ගෙවුනු දවස මැයි 07 – දකුණේ ක්‍රීඩකයෝ ජය පැන් බොති

425

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

දකුණට ජයග්‍රහණය

U19 Provincial Final

දිවයින පුරා විසිරී පැතිරී සිටි වයස අවුරුදු 19න් පහළ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් රැසක් එකම තරගාවලියකට කැටි කොට ගනිමින් පැවැත්වුණු අන්තර් පළාත් එක්දින තරගාවලිය ඊයේ (07) දකුණු පළාතට ශූරතාවය හිමි කර දෙමින් නිමාවට පත්විය.

බස්නාහිර පළාත (දකුණ) – සියල්ලන්ම දැවී ලකුණු 189 (පන්දුවාර 49.1): කමිල් මිෂාර 68, කවිඳු උමයංග 38, අවිඳු ප්‍රනාන්දු 28, අවිඳු තීක්ෂණ 5/41, තිසර ඩිල්ශාන් 2/23, ධනංජය ලක්ෂාන් 2/20.

දකුණු පළාත – කඩුලු 4ක් දැවී ලකුණු 139 (පන්දුවාර 34): හංසික වැලිහිඳ 58*, තවීෂ අභිෂේක් 28, ඉංශක මධුවින්ද 2/31.

සම්පූර්ණ වාර්තාව: අවිඳුගේ දඟ පන්දුව නිසා ශූරතාවය දකුණු පළාතට


   පාපන්දු   

කොළඹ සහ ජාවා ලේන් අවසන් පූර්ව වටයට

Sri Lanka Sports NewsFA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති අවසන් තරග දෙකෙන් ගුවන් හමුදා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කළ කොළඹ FC කණ්ඩායමත්, රිනවුන් SC කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජය කළ ජාවා ලේන් SC කණ්ඩායමත් තරගාවලියේ අර්ධ අවසන් වටය තුළ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

.

සම්පූර්ණ ලකුණු

  • ගුවන් හමුදා කණ්ඩායම 0 – 1 කොළඹ FC
  • රිනවුන් SC 1 – 3 ජාවා ලේන් SC

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තු වන්න


 වොලිබෝල් 

ශ්‍රී ලංකාවට 10 වැනි ස්ථානය

Sri Lanka Sports Newsවයස අවුරුදු 23න් පහළ ආසියානු වොලිබෝල් පිරිමි ශූරතා තරගාවලියේ ඊයේ (7) පැවැත්වූ තරග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට උස්බෙකිස්තානය, ජපානය, තායිලන්තය, ඉරානය හා චීන තායිපේ යන කණ්ඩායම් සමත් විය. මෙහි දී පැවැත්වූ ශ්‍රී ලංකා උස්බෙකිස්තාන තරගය වට 3-0ක් ලෙස පරාජයට පත්වීම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ 10 වන ස්ථානයයි.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට 10 වන තැන

දිනයක අවසානය