ගෙවුනු දවස: නොවැම්බර් 08 – මහනුවරට කොළඹින් දුන් අභියෝගය

563
Sri Lanka Sports NewsSri Lanka Sports NewsSri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 රග්බි 

මහනුවර ක්‍රීඩකයෝ කොළඹ ක්‍රීඩකයින්ට පරාජය වේ.

කොළඹ රග්බි පාසල් සංයුක්තය සහ මහනුවර රග්බි පාසල් සංයුතිය සමඟ වාර්ෂිකව පැවැත්වෙන රග්බි තරගාවලියේ, 2016 වර්ෂයේ තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ පාසල් සංයුක්ත කණ්ඩායම සමත් විය.

තරගය ඊයේ පස්වරු 06.00 පමණ කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර තරගයේ ප්‍රථම අර්ධය නිමාවූයේ 36:06 ලෙසින් කොළඹ කණ්ඩායම පෙරමුණ ගනිමිනි. කෙසේ නමුත් තරගයේ නියමිත වේලාව අවසන් වන විට මහනුවර කණ්ඩායමට හොඳ තරගයක් ලබා දුන් කොළඹ කණ්ඩායම, ලකුණු 72:11ලෙසින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

තරගයේ සවිස්තර ලිපිය බලාපොරොත්තුවන්න


 ක්‍රිකට් 

ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ අභියෝගයක් වෙයිද?

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 102ක් ලබා සිටියි.

දෙවන දිනය සඳහා තරගය තාවකාලිකව නතර කරන විට කඩුලු 2කට ලකුණු 126ක් ලබා සිටි සිම්බාබ්වේ පිතිකරුවන් ඒ වන විටත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක නොබිඳුණු සබඳතාවක් තබා තිබුණි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 504 (පන්දුවාර 144.4): ධනංජය සිල්වා 127, අසේල ගුණරත්න 116, උපුල් තරංග 79, කෞෂාල් සිල්වා 37, ඩොනල්ඩ් තිරිපානෝ 3/91, ග්‍රැහැම් ක්‍රීමර් 3/136, හැමිල්ටන් මැසකඩ්සා 2/34.

සිම්බාබ්වේ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 82.1): බ්‍රයන් චාරි 80, ක්‍රේග් අර්වයින් 64, ශෝන් විලියම්ස් 58, රංගන හේරත් 5/89, දිල්රුවන් පෙරේරා 3/51, සුරංග ලක්මාල් 2/55.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 102 (පන්දුවාර 40): දිමුත් කරුණාරත්න 54*, උපුල් තරංග 17, ධනංජය සිල්වා 9, කෞෂාල් සිල්වා 6, කාල් මුම්බා 3/31.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට සිම්බාබ්වේ පන්දු යවන්නන්ගෙන් අභියෝගයක්


කාන්තා කණ්ඩායමේ නායිකාව ඉනෝකා

එළඹෙන 9 වැනිදා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ 4කින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර පත්කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නව පුහුණුකරු හේමන්ත දේවප්‍රිය යටතේ වෙනස්කම් කිහිපයකට භාජනය වූ කණ්ඩායමට, පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා සංචිතය නියෝජනය නොකළ ඕෂදී රණසිංහ සහ ශ්‍රීපාලි වීරක්කොඩි යන ක්‍රීඩිකාවන් ද ඇතුලත් කර ඇත.

සංචිතය

ඉනෝකා රණවීර (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකා), ඩිනාලි මනෝධාරා, නිලක්ෂි සිල්වා, අමා කාංචනා, හසිනි පෙරේරා, චමරි පොල්ගම්පොල, චමරි අතපත්තු, නිපුනි හංසිකා, ශ්‍රීපාලි වීරක්කොඩි, සුගන්ධිකා කුමාරි, ඕෂදී රණසිංහ, හන්සිමා කරුණාරත්න, අචිනි කුලසූරිය

*පසුගිය දින දෙකේදී ගෙවුනු දවස ලිපිය පලනොවීම නොවීම පිළිබඳව බලවත් කනගාටුව.

දිනයක නිමාව