයි. තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවති අතර පරාජයේ අමිහිරි අත්දැකීම් සුපුරුදු පරිදි විඳින්නට සිදුවූයේ CH කණ්ඩායමටයි.

ප්‍රථම අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 33 – 03 CH&FC ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 55 – 03 CH&FC ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ප්‍රසාද් නිවන්ක (නාවික හමුදාව)

ලකුණු රැස් කල ක්‍රීඩකයින්

  • නාවික හමුදාව: තිලිණ වීරසිංහ (1T, 5C), ලී කීගල් (2T), දුලංජන විජේසිංහ (1T), ප්‍රසාද් නිවන්ක (1T), චානක චන්දිමාල් (1T), ලහිරු හේරත් (1T), ස්ටෙෆාන් ග්‍රෙගරී (1T), හර්ෂ මධුරංග (1T)
  • CH&FC: ජනිත් චන්දිමාල් (1P)

සම්පූර්ණ වාර්තාව: උත්සාහක දිනුම් වර්ෂාවකින් නාවිකයන් CH&FC සෝදාපාළු කරයි


 පාපන්දු 

ඩිලාන්ට තරග තහනමක්

යුධ හමුදා ක්‍රීඩක ඩිලාන් උදයංග හට තරග දෙකක් සඳහා තහනමක් පනවා ඇති අතරම රු.5000 දඬයක්ද ගෙවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් තීරණය කර ඇත. මීට හේතුව වී ඇත්තේ ඩයලොග් ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ ප්‍රථම සතියේ යුධ හමුදාව සහ ගුවන් හමුදාවට එරෙහිව පැවති තරගයේදී තරග තීරක වරයා හට පරුෂවචනයෙන් බැන වැදීමයි.

මේ සම්බන්ධයෙන් ThePapare.com වෙත විශේෂ ප්‍රකාශක් ලබා දුන් පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී යූ. එල්. ජස්වර් පැවසූවේ,

“පැහැදිලිවම ඔහු තරග තීරක වරයා හට පරුෂ වචනයෙන් බැන වැඳී ඇති බව තහවුරු වෙලයි තියෙන්නේ. සාක්ෂී විමසීම් අංශය විසින් ඒකමතිවක තීරණය කලේ සැප්තැම්බර් මස 3 වැනිදා සිට බල පැවැත්වෙන පරිදී යුධ හමුදා ක්‍රීඩක ඩිලාන් උදයංග හට පාපන්දු සම්මේලනය විසින් පවත්වනු ලබන තරග දෙකක් තහනමකට ලක්කීරීමට සහ රු.5000ක දඬයක්ද පැනවීමටයි.”

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට


 පසුගිය සතියෙන් 

සමව නිමාවුනු තරගයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ චමත්කාරය නෙතු අග මවන තවත් සුවිශේෂී තරගයක් 19 වැනිදෘ බුලවායෝ හිදී ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ 3වන තරගය වූ මෙය අවසන් වූයේ ලකුණු සමවීම නිසා ජය පරාජයකින් තොරවයි.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 257 (පන්දුවාර 50): ක්‍රේග් අර්වයින් 92, සිකන්දර් රාසා 77, කාලෝස් බ්‍රත්වයිට් 4/48, ශැනෝන් ගැබ්‍රියෙල් 2/45, ජේසන් හෝල්ඩර් 2/47.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 8ක් දැවී ලකුණු 257 (පන්දුවාර 50): ශයි හෝප් 101, ක්‍රේග් බ්‍රත්වයිට් 78, ඩොනල්ඩ් තිරිපානෝ 2/26, ශෝන් විලියම්ස් 2/52.

සම්පූර්ණ ලිපිය: ලකුණු සමවීමෙන් කෙලවර වූ සිම්බාබ්වේ – කොදෙව් ක්‍රිකට් සටන


ජයග්‍රහණය හැව්ලොක් ක්‍රීඩකයින්ට

සුපුරුදු එදිරිවාදීන් සේ හැඳින්වෙන CR&FC සහ හැව්ලොක් යන රග්බි කණ්ඩායම් ද්විත්වය, ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ තවත් තරඟයකට 19 වැනිදා එක්වූයේ හැව්ලොක් පිටියේදීයි. එහිදී ලකුණු 10-06ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය (1T,1C) 07 – 03 (1P) CR&FC

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය (1T,1C,1P) 10 – 06 (2P) CR & FC

