ගෙවුනු දවස මැයි 14 – ශ්‍රී ලංකාව පිලිපීනය පරාජය කරයි

545

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

   රග්බි   

ශ්‍රී ලංකාව 24-13 පිලිපීනය

Sri Lanka vs Philipines

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග මැලේසියාවේ ඉපෝ නුවර දී ඊයේ (14) ආරම්භ වූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පිලිපීනයට එරෙහිව තරග බිමට පිවිසුණි. එහි දී පළමු අර්ධය අවසානයේ ලකුණු 11-00ක් ලෙස පෙරමුණේ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 24-13ක් ලෙස තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 11 (1T 2P) – 00 පිලිපීනය

දෙවන අර්ධය: ශ්‍රී ලංකාව 24 (2T 1C 4P) – 13 (2T 1P) පිලිපීනය

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාව හමුවේ පිලිපීනය අසරණ වෙයි


 වොලිබෝල් 

දෙවැනි තරගයත් පරාදයි

Womens U23 Volleyball Championship
pic credits – AsianVolleyball.net

වයස අවුරුදු 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ දෙවන දිනයේ තරග ඊයේ (14) තායිලන්තයේ නැකහොන් රැචසිමා හි දී සාර්ථකව අවසන් වුවත්, ඊයේ දිනය ද ශ්‍රී ලංකා කණ්ඩායමට සුභදායී දිනයක් නොවූයේ කසකස්තාන කණ්ඩායම හමුවේ ද වට 3-0ක් ලෙස පරාජයට පත් වීම නිසාවෙනි.

චීන තායිපේ කණ්ඩායම සමඟ ඉකුත් දා පැවති තරගයේ දී ද වට 3-0ක් ලෙස දරුණු පරාජයක් ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ පිටියට පැමිණියේ කෙසේ හෝ මෙම තරගය ජයග්‍රහණය කර  මෙම තරගාවලිය තුල සක්‍රියව ඉදිරියටම යාමේ බලාපොරොත්තු ඇතිවයි.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා ලලනාවන් කසකස්තානය හමුවේ පරාජයට

දිනයක අවසානය