ගෙවුනු දවස: නොවැම්බර් 19 – තරගයේ වීරයා සුදම් සූරියආරච්චි

188
Sri Lanka Sports NewsSri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

සමව නිමාවුනු තරගයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ චමත්කාරය නෙතු අග මවන තවත් සුවිශේෂී තරගයක් ඊයේ (19) බුලවායෝ හිදී ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ 3වන තරගය වූ මෙය අවසන් වූයේ ලකුණු සමවීම නිසා ජය පරාජයකින් තොරවයි.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 257 (පන්දුවාර 50): ක්‍රේග් අර්වයින් 92, සිකන්දර් රාසා 77, කාලෝස් බ්‍රත්වයිට් 4/48, ශැනෝන් ගැබ්‍රියෙල් 2/45, ජේසන් හෝල්ඩර් 2/47.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 8ක් දැවී ලකුණු 257 (පන්දුවාර 50): ශයි හෝප් 101, ක්‍රේග් බ්‍රත්වයිට් 78, ඩොනල්ඩ් තිරිපානෝ 2/26, ශෝන් විලියම්ස් 2/52.

සම්පූර්ණ ලිපිය: ලකුණු සමවීමෙන් කෙලවර වූ සිම්බාබ්වේ – කොදෙව් ක්‍රිකට් සටන


 රග්බි 

ජයග්‍රහණය හැව්ලොක් ක්‍රීඩකයින්ට

සුපුරුදු එදිරිවාදීන් සේ හැඳින්වෙන CR&FC සහ හැව්ලොක් යන රග්බි කණ්ඩායම් ද්විත්වය, ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ තවත් තරඟයකට අද (19) එක්වූයේ හැව්ලොක් පිටියේදීයි. එහිදී ලකුණු 10-06ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය (1T,1C) 07 – 03 (1P) CR&FC

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය (1T,1C,1P) 10 – 06 (2P) CR & FC

ThePapare.com තරගයේ වීරයා: සුදම් සූරියආරච්චි (හැව්ලොක්)

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයන්

  • ප්‍රසාද් මධුශංක 1T, දුලාජ් පෙරේරා 1C,1P (හැව්ලොක්)
  • රීසා මුබාරක් (2P) (CR & FC)

සම්පූර්ණ ලිපිය: CR&FC පරදා ජය හැව්ලොක් සමාජයට

දිනයක නිමාව