ගෙවුනු දවස මැයි 31 – මැතිව්ස්ට ආබාධයක්

287
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

පළමු අදියරට මැතිව්ස් නෑ?

ANgi

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇන්ජලෝ මැතිව්ස් 2017 ICC ශූරයින්ගේ කුසලානයේ පළමු කාණ්ඩ අදියරේ තරග සඳහා සහභාගී නොවීමට වැඩි සම්භාවිතාවක් ඇති බවයි. ඒ ඔහුගේ පාදයේ යට කොටසේ ඇති වූ ආබාධයක් නිසාවෙනි.

පසුගිය කාලවකවානුවේ දී ආබාධ කිහිපයකට ලක්වීමෙන් පසුව ශූරයින්ගේ කුසලානයේ නායකත්වය දැරීම සඳහා ඔහු පත් කිරීමට තේරීම් කමිටුව තීරණය කළේ ආබාධ තත්වයන්ගෙන් සුවය ලැබීමෙන් අනතුරුවයි.

ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාව සමඟින් පැවති තරග සංචාරයක් අතරතුර මැතිව්ස් ආබාධයකට ලක්වූ අතර ඔස්ට්‍රේලියාව සමඟ පැවති 20-20 තරගාවලිය සහ ශ්‍රී ලංකාවේ දී පැවති බංගලාදේශ තරගාවලිය ඔහුට මඟ හැරී ගියේය.

පසුගිය දා නිමා වූ ඕස්ට්‍රේලියාව සමඟ පැවති පුහුණු තරගයෙන් ලකුණු 95ක් ලබා ගැනීමට මැතිව්ස් සමත් වූවත් නවසීලන්තය සමඟ පැවති දෙවන පුහුණු තරගය සඳහා ඔහු සහභාගී නොවීය.

සම්පූර්ණ ලිපිය: පළමු අදියරට මැතිව්ස් නැහැ?

ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය ජුනි 03

Blind Cricket

6 වැනි වරටත් ඩිල්මාහ් ආයතනයේ සවිබල ගැන්වීම යටතේ පවත්වනු ලබන “ඩිල්මාහ් අභියෝගතා දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය” එළඹෙන ජුනි මස 03 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නවකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියට, දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ ලියාපදිංචිව සිටින සියලුම කණ්ඩායම් සඳහා සහභාගී විය හැකි සේම ඔවුන්ගේ කුසලතා එළිදැක්වීමට ඇති මහඟු අවස්ථාවක් ලෙස ද සඳහන් කළ හැකිය. මෙම තරගාවලිය හරහා දස්කම් දක්වන්නා වූ දක්ෂ තරු අනාගතයේ ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ද උදාවනු ඇත.

සම්පූර්ණ වාර්තාව: දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ ජාතික තරගාවලියට සූදානම්


බොක්සිං –

තවමත් යුධ හමුදාව පෙරමුණේ

unnamed

ඉතාමත් උණුසුම් තරග කිහිපයක් සමඟින් 2017 ආධුනික බොක්සිං තරගාවලියේ සිව්වැනි දිනය අද (31) නිමා විය. ඊයේ, මාස් රාජකීය බොක්සිං කවයේ දී නිමා වූයේ ආධුනික තරගාවලියේ අවසන් පූර්ව තරගයි. කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම තරග පැවැත්විණි.

අද (01) තරගාවලියේ අවසන් දිනයයි. මේ වන විටත් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින යුධ හමුදා ක්‍රීඩා සමාජයට අභියෝගයක් වන්නට ප්‍රතිවාදීන්ට හැකි වේවි ද? රැඳෙන්න, ThePapare.com සමඟින්.

සම්පූර්ණ ලිපිය: විනිසුරුවන් සටන් 8ක් නවතයි

දිනයක අවසානය