ගෙවුනු දවස: නොවැම්බර් 05 – ගුවන් අභියෝගයෙන් හැව්ලොක් ජය ගනී

534
Sri Lanka Sports NewsSri Lanka Sports NewsHavelocks start season with a convincing win over Air Force translationSri Lanka Sports NewsSri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 මලල ක්‍රීඩා 

CT & FC ප්‍රථම දිනය නිමාවෙයි

ලාංකික ජවන හා පිටිය සමාජය (Ceylonese Track and Field Club) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මලල ක්‍රීඩා තරගාවලිය මෙවරත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

ප්‍රතිඵල සටහන

වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර 400

  • රන් පදක්කම – ඩී. ඩී. යසනි දහනායක (මිනිත්තු 01:06.09)
  • රිදී පදක්කම – ආර්. තරුශි තත්සරණී (මිනිත්තු 01:08.9)
  • ලෝකඩ පදක්කම – නවෝද්‍යා ජයසිංහ (මිනිත්තු 01:09.08)

වයස අවුරුදු 16න් පහළ බාලිකා උස පැනීම

  • රන් පදක්කම – යශෝධා තේජානී (මීටර 01.40)
  • රිදී පදක්කම – මෙත්මා සෙව්මිනී (මීටර 1.30)
  • ලෝකඩ පදක්කම – ඩී. සොනාදී (මීටර 1.30)

වයස අවුරුදු 16න් පහළ බාලිකා කවපෙත්ත විසි කිරීම

  • රන් පදක්කම – ඉමේශා ප්‍රසාදිනී (මීටර 18.02)
  • රිදී පදක්කම- යුවනි අමල්ශා (මීටර 13.38)

සම්පූර්ණ ලිපිය: 54 වන ජවන හා පිටිය තරගාවලිය දියගමදී ආරම්භ වෙයි


 රග්බි 

මහනුවර සහ හැව්ලොක් සමාජයන්ට ජය

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ඊයේ (05) දිනයේ තවත් තරග දෙකක් රත්මලාන යුධ හමුදා ක්‍රීඩා පිටියේදී සහ මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැත්විය.

එහිදි ගුවන් හමුදාව සහ හැව්ලොක් සමාජය අතර පැවති තරගයේ ආරම්භයේ සිටම පෙරමුණ ගත් හැව්ලොක් ක්‍රීඩා සමාජය 29-05ක් ලෙසින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. තරගයේ ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු පුවරුව 05-17ක් ලෙස පැවති අතර දෙවන අර්ධයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ගුවන් භටයෝ අසමත් වූහ.

සම්පූර්ණ ලිපිය: ගුවන් අභියෝගයට හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ප්‍රබල පිළිතුරක්

CH & FC ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර තරගය නිත්තවෙලදී පැවති අතර ඩයලොග් ලීග් කිරුලේ පිට පිටම ශූරයින් වුනු මහනුවර ක්‍රීඩා සමාජය මෙහිදී පිට පිටම අන්තිමයන් වූ CH & FC ක්‍රීඩා සමාජය 93-00ක් ලෙසින් පරාජය කිරීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තු වන්න


 ක්‍රිකට් 

නායක ධූරය උපුල් තරංගට

සිම්බාබ්වේ හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ නායකත්වය උපුල් තරංගට හිමිව තිබේ.

ඒ අනුව නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම හැසිරවීමේ වගකීම, 31 වියැති මේ වමත් පිතිකරුවාට හිමිවනු ඇත. මෙවර 15 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතයේ කුසල් ජනිත් පෙරේරා උප නායකත්වය උසුලන ප්‍රථම අවස්ථාව මෙන්ම උපුල් තරංග ජාතික කණ්ඩායම මෙහෙයවන මුල්ම අවස්ථාවද වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – උපුල් තරංග (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, දසුන් ශානක, නුවන් කුලසේකර, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ.

සම්පූර්ණ ලිපිය: සිම්බාබ්වේ සංචාරයේ එක්දින නායකත්වය උපුල් තරංගට!


තරග කිහිපයකටම වැස්සෙන් බාධා

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ඊයේත් (06) තරඟ කිහිපයක්ම පැවැත්වූ නමුත් එම තරඟ වලින් තරඟ රැසක්ම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අත්හැරීමට සිදුවිය. එනමුත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලයට එදිරිව පළමු ඉණිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම  – 124/10 (56.1): අවිශ්ක හසරිදු 31, අමිල දහනායක 23, චතුර ඔබේසේකර 3/29

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – 83/10 (34.5): සන්තුෂ් ගුණතිලක 23, මහීම වීරකෝන් 4/17

ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම – 17/02 (6)

සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – 154/10 (36.1): ඉසුරු උදයංග 44, සුපුන් කාවින්ද 31, මදුරංග චන්‍ද්‍රරත්න 3/53

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 20/0 (6)

සම්පූර්ණ ලිපිය: තරඟ කිහිපයකටම වැස්සෙන් බාධා

දිනයක නිමාව