ගෙවුනු දවස මැයි 20 – පාසල් රග්බි පිටියේ ශූරයින් තීරණය වේ!

1013

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

කවිෂ්ගෙන් අර්ධ ශතකයක්

50th Battle of the Blues

ජාතික තලයට ක්‍රීඩකයින් බිහි කළ අම්බලන්ගොඩ දිස්ත්‍රික්කයේ ප්‍රබලතම පාසල් ද්විත්වයක් වන ධර්මාශෝක විද්‍යාලය සහ දේවානන්ද විද්‍යාලය අතර පැවැත්වෙන 50 වැනි “සුනිල සංග්‍රාමය” ඊයේ (20) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. ප්‍රථම දිනයේ දී පන්දු යවන්නන් තරගය පාලනය කරද්දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කළ කවීෂ් කුමාරගේ දස්කම් කැපී පෙනුණි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 56.2): කවීෂ් කුමාර 55, නිමේෂ් මෙන්ඩිස් 21, චතුර මිලාන් 2/37, සජින සංකල්ප 3/23, ඉමේශ් මධුශංක 2/19.

අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 96 (පන්දුවාර 38): කවිඳු සොහාන් 35*, සචිඳු උද්දීපන 29, ලසිත් කුමාර 3/3.

සම්පූර්ණ වාර්තාව: දේවානන්දයේ සාර්ථකත්වයට ධර්මාශෝකය වැට කඩුලු බඳියි


   රග්බි   

රාජකීයයෝ ශූරතාවය දිනති

Schools Rugby 2017

2017 අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තීරණාත්මක තරග 3ක් ඊයේ (20) පැවති අතර එහි දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඒත් සමඟම මෙවර තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඔවුන් සමත් විය.

වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් අතර කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම හමුවේ කොළඹ සහිරා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්විය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම අතර තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

සම්පූර්ණ වාර්තාව: ශූරතාවය රාජකීයයන්ට; අනුශූරතාවය ඉසිපතනයට


මැලේසියාව පෙරමුණට

Malaysia vs Sri Lanka

මැලේසියාවේ දී පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවන තරගය ඊයේ (20) පැවැත්වුණේ ප්‍රබල මැලේසියානු කණ්ඩායමට එරෙහිවයි. එහි දී ප්‍රතිවාදීන්ගේ එල්ල වූ දැඩි අභියෝග හමුවේ තරගය නිමා වූයේ 22-09ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙමිනි.

ප්‍රථම අර්ධය: මැලේසියාව 05 – 06 ශ්‍රී ලංකාව

දෙවන අර්ධය: මැලේසියාව 22 (3T, 2C, 1P ) – 09 (3P)  ශ්‍රී ලංකාව

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්:

මැලේසියාව

  • උත්සාහක දිනුම් – මවාරා නසලෝ, ටෙරන්ස් ගවාඩී, වොන්ග් වයි
  • ප්‍රවර්තන: අසිරෆ් නොරුඩීන්, අකීල් කම්සොල්,
  • දඬුවම් පහර: අකීල් කම්සොල්

ශ්‍රී ලංකාව

  • දඬුවම් පහර: තිලිණ විජේසිංහ (3P)

සම්පූර්ණ වාර්තාව: නැවතත් ශූරතාවය මැලේසියාවට


  පාපන්දු  

ශූරතාවය යුධ හමුදාවට

Army SC Champions 2016-17 FA CUP

කාගිල්ස් Food City ආයතනය මගින් සවිබල ගන්වනු ලබන FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (20) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. ඒ වත්මන් ශූරයින් වන යුධ හමුදා ක්‍රීඩා සමාජය හා ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමඟිනි. මෙම තරගයෙන් ගෝල 5-1ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 2-0 ජාවා ලේන් ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 5-1 ජාවා ලේන් ක්‍රීඩා සමාජය

ගෝල ලබා ගැනීම්,

  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – මොහොමඩ් ඉසඩීන් 12’ & 80’, අශිකර් රහුමාන් 43’ & 50’, සජිත් කුමාර 57’
  • ජාවා ලේන් ක්‍රීඩා සමාජය – නවීන් ජූඩ් 90’+1’

සම්පූර්ණ වාර්තාව: FA කුසලානය යුධ හමුදාව දෑතට

දිනයක අවසානය