ගෙවුනු දවස මැයි 03 – රග්බි වගකීම් වීරරත්නට

392

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

රග්බි –

නායකත්වය වීරරත්නට

Pic 1

මෙම මස 14 වන දා සිට 20 වන දා දක්වා මැලේසියාවේ දී පැවැත්වීම ට නියමිත ආසියානු රග්බි ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාමේ  භාර දූර වගකීම  මහනුවර ක්‍රීඩා සමාජයේ නායක රොෂාන් වීරරත්න හට පැවරී ඇත. ඔහු ලීග් හා පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි ද්විත්වයේ දී ම මහනුවර කණ්ඩායම සාර්ථක ව මෙහෙයවූ අතර ඔහුගේ පුහුණුව යටතේ ශූරතා දෙකම ජයග්‍රහණය කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ වාර්තාව: රොෂාන් වීරරත්න රග්බි නායකත්වයට


ක්‍රිකට් –

ගුවන් හමුදාවට ශූරතාවය

Pic 2

කාන්තා සීමිත පන්දු වාර තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (03) කොළඹ MCA පිටියේ දී නිමාව දුටුවේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. මෙම තරගාවලියේ ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර අවසන් තරඟයේ දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූයේ චමරි අතපත්තු ය.

ගුවන් හමුදාව – කඩුලු 9ක් දැවී ලකුණු 190 (පන්දුවාර 50): චමරි අතපත්තු 60, යසෝදා මෙන්ඩිස් 41, ඩිලානි මනෝදරා 24, අමා කාංචනා 23*, ඕෂදී රණසිංහ 21, සුගන්දිකා කුමාරි 3/21, ලක්මාලි මෙත්තානන්ද 2/38, නිලූකා කරුණාරත්න 2/39.

යුධ හමුදාව – සියල්ලන්ම දැවී ලකුණු 129 (පන්දුවාර 45.4): ලක්මාලි මෙත්තානන්ද 27, චමරි පොල්ගම්පළ 2/13, චමරි අතපත්තු 2/28.

සම්පූර්ණ ලිපිය: චමරිගේ දක්ෂතා මැද ගුවන් හමුදාවට ශූරතාවය හිමිවෙයි


පාපන්දු –

අනුශූරතාවය ටෙලිකොම්ට

Pic 3

වෙළඳසේවා පාපන්දු තරගාවලියේ “C” කාණ්ඩයේ ශූරතාවය හා අනුශූරතාවය සඳහා වන තරග දෙකක් අද (03) දිනයේ දී පැවති අතර ශූරතාවය වෙනුවෙන් පැවති තරගයෙන් ප්‍රසාද ලකුණු 12ක් සමඟ ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම සමත්විය. ඒ සමඟින් ලකුණු 09ක් ලබා ගත් කොළඹ ඩොක්යාඩ් කණ්ඩායමට අනුශූරතාවය හිමි විය.

සම්පූර්ණ ලකුණු :

  • ශ්‍රී ලංකා ටෙලිකොම් 03 – 01 සෙලාන් බැංකු
  • කොළඹ ඩොක්යාඩ් 02 – 00 සම්පත් බැංකු කණ්ඩායම

දිනයක අවසානය