ගෙවුනු දවස: නොවැම්බර් 03 – ලාඕසය ශ්‍රී ලංකාව අසරණ කරයි

407
Sri Lanka Sports News last day summary November 03rdSri Lanka Sports News last day summary November 03rdSri Lanka Sports News last day summary November 03rd

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

තෝමස් විද්‍යාලයට ජය

සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (03) ආරම්භ වු අතර 02 වනදා ආරම්භ වූ තරගයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉණිම – 116/10 (45): දසුන් පෙරේරා 45, ශෙෂාඩ් අමීන් 31, පවිත් රත්නායක 4/33, ඩිලෝන් පීරිස් 4/42

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉණිම – 87/06 dec(34): මංචිල විජේරත්න 42, ඩිනුර ගුණවර්ධන 31*, මුදිත ලක්ෂාන් 4/29

ඩී. එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉණිම – 59/03 (27): දසුන් පෙරේරා 21, ඩිලෝන් පීරිස් 2/34

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – 183/10 (78.2): මොහොමඩ් ඉශාක් 39, රවිදු කොඩිතුවක්කු 34, විහාන් ගුණසේකර 5/50

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – 215/10 (62.3): කවිශ් කුමාර 107, රවිදු රසන්ත 22, පසන් සමරතුංග 5/52

රාහුල විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 83/4 (39): ලකිදු චමෝද් 24*

සම්පූර්ණ ලිපිය: සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉණිමේ ජයක්


 පාපන්දු 

පැට්‍රික් විදුහල හමුවේ ජෝසප් වාස් පරාජය වේ

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී ඊයේ (4) සවස පැවැත්වුණු කොත්මලේ වයස අවුරුදු 19න් පහල පාසල් පාපන්දු තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයේදී වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල 7 – 6ක් ලෙස දඬුවම් පහර මඟින් පරදවා ජය ගත් යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී.

සම්පූර්ණ ලිපිය: සාන්ත පැට්‍රික් විදුහල අවසන් මහා තරගයට


ශ්‍රී ලංකාව 01 : 02 ලාඕසය

මැලේසියාවේදී ආරම්භ වූ කුළුඳුල් ආසියානු සහයෝගිතා කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාවත් ලාඕසයත් අතර ඊයේ දින (4) පැවැත්වුණු තරඟයේ සම්පූර්ණ ආධිපත්‍ය දරන්නට ලාඕස පාපන්දු කණ්ඩායම සමත් විය. තරඟයේ අවසන් භාගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය නොමැති වන්නට, ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතාබහ කරන්නට දෙයක් නොමැති තරම් විය.

ප්‍රථම අර්ධය: ශ්‍රී ලංකාව 0 – 0 ලාඕසය                                              

දෙවන අර්ධය: ශ්‍රී ලංකාව 1 – 2 ලාඕසය 

ගෝල රැස් කළ ක්‍රීඩකයින්

  • මුක්දා 58, සන්තනලේ 83 (ලාඕසය)
  • අසිකු රහුමාන් 93 (ශ්‍රී ලංකාව)

සම්පූර්ණ ලිපිය: පන්දුව සියතේ තබා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකාව අසරණ වෙයි

දිනයක නිමාව