ගෙවුනු දවස මැයි 06 – සහිරාවන්ට දැවැන්ත පරාජයක්

907

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   රග්බි   

වෙස්ලි, ඉසිපතන, රාජකීය ජයග්‍රහණ

Schools Rugby League

පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතියේ සෙනසුරාදා පැවති තරග ත්‍රිත්වයකින් රාජකීය, වෙස්ලි සහ ඉසිපතන යන කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

එහි දී සහිරා විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත තෝමස් කණ්ඩායම් පරාජයට පත්විය.

අවසන් ලකුණු තත්වය

  • වෙස්ලි 26 – 14 සාන්ත පීතර
  • ඉසිපතන 41 – 21 සාන්ත තෝමස්
  • සහිරා 14 – 65 රාජකීය

සම්පූර්ණ වාර්තාව: වෙස්ලි, රාජකීය සහ ඉසිපතනයට ජය


  පාපන්දු  

යුද හමුදාවට සහ සෝන්ඩර්ස් ජය

Saunders SC

FA කුසලානයේ අවසන් 8 දෙනාගේ තරග ඊයේ ආරම්භ විය. ආරම්භක තරගය යුද හමුදාව සහ සුපර් සන් කණ්ඩායම අතර පැවැත්විය. එහි ප්‍රථම අර්ධයේ දීම 04-00ක් ලසෙ පෙරමුණ ගත් යුද සෙබළුන් තරගය ජයග්‍රාහීව අවසන් කළේ 12-1ක් ලෙසයි.

පැවති දෙවැනි තරගය සෝන්ඩර්ස් සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම් අතර පැවැත්විය. ඉතාමත් තියුණු තරගයක් වුනු මෙම තරගයේ දී බ්ලූ ස්ටාර් කණ්ඩායම ප්‍රථම වටයේ දී පෙරමුණ ගත්තත්, සාර්ථකව ඔවුන් හඹා ගිය සෝන්ඩර්ස් ක්‍රීඩකයෝ 02-01ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

සම්පූර්ණ ලකුණු තත්වය

  • යුද හමුදාව 12 -01 සහ සුපර් සන්
  • සෝන්ඩර්ස් 02 – 01 බ්ලූ ස්ටාර්

 සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න 

දිනයක අවසානය