ගෙවුනු දවස මැයි 27 – සත් සාමාජික ශූරතාවය නාවිකයින්ට

357

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

    ක්‍රිකට්    

හේනේගමට ජය

2nd Siyanne Blue and Green Battleසියනෑ නිල් කොළ මහා ක්‍රිකට් සටන ලෙසින් හඳුන්වනු ලබන වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය හා හේනේගම මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගය ඊයේ (27) පැවැත්විය. එම තරගයෙන් ලකුණු 6ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට හේනේගම මධ්‍ය විද්‍යාලය සමත් විය.

හේනේගම මධ්‍ය විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 93 (පන්දුවාර 35.1): මලීශ කලන්සූරිය 3/19

වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 87 (පන්දුවාර 27.2): මලීශ කලන්සූරිය 26, සජිත් මදුසංක 24, ජනිත් මදූශ 3/21, ශෙහාන් දිනූෂ 3/21

සම්පූර්ණ වාර්තාව: සියනෑ නිල් කොළ සටනේ ශූරතාවය හේනේගම විද්‍යාලයට


   රග්බි   

නැඟී එන ක්‍රීඩකයා ලහිරු

Western Provins 7sබස්නාහිර පළාත් විවෘත සත් සාමාජික රග්බි ශූරතා තරගාවලිය ඊයේ (27) හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර තරගාවලිය පවත්වන්නට සිදුවූයේ වැසිබර කාලගුණ තත්වයක් යටතේ ය. තරගාවලියේ අවසන් මහා තරගය විදුලි ආලෝකය මධ්‍යයේ පැවති අතර එහි දී ශූරතාවය දිනා ගන්නට CR & FC A කණ්ඩායම ලකුණු 12-10ක් ලෙස පරාජය කළ නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායම සමත් විය.

තරගාවලිය කාණ්ඩ 3 ක් යටතේ පැවත්විණ. පළමු කාණ්ඩයේ හොඳම කණ්ඩායම් 8ත්, දෙවන කාණ්ඩයේ කණ්ඩායම් 6කුත් සහ සංවර්ධන කාණ්ඩයේ කණ්ඩායම් 12කුත් ක්‍රීඩා කරන ලදි.

සම්පූර්ණ වාර්තාව: ජයග්‍රහණය නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායමට

දිනයක අවසානය