ගෙවුනු දවස මැයි 04 – රැජිනියන්ගේ කුසලානය අනුලා විදුහලට

526

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ජයග්‍රහණය අනුලා විද්‍යාලයට

pic 1

නුගේගොඩ අනුලා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර පළමුවැනි වරට පැවැත්වුණු රැජිණියන්ගේ සටන ඊයේ (04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ නුගේගොඩ අනුලා විද්‍යාලයට ජයග්‍රහණය හිමි කර දෙමිනි. ජය පැරදුම කෙසේ වෙතත් තරගය පුරාවට විද්‍යාල දෙකේම ප්‍රේක්ෂිකාවන් සහ ක්‍රීඩිකාවන් මහත් වූ සහෝදරත්වයකින් යුතුව මෙම නැවුම් තරග අත්දැකීමේ මිහිර විඳ ගනු දැක ගන්නට ලැබුණි.

රත්නාවලී බාලිකා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 39.4): පබසරා රණබාහු 52, තිලිණි නිවර්තනා 28, මුදිතා හෙට්ටිආරච්චි 23, සඳුනි නිසංසලා 6, නෙත්මි නිම්තරා 4, නවෝද්‍යා ආරියරත්න 4, අමාෂා දිල්ශානි 2/3, හිමාෂා සෙව්වන්දි 2/10, හර්ෂිතා මාධවී 2/37, ජනදි අනාලි 2/38.

නුගේගොඩ අනුලා විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 156 (පන්දුවාර 28): හර්ෂිතා මාධවී 71, අමාෂා දිල්ශානි 51, සිත්මි හිරාශා 13, තිලිණි නිවර්තනා 1/14, විශ්මි දෙව්මිණි 1/15.

සම්පූර්ණ වාර්තාව: රැජිණියන්ගේ සටනේ ජය නුගේගොඩ අනුලා විද්‍යාලයට


නිශාන් මදුශ්කගෙන් ශතකයක්

pic 2

අනාගතයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය අතික්‍රමණය කිරීමට සමත් නව දක්ෂයින් සොයා යාම වෙනුවෙන්  පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරඟය ඊයේ (4) නිමා වූ දුටු අතර බස්නාහිර දකුණ කණ්ඩායමට ලකුණු 130ක දැවැන්ත ජයග්‍රහණයක් මෙම තරඟයෙන් හිමිවිය. නිශාන් මදුශ්කගේ සාර්ථක පිතිකරණ දස්කම් වඩාත් කැපී පෙනින.

බස්නාහිර දකුණ – 303/08 (පන්දු වාර 50): නිශාන් මදුශ්ක 102, සනෝජ් දර්ශික 52, කමිල් මිශාර 46, අවිඳු ප්‍රනාන්දු 29, මිතිල ගීත් 2/48, සාජිත් සමීර 2/68

බස්නාහිර උතුර – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දු වාර 31.1): ලහිරු අත්තනායක 51, අශාන් ප්‍රනාන්දු 28, පෘථිවි රූසර 26, මහේෂ් තීක්ෂණ 23, රොහාන් සංජය 2/24, ටශික පෙරේරා 2/33, ඉන්ශාක් සිරිවර්ධන 2/47

සම්පූර්ණ වාර්තාව: බස්නාහිර දකුණ අවසන් සටනට


වොලිබෝල් –

උස්බෙකිස්තානය හමුවේ ජය ලංකාවට

pic 3

දෙවන ආසියානු 23න් පහළ වොලිබෝල් ශූරතාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා 23න් පහළ කණ්ඩායම අද (04) උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ අතර එහි දී වට 3-2ක් වශයෙන් තියුණු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය. පළමු වට දෙක පරාජය වුවත් පසුපසින් හඹාවිත් තරගය ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දරා ගැනීමේ හැකියාව මෙහි දී කැපී පෙනුණි.

සම්පූර්ණ වාර්තාව: උස්බෙකිස්තානය හමුවේ ලාංකිකයන් ජවය පෙන්වයි

දිනයක අවසානය