ගෙවුනු දවස මාර්තු 06 – ශෙහාන් ජයසූරියගෙන් අර්ධ ශතකයක්

159

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

තුන්වැනි තරගයත් ශ්‍රී ලංකාවට

pic 1ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම පිට පිටම පරාජය කරමින් තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියේ ජයග්‍රහණය භුක්ති විඳීමට ඊයේ (06) ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. කුරුණෑගල දී පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශෙහාන් ජයසූරිය පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ දක්ෂතා අති විශිෂ්ට මට්ටමක විය.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 40.2): බෙල් ඩ්‍රමෝන්ඩ් 51, බෙන් ඩකට් 31, කීතන් ජෙනින්ග්ස් 22, ටොම් අස්ලොත් 15, ජෝ ක්ලාර්ක් 13, ශෙහාන් ජයසූරිය 5/35, අමිල අපොන්සු 2/28, ජෙෆ්රි වැන්ඩර්සේ 2/38.

ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 6ක් දැවී ලකුණු 187 (පන්දුවාර 37): ශෙහාන් ජයසූරිය 83, කිත්රුවන් විතානගේ 44*, කුසල් පෙරේරා 26, සදීර සමරවික්‍රම 18, ලියාම් ලිවින්ග්ස්ටන් 2/39, ඔලී රේනර් 2/51.

සම්පූර්ණ වාර්තාව: ශෙහාන් ජයසූරියගේ තනි දක්ෂතා තරග ජයග්‍රහණයකට පාර කියයි


පානදුර රාජකීයයට තියුණු ජයක්

pic 2ඊයේ (6) අවසන් වූ තරග වලින් පානදුර රාජකීය විද්‍යාලය ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙද්දී, රිච්මන්ඩ් විද්‍යාලය අවසන් 4 තුළ තම ස්ථානය රැක ගනිමින් ඉදිරියටම යාමට සමත් විය.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 154 (65.4): නිලාන් ප්‍රනාන්දු 61, ප්‍රශාන් සිල්වා 31, ශෙහාන් ජීවන්ත 5/25, රශාන් කවිශ්ක 4/43

මොරටු විද්‍යාලය පළමු ඉනිම – 202/08 dec (58): නිශාන් මදුසංක 103, නදිත් මිශේන්ද්‍ර 40, මදුෂාන් ප්‍රනාන්දු 40, එරන් හංසමාල් 4/78, ඉමල්ක ප්‍රභාෂ්වර 2/18

රාජකීය විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 134 (44.5): නිලාන් ප්‍රනාන්දු 71, රශාන් ප්‍රනාන්දු 5/46, ජීවන්ත ප්‍රනාන්දු 3/27, නදිත් මිශේන්ද්‍ර 2/18

මොරටු විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 83 (27.2): නිශාන් මදුශික 28, එරන් හංසමාල් 5/43, බනුර ප්‍රසන්ජිත් 4/18

ත්‍රිත්ව විද්‍යාලය – සියල්ලන්ම දැවී 214 (45.5): හසින්ත ජයසූරිය 86, හසිත බෝයගොඩ 23, දමිත සිල්වා 3/25, කවින් බණ්ඩාර 3/32

මලියදේව විද්‍යාලය – 215/4 (33.1): දුලාජ් රණතුංග 86, ඩිල්ශාන් කොල්ලුරේ 46

සම්පූර්ණ වාර්තාව: රිච්මන්ඩ් විද්‍යාලය අවසන් 4ට; රාජකීයට තියුණු ජයක්

දිනයක අවසානය