ගෙවුනු දවස මැයි 08 – අවිඳු තීක්ෂණගෙන් 80ක්

504

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

රිච්මන්ඩ් විදුහල නැවතත් සටනට

pic 1අවිඳු තීක්ෂණ සහ සඳුන් මෙන්ඩිස් පිතිකරණයේ දී දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ආරම්භක දිනයේ වැඩි ගෞරවය (08) ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හිමි විය. ඔවුන් තරග වැදුණේ සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ අවසන් මහා තරගය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය සමඟිනි. තරගය කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 307 (පන්දුවාර 95): අවිඳු තීක්ෂණ 80, සඳුන් මෙන්ඩිස් 64*, තවීශ අභිෂේක් 46, දුවීන් කළංසූරිය 36*, කසුන් තාරක 25, සුපුන් වරාගොඩ 4/91, අසේල් සිගේරා 2/80.

සම්පූර්ණ වාර්තාව: මුල්පෙළ බිඳ වැටීමෙන් අනතුරුව රිච්මන්ඩ් විද්‍යාලය නැවතත් සටනට

මහේල ලැන්කෂයර් සමඟ

pic 2එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත “NatWest T20 බ්ලාස්ට්” විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ සේවය ලබා ගැනීමට ලැන්කෂයර් ප්‍රාන්තය තීරණය කර තිබේ.

මහේල මීට පෙර තරග වාරයේ දී සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර පකිස්තානයේ දී සහ නවසීලන්තයේ දී පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිවල දී කරච්චි කිංග්ස් සහ සෙන්ට්‍රල් ස්ටැග්ස් යන කණ්ඩායම් ද්විත්වය නියෝජනය කර ඇත.

සම්පූර්ණ වාර්තාව: මහේල ජයවර්ධන ලැන්කෂයර් ප්‍රාන්තය සමඟ ගිවිසුම්ගත වෙයි


 දැල්පන්දු   

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

pic 310 වන වරටත් පැවැත්වූ ආසියානු තරුණ කාන්තා දැල්පන්දු තරගාවලිය පසුගිය 6 වැනි දා කොරියාවේ ජෙන්ජු හිදී ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා අවතීර්ණ වන්නේ වත්මන් ශූරියන් ලෙසියි. දැනට ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර එක් තරගයකින් පරාජය ලබා ඇත.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාවට පකිස්ථානය හමුවේ විශිෂ්ට ජයක්

දිනයක අවසානය