ThePapare.com තරගයේ වීරයා: සුදම් සූරියආරච්චි (හැව්ලොක්)

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයන්

  • ප්‍රසාද් මධුශංක 1T, දුලාජ් පෙරේරා 1C,1P (හැව්ලොක්)
  • රීසා මුබාරක් (2P) (CR & FC)

සම්පූර්ණ ලිපිය: CR&FC පරදා ජය හැව්ලොක් සමාජයට


වැස්සට තරග කල් යයි

දිගු නිහැඬියාවකින් අනතුරුව 19 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුනු ඩයලොග් ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සුපරි 8 දෙනාගේ දෙවැනි සතියේ තරග කිහිපයක් වර්ෂාව හේතුවෙන් කල් දැමීමට සංවිධායකයෝ තීරණය කර ඇත.

ඒ අනුව අද පැවැත්වීමට තිබුනු බ්ලුස්ටාර් සහ ගුවන් හමුදාව අතර තරගයත්, කොළඹ පාපන්දු සමාජය සහ සොලිඩ් පාපන්දු සමාජය අතර තරගයත් හෙට පැවැත්වීමට තිබුනු රිනවුන් සහ නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජ අතර තරගයත් මෙසේ කල් දමා ඇති තරගවේ.

කෙසේ නමුත් 21වැනිදා කැළණියේදී පැවැත්වීමට නියමිත ගුවන් හමුදාව සහ යුධ හමුදාව අතර තරගයේ දිනයන් මේ වන තෙක් වෙනස් කර නොමැත.

ගුවන් භටයෝ පොලීසය මට්ටු කරයි

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් තරග දෙකක් 18 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී සහ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර එම තරග වලින් යුධ හමුදාව පරාජය කරමින් මහනුවර ක්‍රීඩා සමාජයත්, පොලීසිය පරාජය කරමින් ගුවන් හමුදාවත් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

පළමු තරගය

ප්‍රථම අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය (4T, 2C) 24  – 03 (1P) යුධ හමුදා ක්‍රීඩා සමාජය.

අවසන් ලකුණු: මහනුවර ක්‍රීඩා සමාජය (5T,3C,1P) 34 – 10 (1T,1C,1P) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: බුවනෙක උදන්ගමුව (මහනුවර)

දෙවැනි තරගය

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 00 – 09 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු: පොලිස් ක්‍රීඩා සමාජය 12 (2T, 1C) – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 22 (1T, 1C, 5P)

ThePapare.com තරගයේ වීරයා: චරිත් සෙනෙවිරත්න (ගුවන් හමුදාව)

සම්පූර්ණ වාර්තාවට පිවිසෙන්න


තෙවැනි ස්ථානය යුධ හමුදාවට

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා සහ පිරිමි අංශයන්හි තෙවන ස්ථාන සඳහා වන තරඟ 16 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විය. එහිදී අංශ දෙකේම තෙවන ස්ථානයන් තමා සතු කරගන්නට යුධ හමුදා කාන්තා සහ පිරිමි කණ්ඩායම් සමත් විය.

තරඟාවලියේ උණුසුම් තරඟයන් වන අවසන් තරඟ දෙක පැවැත්වෙන්නේ එළඹෙන 25වන දා ය.

පිරිමි – යුධ හමුදාවට එරෙහිව ගුවන් හමුදාව.

25-16, 25-17, 25-20 (යුධ හමුදාවට ජය)

කාන්තා – යුධ හමුදාවට එරෙහිව නාවික හමුදාව.

25-18, 25-20, 25-19 (යුධ හමුදාට ජය)

සම්පූර්ණ ලිපිය: යුධ හමුදාවෙන් සුපිරි දස්කම්


විදුලි බල මණ්ඩලය සහ වරාය පෙරමුනේ

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සිව්වන දිනය නිමාවට පත්වන විට, පිරිමි අංශයෙන් විදුලි බල මණ්ඩල කණ්ඩායමත්, වරාය අධිකාරී කණ්ඩායමත් සහ කාන්තා අංශයෙන් ගුවන් හමුදා සහ කැෂුවල් ලයින් කණ්ඩායමත් තරඟාවලි ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් විය. තරඟාවලිය පැවැත්වෙන්නේ මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේ දීයි.

සම්පූර්ණ ලිපිය: විදුලි බලයට අභියෝග කරන්නට වරාය ක්‍රීඩකයන් සූදානම්